ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය

Apr 8, 2011
569
117
0
හෙළදිව
ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය

[FONT=&quot]පංචවිධ අනිමිත්ත ධර්ම[/FONT]

[FONT=&quot]ජීවිතය පවතින ආකාරය ගැන[/FONT][FONT=&quot]කිසිවකුටවත්[/FONT][FONT=&quot]ස්ථිර නිගමනයකට එළඹිය[/FONT][FONT=&quot]නො හැකිය. මෙලොව උපත[/FONT][FONT=&quot]ලද හැම දෙනාටම[/FONT][FONT=&quot]මුහුණපෑමට සිදුවන ප්‍රධාන[/FONT][FONT=&quot]කරුණු අටක් ඇත.[/FONT][FONT=&quot]එය අටලෝ දහමය.[/FONT]

[FONT=&quot]බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ[/FONT], [FONT=&quot]සියලු සත්ත්වයන්ගේ දෙලොව යහපත[/FONT] [FONT=&quot]සඳහාය. එසේම ලෝකය[/FONT], [FONT=&quot]සත්ත්වයා ජීවිතය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම[/FONT] [FONT=&quot]පිණිසය. සියලු කෙලෙසුන් නසා සසර සයුරෙන් එතෙරවීම පිණිසය. ඒ බව විශුද්ධි[/FONT] [FONT=&quot]මාර්ගය නම් ග්‍රන්ථයෙහි සඳහන් වන පංචවිධ අනිමිත්ත ධර්මයන්ගෙන් ද මනාව[/FONT] [FONT=&quot]පැහැදිලි වෙයි. එම ධර්ම කරුණු මෙසේ ය.[/FONT]


[FONT=&quot]ජීවිතය [/FONT]

[FONT=&quot]ජීවිතය පවතින ආකාරය ගැන කිසිවකුටවත් ස්ථිර නිගමනයකට එළඹිය නො හැකිය.[/FONT] [FONT=&quot]මෙලොව උපත ලද හැමදෙනාටම මුහුණපෑමට සිදුවන ප්‍රධාන කරුණු අටක් ඇත. එය[/FONT] [FONT=&quot]අටලෝ දහමය. එනම් [/FONT]‘
‘’[FONT=&quot]ලාභො අලාභො අයසො යසොච[/FONT]
[FONT=&quot]නින්දා පසංසාච සුඛංච දුක්ඛං[/FONT]’’

[FONT=&quot]යන මෙයින් කියැවෙන ආකාරයට සමහර අවස්ථා වලදී බොහෝ ලාභ ලැබේ. එම[/FONT] [FONT=&quot]අවස්ථාවේදී සතුටින් සැපෙන් සිටී. නමුත් එම ලාභ නැතිවී අලාභය ළඟාවූ විට[/FONT] [FONT=&quot]ජීවිතය ගත කරන්නට සිදුවන්නේ දුකසේ ය. එසේම[/FONT], [FONT=&quot]වරෙක යස ඉසුරින් පිරි ජීවිත[/FONT] [FONT=&quot]ගතකළ අපට තවත් වරෙක සියලු සැප සම්පත් වලින් පිරිහී ගිය යුගයක් උදාවනු[/FONT] [FONT=&quot]ඇත. එසේම පැසසුම් ලබමින්[/FONT], [FONT=&quot]සිනාමුසු මුහුණින් ජීවත් වූ අපට තවත් වරෙක[/FONT] [FONT=&quot]සිතට විඳ දරාගත නො හැකි තරමට හේතු ඇතිව හෝ නැතිව නින්දා අපහාස ලැබේ.[/FONT] [FONT=&quot]ඒවා විඳ දරාගත නො හැකිව දුක් සුසුම් හෙලමින්[/FONT], [FONT=&quot]හැඬූ කදුළින් ජීවත්වන්නට[/FONT] [FONT=&quot]ද සිදුවේ.[/FONT]
[FONT=&quot]එසේම ජීවිතයේ නියම ස්වභාවය වන අනිමිත්ත ධර්මතාවය නොදන්නා ඇතැම් අය[/FONT] [FONT=&quot]නින්දා අපහාස විඳ දරාගත නොහැකිව හඬා වැලපීමට ගමෙන් පළාතෙන් පිටවන්නට හෝ[/FONT] [FONT=&quot]වස පානය කිරීමෙන්[/FONT], [FONT=&quot]හෝ ගෙල වැළලා ගැනීමෙන් දුම්රියට පැනීමෙන් හෝ සිය[/FONT] [FONT=&quot]දිවි නසා ගැනීමට පෙළඹෙන අවස්ථා අසන්නට[/FONT], [FONT=&quot]දකින්නට ලැබේ. එමනිසා බුදුදහමේ[/FONT] [FONT=&quot]උගන්වන ජීවිතයේ අනිමිත්ත ස්වභාවය මනාව තේරුම්ගෙන ජීවිතය සාර්ථක කර[/FONT] [FONT=&quot]ගනිමු.[/FONT]

[FONT=&quot]එසේම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතිසුඛෝපභෝගී ජීවිත ගතකරමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රජසැප විඳිමින් සිටි ඇතැම් අයට මහ[/FONT][FONT=&quot]මග සිඟා කන තත්ත්වයට පත්වන්නට සිදුවේ. මේ අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන්ත දිළිඳු තත්ත්වයට[/FONT][FONT=&quot]ඇදවැටී සිටි ඇතැම් අය එයින්භ මිදී රජසැප විඳිනු පෙනේ. මෙම ස්වභාව[/FONT][FONT=&quot]ධර්මතාවය කිසිවකුටවත් වැළකිය නො හැකිය. එසේම ජීවිතය ගඟකට උපමා කර ඇත.[/FONT][FONT=&quot]ගඟ ගලන්න පටන් ගන්නේ ඉහළ තැනකින් ය. කුඩා දියවැල පහලට වැටුණු පසු පුංචි[/FONT][FONT=&quot]දොළක් වී පසුව ඇලක් වී ඔයක් වී ගඟක් වී මහමුහුදට ගලා බසී. එම ගමන[/FONT][FONT=&quot]අතිදුෂ්කරය. කඳු අතරින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගල්පර අතරින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙවල් ඉදිරියෙන් හෝ පසු පසින්[/FONT][FONT=&quot]ගලායන ගඟ ගස් ගල්වල හැපෙයි. ගඟ දෙපස ඉවුරුවල හැපෙයි. එහෙත් එම බාධාවලට[/FONT][FONT=&quot]ගඟ පසු නොබසියි. මහ මුහුද සොයා ඉදිරියටම ගලා යයි. අපගේ ජීවිතයේ[/FONT][FONT=&quot]ස්වභාවය ද එයයි.[/FONT]
[FONT=&quot]එසේම කරදර බාධක උරුමයි. ඇයි අප තවමත් ලතවන්නේ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන පඩිවදනින් පෙනෙන්නේ[/FONT][FONT=&quot]ද ජීවිතයේ ස්වභාවයයි. ජීවිතය වයසට යයි. එය ගැන නොසිතන ඇතැම් අය ජීවිත[/FONT][FONT=&quot]මදයෙන් මත් වී තම කායික ශක්තිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තරුණ ජවය ගැන ආඩම්බර වී ආගම දහමින් ඈත්[/FONT][FONT=&quot]වී විවිධ අපචාරවලට යොමු වෙයි. මේ අයගේ සිරුරු වැහැරී තරුණ ජවය පිරිහී[/FONT][FONT=&quot]ගිය පසු ගත වූ අතීතය ගැන සිහිවී මහළු වන්නට පෙර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුසල් දහම් හි[/FONT][FONT=&quot]යෙදෙන්නට නොහැකිවීම ගැන දුක්වෙයි. එමනිසා තරුණ අවිධියේ සිටම බුදුදහමට[/FONT][FONT=&quot]අනුව ජීවිතය හැඩ ගසා ගන්නට උත්සාහ ගනිමු. එය සසර දුකින් මිදීමට මගය.[/FONT]


[FONT=&quot]ව්‍යාධිය[/FONT]

[FONT=&quot]ලෙඩ වීම ද අනිමිත්ත ධර්මතාවයකි. මිනිස් ලොව පහළ වී සිටින හැමදෙනාම කවර[/FONT][FONT=&quot]හෝ ව්‍යාධියකින් පෙළෙයි. එය වැළැක්වීමට සමතෙකු මිහිපිට නැත. චක්ඛු රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කණ්හ රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුඛ රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දන්ත රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චර්ම රෝග ආදී වශයෙන් අට අනූවක් රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නව[/FONT][FONT=&quot]අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අතුරු ආන්තරාවන් මේ මිනිස් ලොව ඇත. තුන්[/FONT][FONT=&quot]දොසින් සකස්වුන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පස් කඳින් යුත් අපට මෙම ලෙඩ රෝගවලට අනිවාර්යයෙන්[/FONT][FONT=&quot]මුහුණදීමට සිදුවේ. එමනිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම ලෙඩරෝග වැළඳීමට බාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තරුණ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මධ්‍යම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුප්පත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොහොසත් ආදී වශයෙන් භේදයක් නැත. ව්‍යාධිය නමැති මෙම[/FONT][FONT=&quot]අනිමිත්ත ධර්මතාවය ගැන වැටහීමක් නැති ඇතැම් අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිරෝගීව සිටිනතාක් මට[/FONT][FONT=&quot]කවදාවත් ලෙඩ රෝග නොහැදේ. මම හැමදාම නිරෝගීයව සිටිමියි සිතා ඉතා සතුටින්[/FONT][FONT=&quot]කාලය ගෙවයි. එය ආරෝග්‍ය මදයයි. එයින් මත්වී ලෙඩ රෝගවලට භාජනය වී දුක්[/FONT][FONT=&quot]විඳින අය දෙස බලා උපහාසයට ලක්කරණ අයද අප සමාජයේ ඇත. එය මහා පාපයකි.[/FONT][FONT=&quot]තමන්ටම කර ගන්නා අපහාසයකි. ඔවුන්ටද කවදා හෝ කවර හෝ ව්‍යාධියක්[/FONT][FONT=&quot]වැළඳුනවිට ජීවිතය ගැන කලකිරී දුක් සුසුම් හෙළමින් මෙසේ කියයි.[/FONT]
[FONT=&quot]‘’[/FONT][FONT=&quot]මමනම් කිසි දවසක හිතුවෙ නෑ මට මෙතරම් බරපතළ රෝගයක් හැදෙයි කියා[/FONT][FONT=&quot]”. [/FONT][FONT=&quot]තමන් හමුවට එන අය සමග කියමින් දුක් වෙන ඇතැම් අය හමුවී ඇත. තම ශරීර[/FONT][FONT=&quot]ශක්තිය නිරෝගී භාවය ඇති කාලයේ එම ශක්තිය හැමදාම පවතියි යැයි සිතාගෙන[/FONT][FONT=&quot]මත්වතුරට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මස් මාළු වලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුම්පානයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාම මිථ්‍යාචාරයට ලොල් වී සිටි අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශරීර ශක්තිය පිරිහී මහළු වයසට ගිය විට තම තරුණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විය සිහිකර දුකට පත්[/FONT][FONT=&quot]වේ. එමනිසා අපගේ නිරෝගීභාවය ඇතිකළ ආගම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මය අනුව දාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාවනාවල[/FONT][FONT=&quot]යෙදී තම ජීවිතය සුචරිත භාවයට පත්කර ගැනීමට උත්සාහ ගත යුතුය. එසේ නැතිව[/FONT][FONT=&quot]ආරෝග්‍ය මදයෙන් මත් වී නොයෙකුත් දුසිරිත්වල හැසිරෙමින් සිටින කල[/FONT][FONT=&quot]හදිසියේම ව්‍යාධියකට ගොදුරු වුවහොත් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]අනේ! මගේ ඇඟේ පතේ සවි ශක්තිය[/FONT][FONT=&quot]ඇතිකළ පින්දහම් කර ගන්න බැරිවුණා යැයි[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියමින් දුක්වීමට සිදුවේ.[/FONT][FONT=&quot]එමනිසා [/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]අප්පමාදො අමතපදං[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන ධර්ම අවවාදය සිහියට ගෙන ව්‍යාධිය නමැති[/FONT][FONT=&quot]අනිමිත්ත ධර්මයට අසුවන්නට පෙර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල යෙදෙමු. එය[/FONT][FONT=&quot]දෙලොව සැපයට නිවණින් සැනසීමට හේතු වනු ඇත.


[/FONT]
 
  • Like
Reactions: akilar25
Apr 8, 2011
569
117
0
හෙළදිව
[FONT=&quot]කාලය[/FONT]

[FONT=&quot]මේ ලෝකයේ පහළ වී ඇති ජීව - අජීව සියලු වස්තූ[/FONT][FONT=&quot]න් අනිත්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම ධර්මතාවය[/FONT][FONT=&quot]පදනම් කරගෙන ඉපදුනු හැම සත්ත්වයෙක්මද කවර හෝ දිනයක වෙලාවක මරණයට පත්වේ.[/FONT][FONT=&quot]එමනිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාලය නමැති අනිමිත්ත ධර්මතාවයට අප හැම දෙනාම යටත් වේ. එහෙත්[/FONT][FONT=&quot]මරණය සිදුවන ස්ථානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිනය කාලය ස්ථිර වශයෙන් කියන සමතෙක් නැත. සමහර අය[/FONT][FONT=&quot]මව්කුසේ දී මරණයට පත්වේ. බිහිවන විට බිහිවී දින සති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වසර ගණන්ගත[/FONT][FONT=&quot]වී මරණයට පත්වේ. එසේම විවිධ ලෙඩ රෝග වැළදී හෝ කිසිදු බරපතළ රෝගයක්[/FONT][FONT=&quot]නැතිව මියයන අයද ඇත. මෝඩයාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පණ්ඩිතයාත් ධනවතාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුප්පතාත් යන හැම[/FONT][FONT=&quot]දෙනාම මරණයට පත්වීම වැළැක්වීම නොහැකිය. එමනිසා මරණයට වයසක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාලයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තැනක් නැතිබව අපි සිතට ගනිමු. එම අනිමිත්ත ධර්මතාවය අවබෝධ කර ගෙන[/FONT][FONT=&quot]ජීවත්වන විට මරණය ගැන දුකක් බියක් ඇති නොවේ. කාලය හෙවත් මරණය ගැන නූතන[/FONT][FONT=&quot]කවියන් තම කවි ඇසින් දැක ඇති අයුරු මෙසේ දැක්විය හැකිය.[/FONT]
[FONT=&quot]උදයෙන් රැය නැසේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]රැයින් උදය ද වැනසේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මරණය ගෙන මෙසේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]උපනි මිනිහා උපන් දවසේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]නොමැරීම සැපතයි[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]උපනොත් මරණ නියතයි[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ලොව හැම අනියතයි[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එයින් මරණයෙ උපත උපතයි[/FONT]

[FONT=&quot]මෙයින් පැවසෙන්නේ ද අප හැමගේම මරණය සිදුවන කාලය අවිනිශ්චිත බවය. එමනිසා[/FONT][FONT=&quot]ලෝවැඩ සඟරා කතුවරයා කියා ඇති පරිදි [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]අද අද එයි මරු පිංකර ගන්නේ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot]උපදේශනයට පරිදි සහ ධම්මපදයේ එන [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]අප්ප මාදො අමත පදං[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේගේ උපදේශයට අනුව යෝනිසෝමනසිකාරයෙන් යුතුව ප්‍රමාදනොවී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුසල්[/FONT][FONT=&quot]රැස්කර ගත යුතුය. එවිට මරණය කවදා කවර මොහොතක එළඹුණාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය සතුටින් භාර[/FONT][FONT=&quot]ගැනීමට අපට චිත්ත ධෛර්ය ඇතිවේ. නමුත් නොමැරෙනවුන් සේ ජීවත්වන අයද අප[/FONT][FONT=&quot]සමාජයේ සිටිය හැකිය. ඔවුන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෛරයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කටයුතු[/FONT][FONT=&quot]කරයි. උඬගුකමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අහංකාර කමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන් අයව හෙළා දකියි. අපහාස කරයි.[/FONT][FONT=&quot]මානසිකව වේදනා දෙයි.[/FONT]
[FONT=&quot]එසේම ඉඩමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැටට නියරට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාරට මුදලට අඬදබර කරගන්නට මිනීමරුවන් වන්නට[/FONT][FONT=&quot]නිතර සූදානම් වෙයි. මෙසේ ලෝභයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ද්වේෂයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෝහයෙන් ක්‍රියාකරන අය[/FONT][FONT=&quot]නොමැරෙනවුන් සේ අනන්ත ආසා පොදි බැඳගෙන ජීවත් වුවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරණය පැමිණිවිට[/FONT][FONT=&quot]භීතියට තැතිගැනීමට පත් වී දුකෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශෝකයෙන් මරණයට පත්වෙයි. එවැනි අයගේ්[/FONT][FONT=&quot]පරලොව ජීවිතයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අමිහිරිය. සතර අපායෙන් එකකට පත් වී අපමණ දුක්විඳියි.[/FONT][FONT=&quot]එමනිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෞද්ධයන් වන අපි නිති පන්සිල් පොහොය අටසිල් ආදී ආර්යකාන්ත[/FONT][FONT=&quot]සීලයක් ආරක්ෂා කරමින් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දසපින් කිරියාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දස[/FONT][FONT=&quot]කුසල් කරමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරණසති භාවනාව වඩමින් ජීවිතය යහ මගට යොමුකර ගනිමු. එවිට[/FONT][FONT=&quot]දෙලොව ජයගත හැකිය. සෝවාන් ආදී මාර්ගඵල ලබා මරණයෙන්ද ජය ගත හැකිය.[/FONT]


[FONT=&quot]දේහය[/FONT]

[FONT=&quot]කෙදිනකදී හෝ කවර තැනකදී හෝ මරණයට පත්වෙන අපගේ මළ සිරුර මිහිදන් කරන[/FONT][FONT=&quot]ස්ථානය ස්ථිර වශයෙන් කාටවත් කිව නොහැකිය. එමනිසා අපගේ් මෘත දේහය ද[/FONT][FONT=&quot]අනිමිත්තය. නමුත් අපේ ඇතැම් අය තම මෘත දේහය අසවල් සුසාන භූ[/FONT][FONT=&quot]®[/FONT][FONT=&quot]මියේ වළ[/FONT][FONT=&quot]දැමීමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තැන්පත් කිරීමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසවල් ආදාහනාගාරයේ පුළුස්සා දැමීමට කියා ස්ථිර[/FONT][FONT=&quot]වශයෙන් නිගමනය කරගෙන එයට සූදානම් වන ආකාරයද පෙනෙන්නට තිබේ. ඔවුන් එසේ[/FONT][FONT=&quot]නිගමනයන්ට බැසගෙන සිටිය ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම තීරණ වෙනස්වන බව ඔවුන් නොදනිති.[/FONT]
[FONT=&quot]ශ්‍රී ලංකාවේ ඉපදී විදෙස් රටවල මැරෙන අයද ඇත. මෘත දේහය පිට රටවල ආදාහනය[/FONT][FONT=&quot]කරන අවස්ථා ද ඇත. පසුගිය වසර තිහ තුළ මේ රටේ තිබූ කොටි ත්‍රස්තවාදය[/FONT][FONT=&quot]නිසා මරණයට පත් වූ දහස් ගණනකගේ මෘත දේහයන් තබා ඇට කැබැල්ලකුදු සොයාගත[/FONT][FONT=&quot]නොහැකි වී ඇත. එසේ සිදුවන බව ඔවුන් කිසිදා නො සිතන්නට ඇත. එය ලෝක[/FONT][FONT=&quot]ධර්මතාවයයි. එසේම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ රටට උදාර සේවයක් කළ ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හා[/FONT][FONT=&quot]මැති ඇමැතිවරුන්ගේ දේහයන් ද ත්‍රස්තවාදීන් ගේ් මැර ප්‍රහාරවලින්[/FONT][FONT=&quot]කිසිවකු නො සිතු ලෙස විනාශ විය. එමනිසා දේහය පිළිබඳ අනිමිත්ත ධර්මතාවය[/FONT][FONT=&quot]ද අපි වටහා ගනිමු.[/FONT]
[FONT=&quot]දිනක් බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ මහමඟ වඩිනවිට මහළු බමුණකු මහ[/FONT][FONT=&quot]ගසක් මුල වළක් කපමින් සිටිනව දැක්කා. මේ පිළිබඳව බමුණාගෙන් නො විමසා[/FONT][FONT=&quot]බුදුරදුන් වැඩියහ. නැවතත් මාසයකට පමණ පසු එම මාර්ගයෙන්ම වඩින[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේට අර බමුණා එම ගසමුලම වළකපනව දැක්කාහ. එතනට වැඩිය[/FONT][FONT=&quot]බුදුරදුන් පින්වත් බමුණා! ඔබ කුමක් කරන්නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යි ඇසූහ. එවිට බමුණා මෙසේ[/FONT][FONT=&quot]පිළිතුරු දුන්නේ ය. භවත් ගෞතමයිනි! මම තමයි මේ ප්‍රදේශයේ සිටින පැරණිම[/FONT][FONT=&quot]බමුණා මගේ වයස අවුරුදු අසූවකි. මම ඉතාම උසස් බ්‍රාහ්මණ වංශයට අයිති[/FONT][FONT=&quot]කෙනෙකි. එමනිසා මගේ මරණයෙන් පසු මෘත දේහය කිසිම කෙනෙකු වල නොදැමූ තැනක[/FONT][FONT=&quot]තැන්පත් කිරීම සඳහා මෙම වළ මම කපන බව පැවසීය. එය ඇසූ බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේට සිනා පහළ විය. ස්වාමිනි සිනාවුනේ කුමක් නිසාදැයි ඇසීය. එවිට[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ පින්වත් බමුණ! මෙයට පෙර ඔබගේම මළ සිරුර මෙම ස්ථානයේම[/FONT][FONT=&quot] 999 ([/FONT][FONT=&quot]නවසිය අනූනව) වාරයක්ම වළ දමා ඇත. මේ [/FONT][FONT=&quot]1000 ([/FONT][FONT=&quot]දහස්වැනි වාරයයි)[/FONT][FONT=&quot]එමනිසා බමුණා ඔබගේ අදහස වැරදියි. එය සසරේ ස්වභාවයයි. මගේ මළ සිරුර[/FONT][FONT=&quot]අසවල් තැන වළ දමනවායයි ස්ථිරලෙස කාටවත් කිය නො හැකිය. එමනිසා දේහය[/FONT][FONT=&quot]පිළිබඳ අනිමිත්ත ධර්මතාවය වටහා ගනිමු.[/FONT]
 
Apr 8, 2011
569
117
0
හෙළදිව
[FONT=&quot]ගතිය[/FONT]

[FONT=&quot]බුදුදහමේ උගන්වන මෙම පංචවිධ අනිමිත්ත ධර්මතාවයන් ගැන අවබෝධය නැති අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරණයෙන් පසු මම උපදින්නේ අසවල් තැනයයි සිතමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කියමින් සිටින අයද ඇත.[/FONT][FONT=&quot]නමුත් කුසල් කළ අයෙකු හෝ අකුසල් කළ අයෙකු මරණයෙන් පසුව උපදින්නේ[/FONT][FONT=&quot]දෙව්ලොවද සතර අපායේද ආදී වශයෙන් ස්ථිරව කිව නොහැකිය. සමහර අය මැරෙන[/FONT][FONT=&quot]මොහොතේ ගිනිදැල්ල අන්ධකාරය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආදිය දැක බියට පත් වී අඬයි. කෑ ගසයි. එයට[/FONT][FONT=&quot]හේතුව මරණාසන්න අවස්ථාවේ සිතට පහළවන අකුසල් සිතිවිලිවල බලපෑමය.[/FONT]
[FONT=&quot]මෙයට හොඳම උදාහරණය චුන්දසූකරය. මරණාසන්න අවස්ථාවේ සමහර අය සිනාමුසු[/FONT][FONT=&quot]මුහුණින් සිටින බව අසා ඇත. එයට හේතුව කුසල් චේතනාවල බලපෑමය. මෙයට හොඳම[/FONT][FONT=&quot]උදාහරණය දුටුගැමුණු මහරජතුමාය.[/FONT]
[FONT=&quot]කිසිදු කුසල කර්මයක් කරගන්නට අවස්ථාවක් නොලද මට්ටකුණ්ඩලී කුමරා[/FONT][FONT=&quot]මරණාසන්න අවස්ථාවේදී ශාන්ති නායක බුදුරජාණන් වහන්සේගේ රූපය දුටු[/FONT][FONT=&quot]පමණින් උන්වහන්සේ කෙරෙහි ඇතිවූ ශ්‍රද්ධා චෛතසිකය මුල් වී මරණයට[/FONT][FONT=&quot]පත්වීමෙන් පසු ඔහුට ලැබුණ ගතිය දෙව්ලොවය.[/FONT]
[FONT=&quot]එම නිසා අප හැමගේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ගති[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ය ද සිදුවන ආකාරය ගැන ස්ථිර වශයෙන් කාටවත් කිව[/FONT][FONT=&quot]නො හැකිය. එමනිසා කරගත් කුසල කර්ම සහ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව[/FONT][FONT=&quot]නිතර මෙනෙහි කිරීමට පුරුදුවීමෙන් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපගේ මරණාසන්න අවස්ථාව පින්[/FONT][FONT=&quot]සිතිවිලි වලින් යුක්ත වූ විට අපගේ [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ගති[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නිමිත්ත යහපත් වේ. එවිට දෙවන[/FONT][FONT=&quot]භවයද යහපත් වේ.[/FONT]
[FONT=&quot]මේ අනුව විමසා බලනවිට අපට පැහැදිලිවන දෙයක්නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙම පංචවිධ අනිමිත්ත[/FONT][FONT=&quot]ධර්මවලින් බේරීම ඉතා අපහසු බවය. එමනිසා නිතරම කෙලෙස් ගිනිවලින් දැවෙන[/FONT][FONT=&quot]අන්ධකාර ජීවිතයකින් සිටින අපගේ ජීවිතය එළිය කරගන්නනම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මා ලෝකය ලංකර[/FONT][FONT=&quot]ගනිමු.[/FONT]
[FONT=&quot]කොතරම් කය ලස්සන වුවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධනය ආදී භෝග සම්පත් තිබුණත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දරුවන් ඥාතීන් ආදී[/FONT][FONT=&quot]පරිවාර සම්පත් තිබුණත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙම පංචවිධ අනිමිත්ත ධර්මවලින් බේරෙන්නට[/FONT][FONT=&quot]නොහැකිය. එමනිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිරුඑළියට වඩා සඳඑළියට වඩා වෙනත් එළිවලට වඩා සදහම්[/FONT][FONT=&quot]එළියෙන් අපගේ ජීවිත සදාකාලිකව එළිය කරණ බව වටහා ගනිමු.[/FONT]

[FONT=&quot]ගුරු උපදේශක[/FONT]
[FONT=&quot]අතාවුද සෝමරත්න[/FONT]