ජීවිතයේ අමුතු සිද්ධියක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ල මට ජීවිත කාලය තුල වෙච්ච අමුතු සිද්ධියක් ගැන දාන්න යන්නේ. සමහර විට ඔයාලට මෙහෙම අද්දැකීම් ඇති..

    කියවලා බලල ඉන්නකෝ. මම මට දැනෙන විදියට ලියන්නම්.. පැහැදිලි නැතිවගේ නම් කමෙන්ට් එකක් දාල අහන්න.. මුලින් සිදුවීම් ටික කියන්නම්.

    01. මම ඉස්කෝලේ 6 වසරේ ඉන්නකොට මගේ පන්තියට අල්ලපු පන්තියක ළමයෙකුගෙ ඉස්සරහ දතක් කැඩුනා වැටිල හරි මොකක් හරි වෙලා. එයාව පස්සේ දැක්කම දත කැඩිලා ඉන්නවා, වචන වලින් කියනවා නම්, මට එයා ගැන අනුකම්පා වගේ හැගීමක් ආවා. ඒ කියන්නෙ මට නම් එහෙම වෙලා නෑනේ එයා පව් වගේ හැගීමක්.... ඊට ටික කාලයකට පස්සේ ඒ විදිහට ඉස්සරහ දතක් මගෙත් කැඩුනා සෙල්ලම් කරන්න ගිහින්.. මටත් යාලුවට උන අත්දැකීම ලබන්න උනා.

    2. මගේ හිටිය ගෑණු ළමයගෙ ගෙවල් ගාව හිටිය පිරිමි ළමයෙක් බයික් එකක යන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා නැති උනා. ඒ ළමයගෙ මල ගෙදර අම්මල තාත්තලා සහ එයාගේ ගෑණු ළමයා අඩනවා මම fb වීඩියෝ එකක දැක්කා. ඒ සිද්ධිය ගැන මමයි ඒ වෙනකොට මගේ ගෑණු ළමයයි කතා කරද්දි මට අර කලින් සිද්ධිය වගේ, මැරුණ ළමයා ගැනයි අර දුක්වෙන ගෑණු ලමයා ගැනයි කලින් සිද්ධියෙ දැනුනා වගේ වෙන වෙලාවල නොදැනෙන අනුකම්පාව සහ එහෙම මට වෙලා නෑනේ කියන වගේ හැගීම ආවා. මම මගේ ගෑණු ළමයටත් ඒ ගැන කිව්වා. ටික කාලයක් ගිහින් අපේ සම්බණ්ධය නැවතුනා හේතු වගයක් නිසා. ඒත් අපි දෙන්නා හොදම යාලුවො. ආදරය කලිනුත් හොදම යාලුවො. අවාසනාවකට එයා ටික කාලයකට පස්සේ අනතුරක් වෙලා නැති උනා. මටත් කලින් සිද්ධිය අයට වගේ දුක්වෙලා ලොකු කලකිරීමක් ඇති උනා. දැනටත් හිතට ගොඩක් දුකයි මතක් වෙද්දි...

    3. අපේ ගමේ බලු පැටව් ඔපරේෂන් කරන වැඩසටහනක් තිබිලා ඒකට මම මගේ දන්න කෙනෙක් ට උදව්වක් විදිහට එයාගෙ බලු පැටියා අරන් යන්න උදව් කරල එතන හිටිය. ආපු කෙනෙක් ගෙ ලස්සන බලු පැටියෙක් ඔපරේෂන් එකෙන් පහුවෙනිදා නැති වෙලා. මමත් එතන ඉන්නවා දැකපු නිසා එයා මගෙන් ඇහුවා මම අරන් එන්න උදව් උන බලු පැටියා හොදින් ද කියල. මම කිව්වා එයා හොදින් කියලා. මේ දැනටත් එයා හොදින් ඉන්නවා. එතකොට එයා මට ගොඩක් දුකෙන් කිව්ව එයාගේ බලු පැටියා නැති උනා කියල. ඒ උන විදිහ අඩ අඩ කිව්වා. මටත් එදත් කලින් වගේ අනුකම්පා වගේ හැගීමක් ආවා කලින් සිද්ධි වල වගේ මට එහෙම උනේ නෑ වගේ හැගීමක් එක්ක.
    මීට ටික දවසකට කලින් මම ගාව ගොඩක් ආදරෙන් හදපු බලු පැටියා ඔපරේෂන් එකක් කරල දවස් දෙකකට පස්සේ හිතා ගන්න බැරි විදිහට ජීවිතය නැති උනා. ඒ ගැන මම පෝස්ට් එකක් දැම්මත් එක්ක. මට ලොකුවට දුක හිතුන සිද්ධියක්.
    මටත් අර කලින් කෙනා හිටිය තත්වයට පත් වෙන්න උනා...

    මම බලු පැටියගෙ සිද්ධියෙන් පස්සෙ මට උන සිද්ධි ගැන කල්පනකලා දිගටම. නිකන් එකවගේ සම්බන්ධයන් වගේ පෙනුනා මට. හරියට කලින් ඉගියක් දෙනවා වගේ. ඒත් මෙහෙම අර අමුතු හැඟීම ඇවිත් තාම නොවුන සිද්ධිත් තියෙනවා.. ඒත් මට නිකන් හිතුන නිසා පෝස්ට් එකක් දාන්න හිතුවා..

    මට තවත් මේ වගේ අනුකම්පා වගේ හැගීමක් ආපු අවස්ථා දෙකක් තියනවා එක වගේ. ඒ මගේ පන්තියේ යාලුවෙක් ඒත් මෝටර් සයිකල් එකක් බීලා එලවලා හැප්පිලා නැති වෙලා, ඒ අම්මල අඩන දුක් වෙන එක දැකපු වෙලාව, අපේ ගමේ වයස අඩු මල්ලි කෙනෙක් නැති වෙලා ඒ දෙමව්පියන් දුක් උන සිද්ධි. එවලෙත් මට අර අනුකම්පාව එක්ක දුකක් දැනිල කලින් වගේ මට මෙහෙම වෙන එකක් නෑ වගේ හැගීමක් ආව එක..
    දිගින් දිගටම හිතද්දි මට හිතට බයක් දැනෙනවා අනාගත දවසක මගේ දරුවෙක්ට හරි කාට හරි එහෙම වෙලා මට ඒ තත්ත්වය පත්වෙන්න වෙයි ද කියලා. කලින් උන අත්දැකීම් මතක් වෙද්දි එහෙම හිතන්නේ.. අනේ මන්දා.
    සමහර විට ඔයාලට මම කියන දේ විකාරයක් වගේ ඇති. සමහර විට මම දිගටම මේ ගැන හිතුව නිසා මෙහෙම හිතුනද දන්නෙ නෑ...

    Law of attraction කියලා කියන දේ වගේ දෙයක් ගැන හිතන නිසා එහෙම වෙනවද දන්නෑ. අනේ මන්දා...
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය දේවල් අහඹු සිදුවීම් බන්. ඔය කියන විදිහට, කෙනෙක් දුක් වෙනවා දැක්කම ඒ දුක මම විදලා නෑ නේ කියලා හිතුවම උඹටත් ඒ දුක විදින්න ලැබෙනවා. හැබැයි එහෙම වුණු අවස්ථා ගාණට වැඩිය නොවිච්ච අවස්ථා ගාණ වැඩි ඇති. ඒ කිව්වේ, අනුන්ගේ දුක ගැන හිතලත් උඹට ඒ දුක අත් විදින්න නොලැබුණු අවස්ථා ගණන වැඩියි. අනික උඹට ඔය වෙලා තියෙන දේවල් ඕනිම කෙනෙක්ට වෙන්න පුළුවන් දේවල් නේ. අනාගතේ උඹේ දරුවෙක්ට අනතුරක් වෙන්නත් පුළුවන්. එදාටත් උඹ අද වගේ ම සිදුවීම ගලපයි. තුවාලයක් වුනත් පාරන තරමට වේදනාව වැඩියි. ඔය දේවල් වුනත් හිතන තරමට ප්‍රශ්න වැඩියි.
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    යකෝ මට පෙන විදිහට උඹ වටේ පිටේ ඉන්න හැමෝටම ෂොට් එක හම්බු වෙනවා වගේ. මට පෙන්නේ උඹේ මහා අවාසනාවන්ත ගතියක් තියෙනවා.
    මිනිෂ් ආශ්‍රයෙන් ඇත් වෙලා වන ගත වෙයන්.
     
    • Haha
    Reactions: dilw

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තමන්ගෙ හිතට තදින් කාවැදුන සිද්ධි ලගින් යන දෙයක් තමන්ට උනාම කලින් ඒවත් එක්ක ගලපගන්න හදන්නෙ. උඹ අම්බානක කේන්දර සාස්තර එහෙමත් විශ්වාස කරන කෙනෙක්ද?
     
    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    හිතනවා වැඩියි වගේ...යට් සිත මෙහෙයවනවා හොද හෝ නරක දෙවල් වලට..තදින් කාවැදුනාම..........මිනිස් හිතේ හාස්කම් පොත කියවපන්...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕක law of attraction නෙවෙයි මචන්, දැන් ඔතන වෙන්නේ උඹ සිද්දිය උනාට පස්සේ අනිත් පැත්තට ඒක එහෙම වෙන්න සාදක හොයන එක. ඒ කියන්නේ කෙල්ල මැරුණම උඹ හිතනවා "අර කොල්ලා හැප්පිලා මරුනෙත් මෙහෙම නේද?" කියලා. ඒ කියන්නේ උඹේ සාක්ෂිය ගැලපිලා එන්නේ ප්‍රතිපලය ආවට පස්සේ. law of attraction වල වෙන්නේ උඹට කලින් දැනෙනවා මෙහෙම වෙයි කියලා. ඊට පස්සේ ඒක වෙනවා. ගොඩක් උන් law of attraction වරද්දගන්න තැනක් ඕක.

    අපේ නැන්දලගේ ගෙදර මම ඉද්දි මාමගේ වාහනේට ගෙදර බල්ලා යට උනා. මොන්ටෙරෝ එකක් උඩින් ගියාම බල්ලෙක් ඉතුරු වෙන්නේ නෑනේ විනාඩි 5ක්වත් නෑ ඌ මැරුණා. නැන්දා අඩනවා ඌ අමුතු විදියට නැන්දා දිහා බලාගෙන් ඉඳලලු ඉස්සරහට ගියේ. වෙනදා එහෙම උනේ නෑලු. එහෙම නෙවෙයි, බල්ලා සාමාන්‍ය විදියට ඉස්සරහට ගියා, නැන්දාට ඌ මැරුණ හින්දා ඌ අමුතු විදියට හැසිරුනා වගේ හිතෙනවා.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    This is the truth
     
    • Like
    Reactions: asylum and NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    වෙන මොකක් වත් නෙවෙයි මචන්, උඹට විශාධිය තත්වයක ලක්ෂණ තියෙන්නේ. උඹ හිතනවා වැඩියි.

    සරලම විසඳුම තමයි, කල්පනා කර කර ඉන්න වෙලාව අඩු කරපන්. මොකක් හරි වැඩකට busy වෙයන් හැම වෙලේම. යාලුවෝ එක්ක, නෑදෑයෝ එක්ක, දෙමාපියෝ එක්ක ටිකක් වැඩියෙන් ආශ්‍රය කරපන්.

    වැදගත්ම දේ තමයි මචං, කෙල්ලෙක් සෙට් කරගනින්. ඔය තත්වය ඉක්මනට අඩු වෙලා යයි.
     
    • Like
    Reactions: castellain

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕක law of attraction නෙවෙයි මචන්, දැන් ඔතන වෙන්නේ උඹ සිද්දිය උනාට පස්සේ අනිත් පැත්තට ඒක එහෙම වෙන්න සාදක හොයන එක. ඒ කියන්නේ කෙල්ල මැරුණම උඹ හිතනවා "අර කොල්ලා හැප්පිලා මරුනෙත් මෙහෙම නේද?" කියලා. ඒ කියන්නේ උඹේ සාක්ෂිය ගැලපිලා එන්නේ ප්‍රතිපලය ආවට පස්සේ. law of attraction වල වෙන්නේ උඹට කලින් දැනෙනවා මෙහෙම වෙයි කියලා. ඊට පස්සේ ඒක වෙනවා. ගොඩක් උන් law of attraction වරද්දගන්න තැනක් ඕක.

    අපේ නැන්දලගේ ගෙදර මම ඉද්දි මාමගේ වාහනේට ගෙදර බල්ලා යට උනා. මොන්ටෙරෝ එකක් උඩින් ගියාම බල්ලෙක් ඉතුරු වෙන්නේ නෑනේ විනාඩි 5ක්වත් නෑ ඌ මැරුණා. නැන්දා අඩනවා ඌ අමුතු විදියට නැන්දා දිහා බලාගෙන් ඉඳලලු ඉස්සරහට ගියේ. වෙනදා එහෙම උනේ නෑලු. එහෙම නෙවෙයි, බල්ලා සාමාන්‍ය විදියට ඉස්සරහට ගියා, නැන්දාට ඌ මැරුණ හින්දා ඌ අමුතු විදියට හැසිරුනා වගේ හිතෙනවා.

    උඹේ MG එකක් නෙමයිද තියෙන්නෙ ?