ජීවිතය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Athula Abeyrathna

    මේ කතාව ලියැවුනේ මගේ මිත්‍රයෙකුගේ මරණය සිද්ධ වෙච්ච දිනයක.

    ඒ කාලයේ හැටියට මොහු තරමක පොහොසතෙක්. ඉඩකඩම්, යානවාහන, තව තවත් දේපළ රාශියක් සමග හොඳ රැකියාවකුත් ඔහුට හිමිව තිබුණා. ඒ සේරම ඔහු බොහොම දුක් මහන්සියෙන් උපයා ගත් ඒවා. බැලූ බැල්මටම ඔහු බොහොම සැපවත් ජීවිතයක් ගත කරනවා කියා ඕනැ කෙනෙකුට පේනවා.
    ඒත් ඔහුගේ හිතට නම් කිසිම සැනසිල්ලක් තිබිලා නැහැ. හැමදාම මොනවා හරි ගැටළුවක්. සේවක ප්‍රශ්ණ , කාර්‍යාලයේ ප්‍රශ්ණ, හොර හතුරු හානි, ගෙදර දොරේ ගැටළු, අසනීප මොනවා හරි දෙයක්.
    රෑට හරියට නින්දක් නැහැ. වෙලාවකට කෑමක් බීමක් වැටෙන්නෙ නැහැ. ඒ හින්දා අසනීපත් මහ ගොඩක්. ඒවට බෙහෙත් ගන්නත් බර වියදමක්.

    හිතේ කිසිම සැනසිල්ලක් නැති තැන එක දවසක් ඔහු කිසිදු අරමුණක් නැතුවම ගෙදරින් එළියට ගිහිල්ලා. දිගට දිගට ඇවිදගෙන යනකොට හවස් වෙලා. ඒ වෙලාවෙ ඔහු දැකලා සොහොන් පිටියක්.
    ඔහු සොහොන් පිටියේ බැම්මක් උඩින් වාඩි වෙලා ආයෙත් කල්පනාවක්. ලොකු ලොකු සොහොන් කොත් රාශියකුත් පේනවාලු. එහෙම නැතිව නිකන්ම නිකන් මිනි වලවලුත් පේනවාලු. ලොකු සොහොන් කොත් වල තියෙන ගල් පුවරු වල සඳහන් වෙන්නේ ආදි කාලේ ඉඳන් මහා පොහොසතුන්, විද්වතුන්, ප්‍රසිද්ධ පුද්ගලයින් වගේ අයගේ නම්. අනෙක් වලවල් වල නම් ඒ වගේ කිසිම නමක් ගමක් ගැන සඳහනක් නැහැ.
    එවෙලේ ඒ බැම්ම උඩින්ම ඉඳ ගත්න ඇවිත් තිබුණේ වයසක ඒත් ප්‍රසන්න පෙනුමැති පුද්ගලයෙක්. ඔහු පාන් කෑල්ලක් කෑවාලු කෙසෙල් ගෙඩියකුත් එක්ක. බෝතලේකින් වතුර ටිකකුත් බිව්වාලු. ඊට පස්සේ ඔහු කනත්ත මැද්දේ තියෙන කුඩා ශාලාවේ නිදා ගන්න ලෑස්තියලු. මගේ මිත්‍රයාට බොහොම දුකයි. ඔහුගේ පාවිච්චියට නොගන්නා කුඩා නිවාස කීපයක්ම තියෙනවා. ඒවා ඔහුට පිය උරුමයෙන් ලැබුණු ඒවා. මොහුට හිතුණලු මෙහෙම පාලු කනත්තක ඉන්නේ නැතුව ඒ පුද්ගලයාට ඒ ගෙදරක ඉන්න දෙන්න .

    මගේ මිත්‍රයාගේ යෝජනාව අහගෙන ඉඳලා ඒ පුද්ගලයා මෙහෙම කිව්වාලු.
    "මහත්තයා. අපි මේ ලෝකෙට ආවේ හිස් අතින්. අපි උපදිනකොට මිළ මුදල්, දේපළ වගේ කිසිම දෙයක් ගෙනාවේ නැහැ. ඒත් අපි මේ ලෝකෙට එනකොට හිතේ සැනසිල්ල ගෙනාවා. එතකොට දැනුනේ බඩගින්න විතරයි. බඩ පිරුණහම නැවතත් සැනසිල්ල ලැබුණා. ටිකෙන් ටික අපි වැඩෙන කොට බඩගින්නට වඩා එහා ගිය එක එක උවමනාවල් ආවා.
    ඒත් ඒවා සම්පූර්ණ කර ගන්න යනකොට හිතේ සැනසිල්ල නැතිවුණා. කවදාහරි අපි මේ ලෝකෙන් ආපහු යනකොට ඒ උපයාගත්ත කිසිම දෙයක් අරගෙන යන්න ලැබෙන්නෙත් නැහැ. අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ අපි කරපු හොඳයි නරකයි විතරයි.

    දැන් ඔය මහත්තයා හිස් අතින් ඇවිල්ලා මෙතැන ඉඳගෙන ඉන්න හන්දා බයක් නැතුව ඇවිල්ලා මගෙත් එක්කත් කතා කරනවා. ඒත් මහත්තයා අතේ වටිනා දෙයක් තිබ්බානම් එහෙම කතා කරන්න හම්බ වෙන්නේ නැහැනේ. එතකොට මං ගැන උනත් බලන්නෙ අවිස්වාශයෙන් . ඉතින් මට ඒ වගේ ලොකු බලාපොරෙත්තු වත්, මිළ මුදල් වත් නැති හින්දා මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ හන්දම බණක් භාවනාවක් කර ගන්නත් ඉවරයක් තියෙනවා. ඒ හන්දාම රෑ පුරාවටම හොඳ සැහැල්ලුවට නින්ද යනවා" කියලා.

    මේ කතාව හොඳින් හිතට ගත්ත මගේ මිත්‍රයා ආපහු ඇවිල්ලා තිබුණේත් බොහොම හිතේ සැහැල්ලුවක් ඇති කරගෙන.
    එවෙලේ ඉඳන් එයාගේ හිතට වදයක් වුණු සියළුම දේවල් අතහැර දමලා තිබුණා. ඔහුගේ යාන්ත්‍රික ඉංජිනේරු වෘත්තිය පවා අතහැරියා. ඉන්පස්සේ අප්‍රසිද්ධියේම මැද පෙරදිග රටකට ගිහිල්ලා ගෘහ රියැදුරෙක් හැටියට සේවය කළා. ඔහු එරටදී කලේ රියැදුරු රැකියාවක් කියලා ඔහුගේ පවුලේ අයවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් ඔහු බොහොම සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වුණා.
    මොහුව මම අඳුණා ගත්තෙත් ඔහු ඔය දේවල් අතහැරලා බොහොම සැහැල්ලුවෙන් විදේශයක හිටපු කාලේ. ඒ කාලේ මමත් සංචාරක සමාගමක රියැදුරෙක් හැටියට සේවය කරනවා. එදා ඉඳන් ලංකාවට එන යන හැම වාරයකම ඔහු ගමන් බිමන් ගියේ මගෙත් එක්ක විතරයි. මුල්ම හමුවේ ඉඳන් අපි දෙන්නාත් හොඳ මිත්‍ර‍යන් බවට පත් වුණා.
    පහුගිය කාලේ ඔහු අසනීපයෙන් හිටියේ. ස්නායු ආබාධයක් හින්දා ඇස් පේන්නෙත් නැතුව ගියා.
    ඒත් ඒ කාලෙත් ඔහු අපූරු සැහැල්ලුවකින් හිටියා.
    ගෙදර විදුලිය විසන්ධි වුණු වෙලාවක අනික් අය ඉටිපන්දම් හොය හොයා මහා කලබලයක් කරන වෙලාවකත් ඔහුගේ අන්ධ වීම ඔහු ලද ප්‍රතිලාභයක් බව මගෙත් එක්ක කිව්වේ සිනහසෙමින්. ඔහු තමන්ගේ සසර ගමන පුරාම එම සැහැල්ලුවෙන් ම ගමන් ගන්නා බව නම් මට විස්වාශයි.
    අද පාන්දර ඔහු මෙලොව හැර ගිහිල්ලා. අවුරුදු 52 ක් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් මැරෙන වයසක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒත් ඔහු එනකොට ගෙනා ආයුෂ ප්‍රමාණය තමයි ඒක. හිස් අතින් මේ ලෝකෙට ඇවිල්ලා හිස් අතින්ම මේ ලෝකේ අතහැරලා යන්න ගියා.

    ඒත් මම ඔහුට නිවන් සුව පතන්නේ නැහැ. ඒ නිවන ලබා ගන්න ඕනෑ තමන්ම උත්සාහ කරලා නිසා.
    ඉතින් ඔබට සුභ ගමන් මිත්‍රයා. මේ සංසාර ගමනෙදි අපි ආයේ ආයෙත් දිගින් දිගටම මුණ ගැසේවි....
    මේ මම 18.07.2018 වැනිදා මුහුණුපොතට එක් කළ සටහනක්.

    මම මුහුණුපොතට ලියන කතා කියවන හිතවත් දියණියක් මේ කතාව නැවත සොයා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණේ කමෙන්ටුවක් මගින්.
    හැබෑවටම මගේ ජීවිතයත් සැහැල්ලුවෙන් ගෙවන්නේ මේ හිතවතාගේ ජීවිතය ගෙවූ ආකාරයටම තමයි. අපි දෙන්නා ගොඩක් සුහද වුණේත් ඒ හන්දම වෙන්න ඇති.
    අපේ මරණය සිදුවෙන ආකාරය වගේම ඊළඟ උපත සිදුවෙන්නේ කොතැනද කියලා අපිට කියන්නට බැහැ. අද රාත්‍රියේ සැප පහසුකම් සහිත මැදුරක සුවපහසු සයනයක නින්දට ගියත්, ඒ නින්දෙන්ම මෙලොව හැරගිහින් බොහොම දුක්බර ආත්මයක උපත ලබන්නත් පුළුවන්. තරු හතේ හෝටලයකට ගිහිල්ලා මිලෙන් අධික රසවත්ම ආහාර වේලක් භුක්ති විඳලා ඒ හෝටලයේම සුව පහසු සයනයක නින්දට ගිහිල්ලා මියගිය කෙනෙකුගේ ඊළඟ භවය ඒ මෘත ශරීරයම ගිල දමන පිළිකුල් සහගත පණුවෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අද මහපාරේ නිදන දුගියා හෙට උදේ වෙනකොට රාජ කුමාරයෙක් හැටියට, දෙවි කෙනෙක් හැටියට උපත ලබන්නත් පූළුවන්.
    ඒ හන්දා ජීවත්වෙලා ඉන්න ටික කාලෙදී මේ දේවල් අවබෝධ කරගෙන හිතේ සැහැල්ලුව ඇතිව ජීවත්වෙලා කිසිම දේකට නොඇලී ජීවත්වෙන්න උත්සාහ කරන එක තමයි අපි හැමෝටමත් වැදගත්. මොකද කිව්වොත් අපේ මරණයත් එක්ක අරගෙන යන්න වෙන්නේ අපි කළ හොඳ නරක විතරක්ම හන්දා.
    නාසා ආයතනයෙන් මීට දශක කීපෙකට කලින් අභ්‍යාවකාශ ගතකරලා තියෙන වොයේජර් කියන යානය පෘථිවියට හැතපුම් බිලියන හතරක් ඈත ඉඳන් අපේ දිහා බලල අපේ සෙල්ෆියක් ගහල අපිට එවලා තියෙනවා "මෙන්න බලා ගනිල්ලා මට උඹල පෙනෙන හැටි...!" කියලා.
    ඔය පහල තියෙන තුන්වැනි ඡායාරූපයේ රවුමක් ඇතුලේ පුංචිම තිත තමයි මේ මහා විසාලයි කියලා අපි හිතාගෙන කටයුතු කරන අපේ පෘථිවිය.
    ඒකට කියන්නේ "සුදුමැළි නිල් තිත" (pale blue dot) කියලා. සමස්ත විශ්වය ඇතුලේ අපේ ලෝකය කොයි තරම් ඇබින්දන් අංශුවක් ද කියන එකත්, ඒ ලෝකය ඇතුලේ ඉන්න මම කොච්චරක් නම් පුංචි ක්ෂුද්‍ර ප්‍රාණියෙකුද කියන එකත් මේ ඡායාරූපය දිහා බලාපුවාම මට හිතෙනවා.
    මේ ගැන "කාල් සේගන්" කියන විද්‍යාඥයා ලෝක ප්‍රසිද්ධ පොතක් ලියලත් තියෙනවා. ඒක නම් කරලා තියෙන්නෙත් "සුදුමැළි නිල් තිත" (Pale Blue Dot) කියලමයි. ඒ පොතේ ඔහු මෙහෙමත් කියලා තියෙනවා.
    "සියළු කඳුළු සහ සියලු සිනහවන්, සියළු සාමාන්‍ය මිනිසුන් සහ සියළු ධන කුවේරයන්, සියළු කුමාරවරුන් සහ සියළු කුමාරිකාවන්, සියළු අම්මාවරුන් සහ සියළු පියවරුන්, උපදින්නට ඉන්න සියළු කිරිකැටියන්, ගලාගිය සියළු ලේ සහ සියළු ජලය, මහත් වෙහෙසින් ගොඩ නැගූ සියළු අධිරාජ්‍යයන්, සියළු සත්‍ය සහ සියළු අසත්‍යයන්, සියළු හොඳ සහ සියළු නරක පාලකයින්, පුපුරා ගිය සියළු ගිණි අවි සහ සියළු බෝම්බ, සියළු විද්‍යාවන් සහ සියළු ආගම්, සියළු දන්නා සහ සියළු නොදන්නා දේ යන සියල්ල තියෙන්නේ මේ පුංචි තිත තුළ.... දූවිලි වළාවක් අතර හැංගිලා තියෙන මේ දූවිලි අංශුව තුළ...."
    ඒ දූවිලි අංශුව ඇතුලට විවිධ ස්වරූප වලින් අපිව එවලා තියෙන්නෙත් ඒ අංශුවේ පැවැත්මට අපෙන් විය යුතු මොනවා හෝ යහපත් දෙයක් කරවාගන්න.
    අන්න ඒ ටික තේරුම් අරගෙන මේ ඉන්න පොඩි කාලෙදී මගෙන් කෙරෙන්න ඕනෑ යුතුකම් ඉටු කරන ගමන්ම සතුටෙන්, හිතේ සැහැල්ලුවෙන්, ධාර්මිකව ජීවත්වෙන්න උත්සාහ කරන එක තමයි මම කරන්නේත්.
    #අතුල 14.10.2020

    121111077_818146892254580_6046436951378133435_n.jpg

    121105626_818146912254578_3342750420083530434_n.jpg

    121200883_818146935587909_1238636051822523934_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    මේක කියවලා මට හිතුණ බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ඉන්ටනෙට් තිබ්බ නම් කී දාහක් නිවන් යයිද කියල :eek:

    ඉනෆ් ඉන්ටනෙට් ෆෝ ටුඩේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    "සියළු කඳුළු සහ සියලු සිනහවන්, සියළු සාමාන්‍ය මිනිසුන් සහ සියළු ධන කුවේරයන්, සියළු කුමාරවරුන් සහ සියළු කුමාරිකාවන්, සියළු අම්මාවරුන් සහ සියළු පියවරුන්, උපදින්නට ඉන්න සියළු කිරිකැටියන්, ගලාගිය සියළු ලේ සහ සියළු ජලය, මහත් වෙහෙසින් ගොඩ නැගූ සියළු අධිරාජ්‍යයන්, සියළු සත්‍ය සහ සියළු අසත්‍යයන්, සියළු හොඳ සහ සියළු නරක පාලකයින්, පුපුරා ගිය සියළු ගිණි අවි සහ සියළු බෝම්බ, සියළු විද්‍යාවන් සහ සියළු ආගම්, සියළු දන්නා සහ සියළු නොදන්නා දේ යන සියල්ල තියෙන්නේ මේ පුංචි තිත තුළ.... දූවිලි වළාවක් අතර හැංගිලා තියෙන මේ දූවිලි අංශුව තුළ...."
    ඒ දූවිලි අංශුව ඇතුලට විවිධ ස්වරූප වලින් අපිව එවලා තියෙන්නෙත් ඒ අංශුවේ පැවැත්මට අපෙන් විය යුතු මොනවා හෝ යහපත් දෙයක් කරවාගන්න."
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Good machan.

    Mamath jivithe sahalluwa kiyana eka hoyana kenek. mama mage adahasa gana post kiyapak dala athi.
    Api me gewana hama thapparayk ma thanikara boruwak machan. Salli / yana wahana / gewal doralawal me hama dema boruwak.

    eth minissu ewa laba ganna mari mari vehesenawa.
     
    • Like
    Reactions: malakadss

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,730
    2,249
    113
    Good machan.

    Mamath jivithe sahalluwa kiyana eka hoyana kenek. mama mage adahasa gana post kiyapak dala athi.
    Api me gewana hama thapparayk ma thanikara boruwak machan. Salli / yana wahana / gewal doralawal me hama dema boruwak.

    eth minissu ewa laba ganna mari mari vehesenawa.
    feelings kiyaneka eththak eka vidhinna thama minissu me dhagalanne , Eka boruvak nemei enisa jeevithe vindhinekata api katayuthu karanna one (y)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙය මලයාලම් භාෂාවෙන් ලියා තිබූ කෙටි කතාවක පරිවර්තනයකි...from FB

    හදවතට දැනෙන කතාවක්..!
    ඉන්දියානු දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරියක් ලෙස, ඇය දිස්ත්‍රීක්කයේ නීතිය හා සාමය සඳහා වගකිවයුතු වන අතර පොලිසියේ සහ නඩු පවරන ආයතනයේ ප්‍රධානියාද වෙයි... එමෙන්ම ඇය දිස්ත්‍රීක්කයේ ආදායම් පරිපාලනයේ ප්‍රධාන නිලධාරිනියද වන අතර ඉඩම් ආදායම් එකතු කිරීමේ වගකීම දරණු ලබයි... ඉන්දියාවේ එක් එක් දිස්ත්‍රික්කයන් තුළ ඉහළම ආදායම් එකතුකිරීම් කරනු ලබන්නේද අධිකරණ අධිකාරියයි...
    මෙවැනි වගකීම් සම්භාරයක් දරන ඇය හොඳින් ඇඳ පැළඳගෙන සිටින්නේවත් කිසිම ආලේපණයක් හෝ මේකප් දමාගෙන සිටින්නේවත් නැත්තේ ඇයි...?
    කේරල ප්‍රාන්තයේ මලප්පුරම් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරිය නැත්නම් ආදායම් බදු එකතුකරන්නිය වන 'ශ්‍රීමතී සොයමෝයි ක්වීන්' නම් ඇය උසස් විද්‍යාලයක විශාල සිසුන් පිරිසක් අමතමින් සිටියි...
    සාම්ප්‍රදායික ඉන්දීය කාන්තාවන් මෙන් කිසිම වටිනා ආභරණයක් පැළඳ නොසිටි ඇය සාමාන්‍ය අත් ඔරලෝසුවක් පමණක් පැලඳගෙන සිටියි...
    එතැන සිටි බොහෝ දරුවන්හට ප්‍රශ්ණයක් සහ ඔවුන් මවිතයට පත් කළ කාරණය වූයේ මෙපමණ බළවත් කෙනෙක් වූ ඇය මුහුණට පවුඩර් ටිකක්වත් නොදා සිටීමයි...!
    ඇය දේශණය පවත්වනු ලැබුයේ ඉංග්‍රීසි භාෂාවෙනි... ඇගේ දේශණය පැවතියේ විනාඩි කිහිපයක් පමණි...
    නමුත් ඇගේ දේශණය තුළ ගැබ්ව තිබූ වචන ඉතාමත් ශක්තිමත් විය...
    දේශණය අවසානයේ සිසුන්හට ඇයගෙන් ප්‍රශ්ණ කිහිපයක් අසන්නට අවස්ථාව උදාවුනි...
    එක් සිසුවෙකුගේ ප්‍රශ්ණය වූයේ... ඔබේ සම්පූර්ණ නම කුමක්ද..?
    "මගේ නම ක්වීන්... සෝයාමෝයි කියන්නේ මගේ වාසගම... මම ඉන්දියාවේ Jharkhand ප්‍රාන්තයේ කෙනෙක්..."
    "මගෙන් තවත් යමක් ඇසීමට ඔබ කාටහරි අවශ්‍යද..?"
    එතකොටම කෙට්ටු ගැහැණු ළමයෙක් සභාවෙන් නැගී සිටිනවා...
    "මැඩම්... ඇයි ඔබ මූණට මේකප් ටිකක්වත් දැම්මේ නැත්තේ...?"
    එතකොටම ඇගේ මුහුණ වෙනස් වෙන්න පටන් ගන්නවා...
    ඇගේ නළලින් දාඩිය දාන්න පටන් ගන්නවා...
    මෙතෙක් වෙලා තිබුණු ඇයගේ මුහුණේ සිනහව සැඟවී ගියා... ඒ අහපු ප්‍රශ්ණයට ඇයගෙන් ලැබුණු ප්‍රතිචාර අනුව මුළු ප්‍රේක්ෂකාගාරය එකපාරටම නිහඬ උනා...
    ඇය මේසය මත තිබූ වතුර බෝතලය විවෘත කර එයින් ටිකක් පානය කළා...
    ඉන්පසු ප්‍රශ්ණය ඇසූ එම සිසුවියට වාඩි වන ලෙස සංඥා කරමින් සෙමින් කතා කරන්නට පටන් ගත්තා...
    "ඇය මගෙන් ඇහුවේ අවුල් සහගත ප්‍රශ්නයක්..."
    " මේක මට වචනයකින් දෙකකින් පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්ණයක් නෙවෙයි..."
    "මේකට මගේ ජීවිත කතාවෙන්ම උත්තර දෙන්න ඕනි ප්‍රශ්ණයක්..."
    "මගේ කතාව වෙනුවෙන් ඔබේ වටිනා කාළයෙන් විනාඩි කීපයක් වෙන් කරන්න ඔබ සූදානම් නම් මම ඒක කියන්නම්...?"
    "මම ඉපදුනේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ගෝත්‍රික ජනාවාස තිබෙන ප්‍රදේශයක..."
    ඇය සැහැල්ලු වී නැවතත් ප්‍රේක්ෂකයින් දෙස බැලීය...
    "ඉන්දියාවේ මයිකා කැණීම් කරන උමං මාර්ග වලින් පිරිච්ච ගොඩර්මා දිස්ත්‍රික්කයේ ගෝත්‍රික ප්‍රදේශයේ කුඩා ගෙදරක තමයි මම උපත ලබන්නේ..."
    "මගේ අම්මයි තාත්තයි දෙන්නම පතල් කම්කරුවන්... මට අයියලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි හිටියා...
    "අපි ජීවත් වුණේ වහිනකොට හොඳටම තෙමෙන පොඩි කුටියක..."
    "මගේ දෙමවුපියන්ට වෙනත් රස්සාවක් හොයාගන්න බැරිඋන නිසා අඩු පඩියකට උමඟක වැඩ කළා... ඒකේ වැඩ කරනවා කියන එක හරිම අමාරු වැඩක්..."
    "මට වයස යන්තම් අවුරුදු හතරක් වෙද්දී මගේ අම්මයි,තාත්තයි, අයියලා දෙන්නයි ගොඩක් ලෙඩ වෙලා ඇඳට වැටුණා..."
    "එතකොට එයාලා දැනගෙන හිටියෙ නෑ... මේ ලෙඩේ හැදෙන්නේ උමං වල තියෙන මාරාන්තික මයිකා දුහුවිලි ආශ්වාස කිරීම නිසා කියලා..."
    "මට අවුරුදු පහක් වෙනකොට මගේ අයියලා දෙන්නම මැරුණා..."
    ඇය තම කතාව නවතා නවතා මඳ සුසුමක් හෙලමින්, කදුළු පිසදමමින් පසු ආයෙත් කතාව පටන් ගත්තා...
    "ගොඩක් දවස් වලට වතුරයි පාන් පෙත්තක් හෝ දෙකක් තමයි මුළු දවසටම අපිට කන්න තිබුණේ...
    "මගේ සහෝදරයන් දෙදෙනාම මියගියේ දරුණු රෝග සහ කුසගින්න නිසයි..."
    "අපේ ගමේ දොස්තර කෙනෙක් හිටියේ නෑ... ඉස්කෝල තිබුණේ නෑ... ඉස්කෝලේකට යන කවුරුත් හිටියෙත් නෑ..."
    "හේතුවක් නැතිව ඔහේ තිබුණු ගමක්... පාසලක්, රෝහලක්, වැසිකිළියක්, විදුලියක් නැති ගමක් ගැන ඔබට සිතාගන්න පුළුවන්ද...?"
    " අන්න ඒ වගේ තැනක තමයි අපි ජීවත් වුණේ..."
    "දවසක් මට බඩගිනි වුණාම තාත්තා මාව යකඩ තහඩුවලින් ආවරණය කරපු ලොකු උමගකට එක්කගෙන ගියා..."
    "ඒක ඒ පළාතේ තිබුණ සුප්‍රසිද්ධ මයිකා පතලක්..."
    "මේක පරණ පතලක්... මගේ රැකියාව උනේ උමඟ අභ්‍යන්තරයේ තියෙන කුඩා ගුහා හරහා බඩගාමින් ගොස් මයිකා ඛනිජ එකතු කිරීමයි..."
    "මේ වැඩේ පොඩි ඉඩකින් රිංගලා ගිහින් කරන්න පුළුවන් උනේ මං වගේ අවුරුදු දහයට අඩු දරුවන්ට විතරයි..."
    "මේ විදියට දවසකට පැය අටක් වැඩ කළොත් අඩුම තරමේ පාන් ගෙඩියක්වත් ලැබෙනවා..."
    "එදා මගේ ජීවිතයේ පළමු වතාවට මම පාන් කාලා බඩ පුරවගත්තා..."
    "පස්සේ මම පළමුවෙනි ශ්‍රේණියේ ඉන්නකොටත් මට විෂ දූවිලි තිබෙන හුස්ම ගත හැකි අඳුරු කාමරවල පවා මයිකා සුවඳ දැණෙන්න පටන්ගත්තා...
    "පතල් ඇතුලේ සිදුවන අනපේක්ෂිත ලෙස නායයෑම්වලින් කුඩා දරුවන් මියයාම ඒකාළේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා..
    "සමහර වෙලාවල්වලට සමහර අය භයානක ලෙඩ රෝගවලින් ද මිය යනවා...
    "කුසගින්න නිසා හැමදාම මට තිබුණේ සිහින් සිරුරක්... ඒ වගේම මම දියවැඩියාවෙන් පෙළෙමින් සිටියා..."
    "හරියටම අවුරුද්දකට විතර පස්සේ මගේ නංගිත් උමඟේ වැඩ කරන්න පටන් ගත්තා..."
    "ටික කාළයකින් අපි ටිකක් හොඳ තත්වයකට ආවා... ඒ කියන්නේ තාත්තයි අම්මයි නංගියි අපි හැමෝම බඩගින්නේ ඉන්නේ නැතුව ඉන්න පුළුවන් කියන තත්ත්වයට ආවා..."
    "එත් ටික දවසකින් දෛවය අපට හරස්වුනා..."
    "දවසක් තද උණ නිසා මම වැඩට නොගිහින් ඉන්නකොට එකපාරටම ලොකු වැස්සක් වහින්න පටන් ගත්තා..."
    " උමඟ පාමුළ හිටපු කම්කරුවන් ඉදිරිපිටම පතල් කඩා වැටීමෙන් මිනිසුන් සිය ගණනක් එදා මිය ගියා..."
    " ඒ සෙනඟ අතර හිටපු මගේ අම්මයි, තාත්තයි, නංගියි ඒකෙන් මිය ගියා..."
    කතාව අහගෙන හිටපු හැමෝගෙම ඇස්වලින් කඳුළු ගලන්න පටන්ගත්තා...
    කතාව අහගෙන හිටපු සියලු දෙනාටම හුස්ම ගන්නට පවා අමතක උනා... බොහෝ දෙනෙකුගේ දෙනෙත් කඳුළින් පිරී තිබුණා...
    "මට එතකොට වයස අවුරුදු හයක් විතර ඇති කියලා මතක තියාගන්න..."
    "අන්තිමේදී මම අනාතවෙලා රජයේ අගති මන්දිරයට ළඟා උනා... එතනින් තමයි මම මුළින්ම අකුරු කියන්න පටන් ගත්තේ..."
    "මගේ ගමෙන් මුළින්ම අකුරු කියවන්න ඉගෙන ගත්තු පළමු ගෑණු ළමයා තමයි මම..."
    "ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ... මම මේකප් නොදා සිටීමයි, මායි අතර තියෙන සම්බන්ධය මොකක්ද..?"
    ඇය මොහොතක් එක එල්ලේ ප්‍රේක්ෂකාගාරය දෙස බලාගෙන සිටියා...
    "ඒ දවස්වල මම අඳුරේ, උමං වල බඩගාලා, බඩගාලා මයිකා එකතු කරනවා... මට ඒ එකතුකරන ඒවා ගැන කිසිම දැණුමක් තිබුණේ නෑ..."
    "එදා අපි වගේම අදටත් කුඩා ළමයි ජීවිත අනතුරුත් තියාගෙන, දුක් විඳගෙන, බඩගාගෙන එකතුකරපු, එකතුකරන මයිකා සියළුම වර්ගයේ ආලේපනවලට භාවිතා කරන බව මට වැටහුණේ පස්සේ කාළෙදී..."
    "මයිකා කියන්නේ ප්‍රතිදීප්ත සිලිකේට් ඛනිජයේ පළමු වර්ගයයි..."
    "බොහෝ විශාල රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන ඛනිජමය මේකප් ආලේපන වෙනුවෙන්, ඔබේ සම පැහැපත් කරන වර්ණවත් මයිකා රැසක් එකතුකරන්න කුඩා දරුවන් 20,000කගේ ජීවිත අවදානමට ලක් කරන බව ඔබ දන්නවාද..?"
    "රෝස මල් වල මුදු මොළොක් බව ඔබේ කම්මුල්වල පැතිරෙයි..."
    "ඒ සිහිනය ඔබට ලබාදෙන්න... ඔවුන්ගේ ගිනිගත් සිහින... බිඳුණු ජීවිත... ගල්පර අතර තැළුණු ලේ...
    තවමත් ඔවුන් ඔබ වෙනුවෙන් කැප කරමින් ඉන්නවා..."
    "ඒ බිලිඳු අත්වළින් ඩොලර් මිලියන ගණනක් වටිනා මයිකා තවමත් පතල්වලින් ලබානිමින් ඉන්නවා..."
    "මුහුණේ පව්ඩර් කුඩු, ආලේපණ ක්‍රීම්, ලිප්ස්ටික් පිරුණු ගැහැණු ළමයින් දැක්කොත් ඔවුන්ට වෛර කරන්නවත්, ඔවුන්ට දොස් කියන්නවත් එපා..."
    "උසස් තත්ත්වයේ මයිකා තවමත් ජාර්කන්ඩ්හි පතල්වල කපමින් පවතිනවා..."
    "තවමත් කුඩා දරුවන් 20,000කට වැඩි පිරිසක් කිසිම පාසල් යන්නේ නැතුව ඒවයේ සේවය කරමින් ඉන්නවා..."
    "තවමත් මින් සමහරුන් නාය යෑම් නිසා මිය යමින් සිටිනවා... තවත් සමහරු දරුණු රෝග නිසා මිය යනවා..."
    "ඉතිං... අපගේ තිබෙන මේ සුන්දරත්වයට අපි ඔවුන්ට නමස්කාර කරන්න ඕනි නේද..?"
    "දැන් ඔබ මට කියන්න..."
    "මම... මගේ මුහුණේ මේකප් යොදන්නේ කොහොමද..?"
    "කුසගින්නෙන් මිය ගිය මගේ සහෝදරයන් සිහිකර මම කොහොමද බඩ පිරෙන්න කන්නේ..?"
    "හැමදාම ඉරුණු ඇඳුම් ඇඳපු මගේ අම්මා සිහිකර මම කොහොමද මිල අධික සේද ඇඳුම් අදින්නේ...?"
    ඊට පස්සේ කිසිම දෙයක් කතා කරගන්න බැරිව...
    ඔළුව උස්සගෙන... මද සිනහවක් පාමින් ඇය වේදිකාවෙන් බැස යනවා...
    සියළුම ළමුන්, ප්‍රේක්ෂකයෝ නොදැනුවත්වම තම අසුන්වළින් නැගී සිටිනවා...
    සමහරවිට ඔවුන්ගේ ඇස්වලින් ගලාගිය උණුසුම් කඳුළු සමඟ ඔවුන්ගේ මුහුණුවල තිබෙන වේශ නිරූපණ, ආලේපණ ඒ වෙලාවේ දිය වී යන්නට ඇති...
     
    • Sad
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526

    සමහර මිනිස්සුන්ගේ ජිවිත පිටිපස්සේ තියෙන්නේ අපි හීනෙකින්වත් නොහිතන කතා. ☹️☹️☹️
     
    • Like
    Reactions: ElaBaba