ජීවිතයේ හොඳම සොයා ගැනීම මරණයයි - ස්ටීව් ජො#
ස්ටීවන් පෝල් ස්ටීව් ජොබ්ස්, ඇපල් සමාගමේ මුල් පුටුව ට පත්වීම ට හෝ ලෝකයේ දැවැන්තයෙක් වීමට පෙර බුදු දහම සොයා ඉන්දියාව ට ආවේය. ඔහුගේ මානසික ශක්තිය පුබුදු කළ, ඔහු ව ඇහැරවූ සහ ජීවිතයේ අනිත්‍යය ඔහු ට පහදා ලූ ආමන්ත්‍රණය වූයේ බුදු දහම යි.
එය ඔහුගේ අධ්‍යාත්මික චාරිකාව විය. මනස සුවපත් කළ ඔසුවක් ද විය. 1955 දී අමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි තමන් උපන්නේ විවාපත් නොවූ විශ්වවිද්‍යාල සිසුවකු ට හා සිසුවියක ට දාව බව ස්ටීව් ට කිසිදා අමතක කළ හැකි නොවී ය. ස්ටීව් ඉපදීමත් සමඟම මවුපියෝ සිය පුතු නිසැකව ම උසස් අධ්‍යාපනය සඳහා යොමු කරවන බවට ලිඛිත පොරොන්දුවක් ලබාගෙන ස්ටීව්ව, පෝල් ජොබ්ස් හා ක්ලාරා ජොබ්ස් යුවළ ට භාර කළහ. එම හදාගත් මවුපියෝ ස්ටීව් ව ඔරිගන් ප්‍රාන්තයේ පිහිටා තිබූ රීඩ් විද්‍යාලය නමැති මිල අධික කලා පාසල ට ඇතුළත් කළහ. එහෙත් පලක් නොවිණි. ඔහු සියල්ල හැර දමා ගියේ ය. ස්ටීව් සන්න්‍යාසියකු වී යැයි ආරංචි පැතිරුණේ ය.
ඒ 1973 වසරයි. ස්ටීව් ගොස් තිබුණේ ඉන්දියාව ට ය. ජීවිතයෙන් ඔහු සෙව්වේ සැනසීම හෝ නිවීම යි. ඩැනියෙල් කෝටෙක්, ස්ටීව් ජොබ්ස් ගේ සමීප පාසල් මිතුරෙකි. පසුකාලීන ව ඔහු ඇපල් සමාගමේ ද සේවය කෙළේ ය. ඉන්දියා ගමනින් පසු ස්ටීව් තුළ ඇති ව තිබූ වෙනස ඔහු මෙසේ විස්තර කරයි. “ආපසු එනකොට ස්ටීව් වෙනස් ම පුද්ගලයෙක්. ඔහු සපත්තු දැම්මේ නෑ. හිස මුඩුකර තිබුණා. සම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමකින් සැරසිලා හිටියා.”
ඒ ‘වෙනස් ස්ටීව්’ බොහෝ සෙයින් තැන්පත් අයෙක් විය. මුනිවත රැකීම ට පි‍්‍රය කළ අයෙක් විය. ස්ටීව් නිතර ම කයින්චි ආශ්‍රමයේ පිහිටා තිබූ නීම් කරෝලි බාබා මුණ ගැසීම ට ගියේය. බාබා හනුමාන් ඇදහූවෙකි.
එහෙත්, ස්ටීව් ඉන්දියාවෙන් රැගෙන ආ දෙය ඉක්මනින් ම හෙළි විය. කැලිෆෝනියාව ට පැමිණ සිටියේ සන්න්‍යාසියෙක් නොව බෞද්්ධයෙකි. අසූව දසකයේදී නැවත වරක් ඉන්දියාව ට ගිය ඔහු ආපසු ආවේ ටිබෙට් බෞද්ධ මිතුරන් රැසක් පිරිවරාගෙන ය. ඔහු ඔවුන් සමඟ ධර්ම සාකච්ඡාවල පවා යෙදුණේය.
එයින් වසර බොහෝ ගණනක ට පසුව, ඇපල් අයි ෆෝන්, අයි පෑඩ්, අයි පොඩ් සහ අයි ටියුන්ස් හඳුන්වා දෙමින් මේ මිනිසා සියවසේ තාක්ෂණික විප්ලවය සිදු කෙළේය. ඔහුගේ තාක්ෂණයේ මෙන් ම තාක්ෂණික උපාංගවලද පදනම වූයේ බුදු දහමේ අනුදක්නා ජීවිතයේ තිබිය යුතු සරල කමයි. ස්ටීව් ජොබ්ස් තාක්ෂණය ඔස්සේ ජීවිතය සරල කෙළේය. සියල්ල වෙනස් වන බව මනාව අවබෝධ කර ගෙන සිටි ඔහු, කිසිවකට අනවශ්‍ය ලෙස ඇලී ගැලී සිටියේ නැත.
ඇපල් කාර්යාලයේ වැඩිකල් යන්නට මත්තෙන් සිටියේ තමන්ගේ ම ඇතුළු හද සමඟ කතාබස් කරනා වඩා මෘදු ස්ටීව් කෙනෙකි. ඔහු ඉතා සරල ඇඳුමක් වූ ඩෙනිම් නිල් කලිසම ට මාරුවිය. මියන තෙක්ම ස්ටීව් ජොබ්ස් නමැති මිනිසා අනන්‍ය ලකුණක් ලෙස මේ ඇඳුම සැලකුණේ ය.
“මං හිතන විදිහ මට තවම හරියට පැහැදිලි නෑ” යැයි ඇපල් කාර්යාලයේ දී ස්ටීව් ජොබ්ස් විටෙක සිය සගයන් සමඟ කීය. විටෙක ස්ටීව් ඇපල් කාර්යාලය ට පැමිණියේ ද නිරුවත් දෙපාවලිනි.
“ස්ටීව් ජොබ්ස් උදේ සවස බුදුන් වැඳි ප්‍රායෝගික බෞද්ධයෙක් යැයි මම කියන්නේ නැහැ” ස්ටීව් සමඟ ළඟින් ඇසුරු කළ කොළොම්බියා සරසවියේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය රොබට් ටෲමන් කියයි.” එහෙත් ඔහු ඉතා ම නිර්මාණශීලී රාමුව ට පිටින් සිතන කෙනෙක්. සෙන් බුදු දහමේ දර්ශනයත් පෙරදිගට උරුම මානසික සංවර කමත් ඔහු තුළ තිබුණා.”
ටිබෙට් බුදු දහම වැළඳගෙන සිටි හොලිවුඩ් නළු රිචඩ් ගියර් ද විටෙක ස්ටීව් සමඟ දැකිය හැකි විය. ස්ටීව් බොහෝවිට ටිබෙටය ගැන කතා කෙළේ ය. බුදුන් උපන් රට ගැන ද හිමාලය ගැන ද ඔහු ට කිසිදා අමතක කළ හැකි නොවීය.
ඇපල් සමාගමේ වඩාත් ම අමතක නොවන වෙළෙඳ ප්‍රචාරණ ව්‍යාපෘතියක් වූ ‘තින්ක් ඩිෆරන්ට්’ හෙවත් ‘වෙනස් ලෙස සිතන්න’ සඳහා ස්ටීව්, ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ හට ඇරැයුම් කෙළේ ය. සැන්ෆ්‍රැන්සිස්කෝ සෙන් බෞද්ධ මධ්‍යස්්ථානය ස්ටීව්ගේ කළණ මිතුරන් ගැවසුණු තැනක් විය. ස්ටීව්, හොඳ බීට්ල්ස් රසිකයෙක් ද විය. ඒ වනවිට බීට්ල්ස් කණ්ඩායම ද අධ්‍යාත්මයේ දෝංකාරය ට අවනත ව ඉන්දියාවේ චාරිකාවක නියැළී තිබිණි.
ජීවිතයේ හොඳම සොයා ගැනීම මරණයයි
ස්ටීව් ජොබ්ස්