ජීවිතෙන් හදවතට පැනයක්
ජීවිතෙන් හදවතට පැනයක්
මැවෙන්නේ නැති ලොවක මවාගෙන හැඩතලය
සොයනවා හදවතක් මට මගේ සතුට දෙන
ඇහිදාර කඳුලකම පුසුඹක්ම යදිනකොට
හිතන්නේ කොහොමදැයි දඟකාර හිතක් ගැන
ඇහැරිලා කවුළුපත් සාදරෙන් සිඹින සඳ
හිතුවේම හසුන්පත පෙම් පිරුණු විලසින
වැරැදිලා හිතට ගත් පෙම්පතක් වූ අරුම
දන්වලා තිබුණේ පසුපිටෙයි දුක උරුම
හීන් හිරි පොද වැස්ස මගේ හිත තෙමලා
කාන්සිය නිව්වේ මහන්සිය උදුරා
කේන්තිය විරහවේ හාන්සිත් කරවා
රේන්දත් ගෙතුවා නේද මට ඔරවා
ආයෙමත් පරදින්න හදවතට නොතබා
මාවතක් තනාලා මීවිතක් නොතබා
සාදරෙන් තනන්නට මගේ පෙම් මාළිඟා
ඒවිදෝ දෙව්ලියක් කියන් මට නොවළහා
සංකල්පනාව -මාලන් විදානපතිරණ
ජීවිතෙන් හදවතට පැනයක්
මැවෙන්නේ නැති ලොවක මවාගෙන හැඩතලය
සොයනවා හදවතක් මට මගේ සතුට දෙන
ඇහිදාර කඳුලකම පුසුඹක්ම යදිනකොට
හිතන්නේ කොහොමදැයි දඟකාර හිතක් ගැන
ඇහැරිලා කවුළුපත් සාදරෙන් සිඹින සඳ
හිතුවේම හසුන්පත පෙම් පිරුණු විලසින
වැරැදිලා හිතට ගත් පෙම්පතක් වූ අරුම
දන්වලා තිබුණේ පසුපිටෙයි දුක උරුම
හීන් හිරි පොද වැස්ස මගේ හිත තෙමලා
කාන්සිය නිව්වේ මහන්සිය උදුරා
කේන්තිය විරහවේ හාන්සිත් කරවා
රේන්දත් ගෙතුවා නේද මට ඔරවා
ආයෙමත් පරදින්න හදවතට නොතබා
මාවතක් තනාලා මීවිතක් නොතබා
සාදරෙන් තනන්නට මගේ පෙම් මාළිඟා
ඒවිදෝ දෙව්ලියක් කියන් මට නොවළහා
සංකල්පනාව -මාලන් විදානපතිරණ
Last edited:

