ජීවිතෙන්_උගත්_පාඩම්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියෙනවා කියල තාත්තා කියල දුන්න, ජීවිතේදී ඔබට මුණගැහෙන ඕනෑම ප්‍රශ්නයක් ඔබේ පැත්තෙන් හරි වගේම, ප්‍රතිවිරුද්ධ අනෙත් පැත්තෙනුත් හරි කියල පේනවා, ඒ නිසා ප්‍රශ්නයක් දිහා මධ්‍යස්තව බලන්න කිව්වා,

    පස්සේ කාලෙක තමයි තේරුණේ මේක හෙන ගැඹුරක් තියෙන අදහසක් කියල, ලෝකේ ගොඩක් ප්‍රශ්ණ නැති වෙනවා මිනිස්සු ඒ විදිහට හිතන්න ගත්තොත්.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    1.තමන්ව තමන්ගේ වටේ ඉන්න අය එක්ක compare කරන්න එපා. අපි හැම එකාගෙම කථා එකිනෙකට වෙනස්.අම්ම තාත්තාගේ ඉඳලා ලැබුණු පහසුකම්, වෙච්ච දුක් කරදර සහමුලින්ම වෙනස්.ඒ නිසා කොහොමටවත් සමාන කරන්න බෑ.

    2. තමන්ගේම වැරදි තමන්ම හොයාගෙන රහසින්ම ඒවා නිවැරදි කරගෙන ඊයෙට වැඩ අඟලක් හරි ඉස්සරහට යන්න. තමන්ගේ වැරදි අනුන් එක්ක කියවන්න යන්න එපා ඒක උඩබලාගෙන කෙළගහනවා වගේ වැඩක්.

    3. A.F රේමන්ඩ් එකේ අයිතිකාරයා පත්තරේට කියලා තිබුනා හැම ළමයෙකුටම ඉස්කෝලෙන් ඉවරවුණු ගමන් මළමිනී එම්බාම් කරනහැටි බලන්න දෙන්න ඕනේ කියල. මේ කථාවට කෙලින්ම එකඟ නොවුනත් මට මේ සමාන අදහසක් තියෙනවා.ඒ තමයි හෙට මැරෙන්නත් පුළුවන් කියල හිතලා අද දවස හොඳින් ගෙවන එක. අපි ජාතියක් විදිහට කාමයට/සැපට තියෙන ඇල්ම වැඩියි. ඒ නිසාම මානසිකව අපි පිච්චෙනවා දවසගානේ.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කොච්චර අපි අනුන් වෙනුවෙන් සල්ලි කාලය වැය කලත්, මිනිස්සු අපිව මනින්නේ අපි කොච්චර සල්ලි හම්බ කලාද, අපිට මොනවද කරගත්තේ කියන දේ මත.
    අනුන්වෙනුවෙන් දේවල් කරනවා නම් එකෙන් ප්‍රතිලාබයක් තියා අඩුම තරමේ හොඳක් වත් අහන්න නොලැබෙන්න පුළුවන් කියන දේ තේරුන් අරගෙන කරන්න ඕන.
    විශේෂයෙන්ම ලංකාවේ සමාජයේ
    මේක, අපි කොච්චර අනුන්ට කරත් මිනිස්සුන්ට අපිව අගේ නෑ. හැබැයි අපි ලොකු තැනකට ගියොත් අපි උන් දිහා පුක හරියෙන්වත් බැලුවේ නැතත් උන් අපිට මාර විදියට ගරු කරන්නේ.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේක, අපි කොච්චර අනුන්ට කරත් මිනිස්සුන්ට අපිව අගේ නෑ. හැබැයි අපි ලොකු තැනකට ගියොත් අපි උන් දිහා පුක හරියෙන්වත් බැලුවේ නැතත් උන් අපිට මාර විදියට ගරු කරන්නේ.

    කිසිම කෙනෙකුට පැනලා උදව් කරන්න යන්න එපා. අන්තිම අසරණ වෙලා උදව්වක් ඉල්ලුවොත් මිස. අමාරු වෙලාවේදී උදව්කරපු අය හැර මිනිස්සුන්ට අනිත් වෙලාවට උදව් කරන ඒවා ඉක්මනට අමතක වෙනවා.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Copied..(.ඇහිදගත්ත පොස්ටුවක් ඈ..)

    • හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ හොද මූන පෙන්නලා ගේම ගහන එක තමා උන් කරා මිසක්

    • හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ.. ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහම කරේ

    • සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ. කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්

    • බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්

    • චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.. මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්

    • ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ බයෝ ඒක පාටි ලයිෆ් උනේ නෑ තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

    • ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

    • ඇත්තට ආදරේ කරපු උන් රිලේසන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා බුකිය උන්ට වැඩක් නැති දෙයක්..

    හැමදේම මේ ලෝකේ කණපිට මචං.. තේරුම්
    ගනින් ඒක ටිකක් අමාරු දෙයක්.
    🗣️
    ❌
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    පොලිසියෙන් කවදාවත් සාමාන්‍ය මිනිසෙක්ට පිහිටක් වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: animation

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    bump , tawa adahas kotagena yamu.


    ඕනිවට වඩා කිසිම කෙනෙක්ට ආදරේ කරන්න එපා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලොකු සීන් දාන්න එපා...:lol:

    සිරාවට කාටවත් ලොකු සීන් දාන්න එපා..:no: කවුරුත් උඹලගේ ලොකු සීන් බලන්න කැමති නැහැ..:baffled:

    හැමවෙලේම නිහතමානිව කතා කරන්න..:) එකෙන් ඔයාට කෙනෙක් ගේ හිත දිනාගන්න පුළුවන් වෙනවා...ලොකු සීන් දාන්න ගියොත් අනිත් අය ඔයාට කෙලවෙනකන් බලන් ඉන්නේ හිනාවෙන්න...:dull:
    ඇත්තම ඇත්තක් බං.. ලොකු seen දෙන්න ගියාම වෙන අනිත් අවුල තමා තමන්ගේ අඩුපාඩු තමන්ට නොපෙනීම.. සෑහෙන කාලයක් ගියාම තේරෙන්නේ මං එතෙන්දි හෙන ගොනා උනා නේද කියලා..
    අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..:growl:

    සිරාවට කියන්නේ...:rofl: අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...:shocked: එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...:)

    ඒ නිසා අම්ම කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඒක ගැන...:yes:
    මේක නම් දැන් ටිකක් වෙනස් වෙනවා බන්.. දැන් මට අම්මලට වඩා සමාජ දැනුම වැඩියි.. අම්මගෙන් ඉගෙනගත්ත දේවල් සහ මං සමාජයේ ගැටිලා ම දැනගත්ත දේවල්.. අම්මයි මායි කතා කරලා තමා තීරණ ගන්නේ..
    මේක, අපි කොච්චර අනුන්ට කරත් මිනිස්සුන්ට අපිව අගේ නෑ. හැබැයි අපි ලොකු තැනකට ගියොත් අපි උන් දිහා පුක හරියෙන්වත් බැලුවේ නැතත් උන් අපිට මාර විදියට ගරු කරන්නේ.
    ඇත්ත බං.. කෙල්ලෙක් හිටියා campus කාලේ පඩේකට ගණන් ගත්තේ නෑ.. ලඟදි company එකෙන් හම්බුණ mac එකත් එක්ක setup එකේ photo එකක් status දැම්ම.. පැනගෙන chat කරන්න එන්නේ...

    කවදාවත් තරහ පෙන්නන්න එපා

    මේ වැඩේ ටිකක් කරන්න අමාරුයි තමයි bt පුරුදු වුනොත් බැරි නැහැ.. විශේෂයෙන්ම උඹට හිතාමතාම හින්ට් pass කරන social setting එකක..තරහා ගියා කියන්නේ උඹට රිදුනා.. උඹ දුර්වල වුණා.. උඹ මානසිකව අනිත් පැත්තේ එකාට යට වුණා, ඒකා කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත්..හීන් නුලෙන් ගේම දෙන attitude එක හදාගනින්.. ඉබේම confidence හැදෙනවා..
    ------ Post added on May 1, 2022 at 8:54 PM