මේකනම් පට්ටම බට්ටා කාලේ කරපු එකක්.අවුල මට නෙවේ බැංකු අයියෙක්ට.
කෘෂිකර්මයට වගා කරනවා නේ.ඉතින් මටත් නියෝගයක් ලැබුනා ගොම ගේන්න. ඉතින් ගොම හොයලා, වේලලා, කුඩු කරලා , දැලකින් හලාලා සුපිරියටම පැකින් පාරක් දුන්නා. රෙදි කඩේක බෑග් එකටත් දාගත්තා. ඔන්න උදේම ප්‍රයිවට් බස් එකකට නැග්ගා , සීටීබී එක ට කලින්. ටිකට් එක රු.4 (කි.මී.16) . ඒ කාලේ හරි ද? ලොල්
ඔන්න බස් එකට නැගලා ඇන්ටනාව කරකවලා බැලුවා,කිලෝ ගාණක සුපිරි ( ගොම) බාරදෙන්න. මේක ෆූසො බස් එකක් බෑග් දාන රැක් එක නෑ. අහින්සක සක අක්කා කෙනෙක් ගාව වාඩි වෙලා ඉන්න පැණි අයියා කෙනෙක් ඉන්නවා,ලාවට හිනා වෙලා. දෙන්නා කතාවක් නම් නෑ. මම පට්ට අහිංසක,බයාදු බැල්මක් එහෙම දාලා අක්කයි, අයියයි දෙන්නා දිහා බැලුවේ. අයියා සුදට ගහලා බ්‍රීෆ් කේස් එකක් තියාන හිටියේ. ඔන්න පැනලා දීලා ගොම කවරේ තියා ගත්තා බ්රීෆ උඩම. සුපිරියට පැකින් නිසා රෙදි පාර්සලයක් වගේ,බර තමයි අවුල. ඌ සැකෙන් වගේ බැලුවට මම නෙවේ ඌ දිහා බලන්නේ.
ගොම වල මොන පැකින් දැම්මත් ගඳ අරින්න පුලුවනෑ. අක්කාට වැඩේ මීටර් ,ගඳ ට සාරි පොටෙන් මූන වහගත්තා. අරූට මීටර් නෑ කියගන්කෝ.
ඌ වටේ බලනවා
.ජනේලෙ අරිනවා, වහනවා. ඒ ගමන් අක්කගෙ ඇඟේ අතත් වද්දනවා.
ටික ටික සෙන්ගත් වැඩි වුනා, මම පස්සට තල්ලු වෙලා ගියා.
බහිද්දී ටැංකි පාර දාලා, ඉස්සරහට යද්දි, බුද්ධාගම සර් ඉන්නවා. හයියෙන් අහනවා, "මොකද පුතේ හෙන උරේකුත් එල්ලගෙන " කියලා.
මටත් ගුරු ගෞරවට, හයියෙන්ම කියවුනා "ගොම ගේන්න කිවනේ" කියලා . බස් එකේම එවුන්ට හිනා,වැඩිපුර ම හිනා අර අක්කට. අර අයියා, නිල් වෙලා රතු වෙලා ගුටි කාපු එකෙක් වගේ මට රවනවා.
මම සීන් එකෙන් මාරු.
අර බස් එකට නම් ගොඩවුනේ නෑ ගොඩක් කල් යනකන්.
එක දවසක් ංංං බැංකුවට ඉස්කෝලෙන් එක්ක ගියා සිඟිති ගිණුම් විවෘත කරන්න. මෙන්න "ගොම බුවා" ඉන්නවා බැබලින්,බැබලි......මම මාරු වුනා මොන ගිණුම් ද ? අරූ මට ගෙදර ඇවිත් කෙලලා යයි.


everyday
බඩු ටික ගිහින් තියෙන්නෙ සාලෙම ටීවී එක ගාව.
ඊට පස්සෙ මූ වැල ඩීවීඩී එක හන්ගලා බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න.
ඉතින් මූ ගිහින් දොර ඇරලා බලද්දි අල්ලපු ගෙදර ඇන්ටි. ඇවිල්ල තියෙන්නෙ මූට දවල් කෑම අරගෙන.
ඇන්ටි කෑම පිගාන අරන් සාලෙ මැදින් යද්දි සුරුස් ගාලා ලිස්සල වැටිලා.
කෑම පිගාන කෑලී........ 


