Athula Abeyrathna
මේ කතාව ලියැවුනේ මගේ මිත්‍රයෙකුගේ මරණය සිද්ධ වෙච්ච දිනයක.
ඒ කාලයේ හැටියට මොහු තරමක පොහොසතෙක්. ඉඩකඩම්, යානවාහන, තව තවත් දේපළ රාශියක් සමග හොඳ රැකියාවකුත් ඔහුට හිමිව තිබුණා. ඒ සේරම ඔහු බොහොම දුක් මහන්සියෙන් උපයා ගත් ඒවා. බැලූ බැල්මටම ඔහු බොහොම සැපවත් ජීවිතයක් ගත කරනවා කියා ඕනැ කෙනෙකුට පේනවා.
ඒත් ඔහුගේ හිතට නම් කිසිම සැනසිල්ලක් තිබිලා නැහැ. හැමදාම මොනවා හරි ගැටළුවක්. සේවක ප්‍රශ්ණ , කාර්‍යාලයේ ප්‍රශ්ණ, හොර හතුරු හානි, ගෙදර දොරේ ගැටළු, අසනීප මොනවා හරි දෙයක්.
රෑට හරියට නින්දක් නැහැ. වෙලාවකට කෑමක් බීමක් වැටෙන්නෙ නැහැ. ඒ හින්දා අසනීපත් මහ ගොඩක්. ඒවට බෙහෙත් ගන්නත් බර වියදමක්.
හිතේ කිසිම සැනසිල්ලක් නැති තැන එක දවසක් ඔහු කිසිදු අරමුණක් නැතුවම ගෙදරින් එළියට ගිහිල්ලා. දිගට දිගට ඇවිදගෙන යනකොට හවස් වෙලා. ඒ වෙලාවෙ ඔහු දැකලා සොහොන් පිටියක්.
ඔහු සොහොන් පිටියේ බැම්මක් උඩින් වාඩි වෙලා ආයෙත් කල්පනාවක්. ලොකු ලොකු සොහොන් කොත් රාශියකුත් පේනවාලු. එහෙම නැතිව නිකන්ම නිකන් මිනි වලවලුත් පේනවාලු. ලොකු සොහොන් කොත් වල තියෙන ගල් පුවරු වල සඳහන් වෙන්නේ ආදි කාලේ ඉඳන් මහා පොහොසතුන්, විද්වතුන්, ප්‍රසිද්ධ පුද්ගලයින් වගේ අයගේ නම්. අනෙක් වලවල් වල නම් ඒ වගේ කිසිම නමක් ගමක් ගැන සඳහනක් නැහැ.
එවෙලේ ඒ බැම්ම උඩින්ම ඉඳ ගත්න ඇවිත් තිබුණේ වයසක ඒත් ප්‍රසන්න පෙනුමැති පුද්ගලයෙක්. ඔහු පාන් කෑල්ලක් කෑවාලු කෙසෙල් ගෙඩියකුත් එක්ක. බෝතලේකින් වතුර ටිකකුත් බිව්වාලු. ඊට පස්සේ ඔහු කනත්ත මැද්දේ තියෙන කුඩා ශාලාවේ නිදා ගන්න ලෑස්තියලු. මගේ මිත්‍රයාට බොහොම දුකයි. ඔහුගේ පාවිච්චියට නොගන්නා කුඩා නිවාස කීපයක්ම තියෙනවා. ඒවා ඔහුට පිය උරුමයෙන් ලැබුණු ඒවා. මොහුට හිතුණලු මෙහෙම පාලු කනත්තක ඉන්නේ නැතුව ඒ පුද්ගලයාට ඒ ගෙදරක ඉන්න දෙන්න .
මගේ මිත්‍රයාගේ යෝජනාව අහගෙන ඉඳලා ඒ පුද්ගලයා මෙහෙම කිව්වාලු.
"මහත්තයා. අපි මේ ලෝකෙට ආවේ හිස් අතින්. අපි උපදිනකොට මිළ මුදල්, දේපළ වගේ කිසිම දෙයක් ගෙනාවේ නැහැ. ඒත් අපි මේ ලෝකෙට එනකොට හිතේ සැනසිල්ල ගෙනාවා. එතකොට දැනුනේ බඩගින්න විතරයි. බඩ පිරුණහම නැවතත් සැනසිල්ල ලැබුණා. ටිකෙන් ටික අපි වැඩෙන කොට බඩගින්නට වඩා එහා ගිය එක එක උවමනාවල් ආවා.
ඒත් ඒවා සම්පූර්ණ කර ගන්න යනකොට හිතේ සැනසිල්ල නැතිවුණා. කවදාහරි අපි මේ ලෝකෙන් ආපහු යනකොට ඒ උපයාගත්ත කිසිම දෙයක් අරගෙන යන්න ලැබෙන්නෙත් නැහැ. අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ අපි කරපු හොඳයි නරකයි විතරයි.
දැන් ඔය මහත්තයා හිස් අතින් ඇවිල්ලා මෙතැන ඉඳගෙන ඉන්න හන්දා බයක් නැතුව ඇවිල්ලා මගෙත් එක්කත් කතා කරනවා. ඒත් මහත්තයා අතේ වටිනා දෙයක් තිබ්බානම් එහෙම කතා කරන්න හම්බ වෙන්නේ නැහැනේ. එතකොට මං ගැන උනත් බලන්නෙ අවිස්වාශයෙන් . ඉතින් මට ඒ වගේ ලොකු බලාපොරෙත්තු වත්, මිළ මුදල් වත් නැති හින්දා මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ හන්දම බණක් භාවනාවක් කර ගන්නත් ඉවරයක් තියෙනවා. ඒ හන්දාම රෑ පුරාවටම හොඳ සැහැල්ලුවට නින්ද යනවා" කියලා.
මේ කතාව හොඳින් හිතට ගත්ත මගේ මිත්‍රයා ආපහු ඇවිල්ලා තිබුණේත් බොහොම හිතේ සැහැල්ලුවක් ඇති කරගෙන.
එවෙලේ ඉඳන් එයාගේ හිතට වදයක් වුණු සියළුම දේවල් අතහැර දමලා තිබුණා. ඔහුගේ යාන්ත්‍රික ඉංජිනේරු වෘත්තිය පවා අතහැරියා. ඉන්පස්සේ අප්‍රසිද්ධියේම මැද පෙරදිග රටකට ගිහිල්ලා ගෘහ රියැදුරෙක් හැටියට සේවය කළා. ඔහු එරටදී කලේ රියැදුරු රැකියාවක් කියලා ඔහුගේ පවුලේ අයවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් ඔහු බොහොම සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වුණා.
මොහුව මම අඳුණා ගත්තෙත් ඔහු ඔය දේවල් අතහැරලා බොහොම සැහැල්ලුවෙන් විදේශයක හිටපු කාලේ. ඒ කාලේ මමත් සංචාරක සමාගමක රියැදුරෙක් හැටියට සේවය කරනවා. එදා ඉඳන් ලංකාවට එන යන හැම වාරයකම ඔහු ගමන් බිමන් ගියේ මගෙත් එක්ක විතරයි. මුල්ම හමුවේ ඉඳන් අපි දෙන්නාත් හොඳ මිත්‍රයන් බවට පත් වුණා.
පහුගිය කාලේ ඔහු අසනීපයෙන් හිටියේ. ස්නායු ආබාධයක් හින්දා ඇස් පේන්නෙත් නැතුව ගියා.
ඒත් ඒ කාලෙත් ඔහු අපූරු සැහැල්ලුවකින් හිටියා.
ගෙදර විදුලිය විසන්ධි වුණු වෙලාවක අනික් අය ඉටිපන්දම් හොය හොයා මහා කලබලයක් කරන වෙලාවකත් ඔහුගේ අන්ධ වීම ඔහු ලද ප්‍රතිලාභයක් බව මගෙත් එක්ක කිව්වේ සිනහසෙමින්. ඔහු තමන්ගේ සසර ගමන පුරාම එම සැහැල්ලුවෙන් ම ගමන් ගන්නා බව නම් මට විස්වාශයි.
අද පාන්දර ඔහු මෙලොව හැර ගිහිල්ලා. අවුරුදු 52 ක් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් මැරෙන වයසක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒත් ඔහු එනකොට ගෙනා ආයුෂ ප්‍රමාණය තමයි ඒක. හිස් අතින් මේ ලෝකෙට ඇවිල්ලා හිස් අතින්ම මේ ලෝකේ අතහැරලා යන්න ගියා.
ඒත් මම ඔහුට නිවන් සුව පතන්නේ නැහැ. ඒ නිවන ලබා ගන්න ඕනෑ තමන්ම උත්සාහ කරලා නිසා.
ඉතින් ඔබට සුභ ගමන් මිත්‍රයා. මේ සංසාර ගමනෙදි අපි ආයේ ආයෙත් දිගින් දිගටම මුණ ගැසේවි....
මේ මම 18.07.2018 වැනිදා මුහුණුපොතට එක් කළ සටහනක්.
මම මුහුණුපොතට ලියන කතා කියවන හිතවත් දියණියක් මේ කතාව නැවත සොයා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණේ කමෙන්ටුවක් මගින්.
හැබෑවටම මගේ ජීවිතයත් සැහැල්ලුවෙන් ගෙවන්නේ මේ හිතවතාගේ ජීවිතය ගෙවූ ආකාරයටම තමයි. අපි දෙන්නා ගොඩක් සුහද වුණේත් ඒ හන්දම වෙන්න ඇති.
අපේ මරණය සිදුවෙන ආකාරය වගේම ඊළඟ උපත සිදුවෙන්නේ කොතැනද කියලා අපිට කියන්නට බැහැ. අද රාත්‍රියේ සැප පහසුකම් සහිත මැදුරක සුවපහසු සයනයක නින්දට ගියත්, ඒ නින්දෙන්ම මෙලොව හැරගිහින් බොහොම දුක්බර ආත්මයක උපත ලබන්නත් පුළුවන්. තරු හතේ හෝටලයකට ගිහිල්ලා මිලෙන් අධික රසවත්ම ආහාර වේලක් භුක්ති විඳලා ඒ හෝටලයේම සුව පහසු සයනයක නින්දට ගිහිල්ලා මියගිය කෙනෙකුගේ ඊළඟ භවය ඒ මෘත ශරීරයම ගිල දමන පිළිකුල් සහගත පණුවෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අද මහපාරේ නිදන දුගියා හෙට උදේ වෙනකොට රාජ කුමාරයෙක් හැටියට, දෙවි කෙනෙක් හැටියට උපත ලබන්නත් පූළුවන්.
ඒ හන්දා ජීවත්වෙලා ඉන්න ටික කාලෙදී මේ දේවල් අවබෝධ කරගෙන හිතේ සැහැල්ලුව ඇතිව ජීවත්වෙලා කිසිම දේකට නොඇලී ජීවත්වෙන්න උත්සාහ කරන එක තමයි අපි හැමෝටමත් වැදගත්. මොකද කිව්වොත් අපේ මරණයත් එක්ක අරගෙන යන්න වෙන්නේ අපි කළ හොඳ නරක විතරක්ම හන්දා.
නාසා ආයතනයෙන් මීට දශක කීපෙකට කලින් අභ්‍යාවකාශ ගතකරලා තියෙන වොයේජර් කියන යානය පෘථිවියට හැතපුම් බිලියන හතරක් ඈත ඉඳන් අපේ දිහා බලල අපේ සෙල්ෆියක් ගහල අපිට එවලා තියෙනවා "මෙන්න බලා ගනිල්ලා මට උඹල පෙනෙන හැටි...!" කියලා.
ඔය පහල තියෙන තුන්වැනි ඡායාරූපයේ රවුමක් ඇතුලේ පුංචිම තිත තමයි මේ මහා විසාලයි කියලා අපි හිතාගෙන කටයුතු කරන අපේ පෘථිවිය.
ඒකට කියන්නේ "සුදුමැළි නිල් තිත" (pale blue dot) කියලා. සමස්ත විශ්වය ඇතුලේ අපේ ලෝකය කොයි තරම් ඇබින්දන් අංශුවක් ද කියන එකත්, ඒ ලෝකය ඇතුලේ ඉන්න මම කොච්චරක් නම් පුංචි ක්ෂුද්‍ර ප්‍රාණියෙකුද කියන එකත් මේ ඡායාරූපය දිහා බලාපුවාම මට හිතෙනවා.
මේ ගැන "කාල් සේගන්" කියන විද්‍යාඥයා ලෝක ප්‍රසිද්ධ පොතක් ලියලත් තියෙනවා. ඒක නම් කරලා තියෙන්නෙත් "සුදුමැළි නිල් තිත" (Pale Blue Dot) කියලමයි. ඒ පොතේ ඔහු මෙහෙමත් කියලා තියෙනවා.
"සියළු කඳුළු සහ සියලු සිනහවන්, සියළු සාමාන්‍ය මිනිසුන් සහ සියළු ධන කුවේරයන්, සියළු කුමාරවරුන් සහ සියළු කුමාරිකාවන්, සියළු අම්මාවරුන් සහ සියළු පියවරුන්, උපදින්නට ඉන්න සියළු කිරිකැටියන්, ගලාගිය සියළු ලේ සහ සියළු ජලය, මහත් වෙහෙසින් ගොඩ නැගූ සියළු අධිරාජ්‍යයන්, සියළු සත්‍ය සහ සියළු අසත්‍යයන්, සියළු හොඳ සහ සියළු නරක පාලකයින්, පුපුරා ගිය සියළු ගිණි අවි සහ සියළු බෝම්බ, සියළු විද්‍යාවන් සහ සියළු ආගම්, සියළු දන්නා සහ සියළු නොදන්නා දේ යන සියල්ල තියෙන්නේ මේ පුංචි තිත තුළ.... දූවිලි වළාවක් අතර හැංගිලා තියෙන මේ දූවිලි අංශුව තුළ...."
ඒ දූවිලි අංශුව ඇතුලට විවිධ ස්වරූප වලින් අපිව එවලා තියෙන්නෙත් ඒ අංශුවේ පැවැත්මට අපෙන් විය යුතු මොනවා හෝ යහපත් දෙයක් කරවාගන්න.
අන්න ඒ ටික තේරුම් අරගෙන මේ ඉන්න පොඩි කාලෙදී මගෙන් කෙරෙන්න ඕනෑ යුතුකම් ඉටු කරන ගමන්ම සතුටෙන්, හිතේ සැහැල්ලුවෙන්, ධාර්මිකව ජීවත්වෙන්න උත්සාහ කරන එක තමයි මම කරන්නේත්.
#අතුල 14.10.2020