සතුට කියන එක සාපේක්ෂයි මචං. අනික් දේ මම නම් දකින්නේ උබ ඔය කරන්නේ උබ කැමති දේ නෙමේ. ලංකාවේ බහුතරයක්ම වෙන්නේ ඕක. තමන් ආස නැති ෆීල්ඩ් එකකට ගිහින් විදවනවා. තමන්ම කල්පනා කරල බලපං , උබ කොච්චර ඔය කිවත් ඔය කරන එක ආසාවෙන්ද කරන්නේ කියල?
ගොඩක් උන් software පැත්තට එන්නේ සැලරි එක ගැන හිතල. එහෙම නැත්නම් පොඩි කාලේදි කම්පියුටර් එකක් අතපතගාගන්න (සරල දේවල් පුලුවන් නිසා) පුලුවන් නිසා මේ ෆිල්ඩ් එක අවුලක් නෑ කියල හිතාගෙන.
මමත් ඔය ඉන්ඩස්ට්‍රි එකේමයි. දැන් අවුරුදු ගානක්. කිසි ම දවසක අවුලක් නම් හිතිලා නෑ කරන රස්සාව ගැන. රස්සාව කරපු තැන් ගැන(කම්පැනි) නම් සමහර වෙලාවට එපාවෙලා තියෙනවා, ඒත් රස්සාව ගැන එහෙම අවුලක් හිතිලම නෑ. පැය ගානක් කෝඩ් එකක් ගහගෙන ඉන්න පුලුවන්. වර්ක් ලයිෆ් බැලන්ස් නම් කිසි අවුලක් නෑ ..එහෙම අවුලක් තියෙයි නම් තමන් දැනගන්න ඕන මැනේජ් කරගන්න.

ඔය හිතන තරම් යූටියුබ් චැනල් එකපාර සල්ලි හම්බකරන්න බෑ බං.


මතක තියාගන්න මොකක් කළත් මහන්සි වෙන්න ඕන. එහෙම නැත්නම් උභට පරම්පරා ගානක බූදලයක් තියෙන්න ඕන. සිංහල උන්ට ලොකු ගානක් අතට එන්නත් ඕන , මහන්සි වෙන්නත් බෑ. ඕක තමයි ඇත්ත
ප්‍රයිවට් එවගේ මොකද්ද මචං අවුල? EPF/ETF කියල තියෙනව..දන්නවනේ. ජොබ් මාරු කරන්නේ මචං අපි නම් ඒක්ස්පිරියන්ස් එක හා සැලරි වගේ දේවල් නිසා. ෆැමිලි ලයිෆ් කිසිම අවුලක් නෑ. දන්නේ නැති නිසා අහන්නේ වැඩ කරන උන්ගේ ෆැමිලි ලයිෆ් අඩු වෙන්නේ කොහොමද? රජයේ රස්සා කරන ඔක්කොගෙම ෆැමිලි ලයිෆ් සුපිරිද?
මට නම් ආර්ථිකය අතින් මේ කරන රස්සාව ගොඩක් විටනවා. graduate වෙලා අවුරුදු 3 වගේ ඉදන් මට ඉලක්කම් 6 පඩියකට යන්න පුලුවන් උනා.(ලොකු ටෝක් එකකට කියනව නෙමේ).ඒත් රජයේ රස්සාවක එහෙම බෑනේ.
රජයේ රස්සාවක වැරදි කියනව නෙමේ , අපේ තාත්තත් රජයේ රස්සා කරපු අය. ලංකාවේ රජය රස්සාවල ලොකු අවුලක් තියෙනව මචං.