ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොළඹ මහාධිකරණය විසින් චූදිතයෙකුට අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.

    ඒ, 2008 වසරේ කොළඹ, හෝටන් වටරවුම ප්‍රදේශයේදී මගී බස් රථයක් තුළ බෝම්බයක් තබා පුපුරුවා හැර, මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නාගලිංගම් මදනසේකරන් නමැති විත්තිකරුවෙකුටය.

    එම චෝදනාවටම වරදකරු කෙරුණු මේ වනවිට අධිකරණය මඟහැර පළාගොස් සිටින ධර්මලිංගම් මුහුන්දන් නමැති තවත් විත්තිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විවෘත වරෙන්තු ද නිකුත් කරනු ලැබීය.

    එම වරෙන්තුව කටුනායක, මත්තල සහ පලාලි ගුවන්තොටුපළවලට ද දැනුම්දෙන ලෙස නියෝග කළ විනිසුරුවරයා එම විවෘත වරෙන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා ක්‍රියාත්මක කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

    2008 වසරේ සැප්තැම්බර් මස 01 වනදා කොළඹ 7, හෝර්ටන් වටරවුම ප්‍රදේශයේ මට්ටක්කුලිය බස් ඩිපෝවට අයත් අංක WP NP -3656 දරන මගී බස්රථය තුළ බෝම්බයක් තබා පුපුරුවා හැර මිනිස් ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

    නඩු විභාගය අවසන්වීමෙන් අනතුරුව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන් සිදුකර තිබෙන වරද අතිශ්‍ය බරපතළ ඒවා යැයි සඳහන් කර සිටියාය.

    එබැවින් ඔවුන්ට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස රජයේ නීතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    අධිකරණය හමුවේ, ධර්මලිංගම් මදනසේකරන් නමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම නඩුව සම්බන්ධයෙන් වසර 15ක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව සඳහන් කළේය.

    67 වන වියේ පසුවන ඔහු බන්ධනාගාරගතව සිටි සමයේ කොවිඩ් වසංගතයට ද ගොදුරුවූ බව කියා සිටි නීතිඥවරයා, ඔහු විවාහක දරුවන් සිටින පුද්ගලයෙකු බැවින් දඩුවම් නියම කිරීමේදී මෙම කරුණු සැලකිල්ලට භාජනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුවන් විසින් සිදුකර තිබෙන වරදවල් අතිශ්‍ය බරපතළ වරදවල් යැයි කියා සිටියේය.

    මගී බස් රථයක් තුළ බෝම්බයක් තබා එය පුපුරුවා හැරීමට තැත්කර ඇත්තේ හෝර්ටන් වටරවුම අසල පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ආසන්නයේදී බවත් එය දහවල් 1.30 ට පමණ පුපුරුවා හැරීමට සැලසුම්කර තිබූ අතර එය පිපිරී ගියේ නම් පාසලෙන් පිටව යන දරු දැරියන් විශාල පිරිසකගේ ජීවිත අනතුරට ලක්වීමට අවකාශය තිබූ බවත් විනිසුරුවරයා පැවසීය.

    එම අවස්ථාවේ බස් රථය තුළ ද පුද්ගලයින් 50කට වැඩි පිරිසක් සිටි බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති අතර මෙම පිපිරීම සිදු වූයේ නම් ඔවුන්ගේ ජීවිතද විනාශ වන්නට ඉඩ තිබූ බව විනිසුරුවරයා තවදුරටත් සඳහන් පෙන්වා දුනි.

    එහෙත් අදාළ බස් රථයේ කොන්දොස්තරවරයාගේ විමසිලිමත්භාවය නිසා මෙම බස් රථය තුළ සැකකටයුතු පාර්සලයක් තිබෙනු දැක එහි සිටි මගින් සියලුදෙනා ඉවත් කොට හෝර්ටන් වටරවුම අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට දැනුම්දී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට රැගෙන ගොස් පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් මෙම බෝම්බය සොයාගැනීමට හැකිවූ බවත් විනිසුරුවරයා සඳහන් කරයි.

    මෙම නඩුවේ විත්තිකරුවන් බෝම්බය බස් රථය තුළ තබා ක්ෂණිකව පිටව ගිය බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා අදාළ බස් රථයේ කොන්දොස්තරවරයාගේ විමසිලිමත්භාවය හේතුවෙන් විශාල ජීවිත හානියක් වළක්වා ගැනීමට හැකිවූ බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩි දුරටත් කියා සිටියේය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ සීන් එක මතකයි.
    ඕක මයිනා සෙට් කරපු එකක් කියලත් කිව්ව සමහරු, පුපුරන්න කලින් හොයා ගත්ත නිසා
    මයිනා සෙට් කලා නම් පුපුරනවා නේද? මේක නම් ළමයි මරන්නම තිබ්බ එකක්. කොන්දා නොදෑක්කා නම් විනාසයක් තමා..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කරුණායි පිල්ලෙයානුයි එළියේ තියාගෙන දෙන කැකිල්ලෙ නඩු තීන්දු
     
    • Like
    Reactions: Solo Rider