ජීවිතය දෙස ආපසු හැරී බැලීම... A story of a youth...

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    ප්‍රතිචාර නොලැබීම නිසා කථාව ලිවීම තාවකාලිකව නවතා දමන ලදි.:dull::dull::dull: කිසිවකු කියවන්නේ නැත්නම් ලිවීමේද තේරුමක් නැත.:no::no:

    machan math me thread eka dan tamai dekke .. patta digatama liyagena yanna ...
    hebei tika tika danne nethuwa .. ekasereta time eka aran uba liyala copy karagena tiyagenawath indala .. elakiriye eka sereta tikak wedipura post karanna ..

    mokada aththatama interesting kathawa .. tika tika kiyawanna giyama epa wenawa .. ekai ...

    keep it up ,.... :yes:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    machan math me thread eka dan tamai dekke .. patta digatama liyagena yanna ...
    hebei tika tika danne nethuwa .. ekasereta time eka aran uba liyala copy karagena tiyagenawath indala .. elakiriye eka sereta tikak wedipura post karanna ..

    mokada aththatama interesting kathawa .. tika tika kiyawanna giyama epa wenawa .. ekai ...

    keep it up ,.... :yes:

    අදහසට ස්තුතියි මචන්. මම එහෙම කරන්න උත්සාහ කරන්නම්. Campus එකේ වැඩත් එක්ක balance කරගෙන ලියන්නත් ඕනෙ මචන් ඒකයි එකපාරට ගොඩක් දාගන්න අමාරු. :)
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    අදහසට ස්තුතියි මචන්. මම එහෙම කරන්න උත්සාහ කරන්නම්. Campus එකේ වැඩත් එක්ක balance කරගෙන ලියන්නත් ඕනෙ මචන් ඒකයි එකපාරට ගොඩක් දාගන්න අමාරු. :)

    ela machan ... kohoma unath digatama liyapan ... :yes:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Part 5

    එරන්දි

    එරන්දිට පෙම්වතෙකු නොසිටි බව මධුෂාන් තහවුරු කරගත් බැවින් ඇය පිළිබඳ බලාපොරොත්තු තව තවත් වැඩි විය. ඇය පිළිබඳව මධුෂාන් තොරතුරු ලබාගත්තේ විද්‍යාව පන්තියේදී නැවත මුණගැසුණු කලින් පාසලේ මිතුරෙකුගෙනි. ඔහුද ඉතා අපූරු චරිතයකි. ඔහුගේ එකම බලාපොරොත්තුව කෙදිනක හෝ ගුවන් නියමුවකු වීමටයි. පන්තියට පැමිණි මොහොතේ පටන් තොරතෝන්චියක් නැතිව ගුවන් යානා හා ඒ සම්බන්ද දේවල් කියවීම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. මේ නිසා ඔහුට 'පයිලට්' යන අන්වර්ත නාමය ද පටබැඳී තිබුණි.

    දින සති ගණන් ගත වූවද එරන්දි දෙස බලා සිටිනු හැර ඇය සමඟ වචනයක් හෝ කතා කිරීමට මධුෂාන්ට හැකි වූයේ නැත.සෑම දිනකම පන්තියට යාමට පෙර ඇය සමඟ කතා කිරීමට අදිටන් කරගෙන සිටියද ඇය දුටු පමණින් ඒ සියලු දෛර්‍ය නැතිවී යයි. නමුත් මේ වන විට මධුෂාන් තමන්ට කැමැත්තෙන් සිටින බව එරන්දිගේ කනටද වැටී තිබුණි. මධුෂාන් ඇය දෙස නිතර බලා සිටින බවත් ඔහු ඇයට කැමත්තෙන් සිටිනවා විය හැකි බවත් ඇගේ මිතුරිය විසින් ඇයට පවසා ඇත. එවිට එරන්දිගේ ප්‍රතිචාරය වී තිබුණේ සිනහවක් පමණි. පයිලට්ගේ මාර්ගයෙන් මේ තොරතුර දැනගත් මධුෂාන් සිහින ලොවක අතරමන් විය. වෙනදා මෙන් නොව එරන්දි ද තමා දෙස නිතර බලන බව මධුෂාන්ට නිරීක්ෂණය විය. එහෙත් ඇය සමඟ කතා කිරීමට තරම් ඔහුගේ සිත ශක්තිමත් වූයේ නැත.

    මේ අතර පන්තියේ අවසාන දින කිහිපයද ලඟා වෙමින් තිබුණි. තවමත් මධුෂාන් බියගුල්ලකු සේ ඔහුගේ හැඟීම් සඟවා ගෙන සිටියේය. එරන්දි ඔහු කතා කරන තෙක් බලාපොරොත්තුවෙන් සිටින බවක් මධුෂාන්ට හැඟෙන්නට විය. නමුත් ඇයත් සමඟ කතා කිරීමට තිබූ බිය නිසා අවසාන තුරුම්පුව ලෙස ඇයට හසුනක් දීමට මධුෂාන් තීරණය කළේය. මධුෂාන් කෙදිනක වත් පෙම් හසුන් ලියා නොමැත. එය කෙසේ ලියම්දෝයි සිතමින් ඔහු දින ගනන් කල්පනා කළේ සාමාන්‍ය පෙළට පාඩම් කිරීම පසෙකළාය. මේ අතර ඔහුට අපූරු අදහසක් කල්පනා විය.

    මධුෂාන්ගේ අයියා පෙම් සබඳතා පිළිබඳව අත්දැකීම් බහුල පුද්ගලයෙකි. අයියා සාමන්‍ය පෙළ නිම වී නිවසේ සිටින කාලයේ අයියාගේත් පෙම්වතියගේත් පණිවුඩ හුවමාරු කරුවා වූයේ මධුෂාන්ය. එමෙන්ම අයියාගේ පෙම් පළහිලවු බොහෝමයක්ම මධුෂාන් දැන සිටියේය. මේ නිසා තමාගේ ප්‍රේමය වෙනුවෙන් අත්දැකීම් බහුල අයියාගේ සහය ලබාගැනීමට මධුෂාන් සිතුවේය. මධුෂාන්ට උවමනා කළේ අයියාට කියා පෙම් හසුනක් ලියවා ගැනීමටය. නමුත් විභාගය කට ලඟටම පැමිණ තිබියදී මෙය අයියාට කියන්නට ගියොත් හොඳ බැනුමක් අසා ගැනීමට සිදුවන බව දන්නා නිසා මධුෂාන් තම මිතුරා වූ මිරාන්ව පාවා දී වැඩේ කරගත්තේය.මිරාන් ද විද්‍යාව පන්තියට පැමිණ සිටි බැවින් ඔහු එරන්දි පිළිබඳව දැන සිටියේය. එබැවින් මධුෂාන්ගේ අදහසට ඔහු විරුද්ධත්වයක් නොදැක්වූයේය.

    මිරාන්ට යැයි පවසා අයියාට කියා ලියවාගත් පෙම් හසුන ඉතා අනර්ඝ එකක් විය. එය කියවන ඕනෑම කෙල්ලෙක් හසුන ලබාදෙන කොල්ලාට කිසිදා අකමැති නොවන අයුරින් ලියා තිබුණි. මධුෂාන් එම ලිපිය තමාට ගැළපෙන අයුරින් සකස් කරගෙන නැවත් පන්ති යා යුතු දිනය එළඹෙන තුරු ඇඟිලි ගනිමින් බලා සිටියේය.

    ලිපිය අතැතිව පන්තියට ගිය ප්‍රථම දිනයේ මධුෂාන්ගේ බලාපොරොත්තු සුන් කරමින් එරන්දි පන්තියට නොපැමිණියාය.ඊට පසු දිනයේ මධුෂාන් නොපැමිණියේය. ඒ ඔහුගේ ගෙලෙහි කුඩා ශල්‍යකර්මයක් කිරීම සඳහා රෝහල්ගත කර තිබූ බැවිනි. ඊට පසු දින පන්තියට පැමිණෙද්දී මධුෂාන් ලිපිය රැගෙන ආවේද නැත. ඒ ගෙලෙහි පැලැස්තර ඔතාගෙන එරන්දි ඉදිරියට යාමට ඔහු තුල වූ ලැජ්ජාව නිසාවෙණි. මේ සියලු බාධක හමුවේ මධුෂාන් නැවතත් අසාර්ථක විය. පන්තියේ අවසාන දිනය වන තෙක්ම ලිපිය ඔහුගේ පසුම්බියට පමණක් සීමා විය.


    Go to Part 4

    Part 6 Coming soon...
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මෙය සම්පූර්ණ කිරීමට අමතක වී නොමැත. පළමු කොටසේදී කී ලෙස අනිවාර්යයෙන්ම මෙය සම්පූර්ණ කරමි.අධ්‍යාපන කටයුතු නිසා කතාව සම්පූර්ණ කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳ මාගේ කණගාටුව.