ජීවිතේ එපා වෙලා ඉන්නෙ

battiya

Well-known member
  • Jun 30, 2014
    1,091
    387
    83
    කෙල්ල ලග
    පුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.
    මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා.
    ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර අදහස් කරන දේ නෙමෙයි, පස්සෙ ඉතිං බෑනුම් තමයි, මටම පස්සෙ දැනෙන්නෙ මම තේරුම් ගත්තෙ නෑනෙ කියල. ඒ කියන්නෙ මගෙ අවධානය අඩුයි වගෙ. අනික මට අමතක වෙන එක ලොකුවට තියනවා. මේ නිසා බැනුම් අහල මටම ඇති වෙලා. මම අවංකව වැඩ කරනවා. ඒත් මේ අඩුපාඩු නිසා මට මාවත් එපා වෙලා. බැනුම් දොස් අහල ඇති වෙලා.. අනිත් අය ඉක්මනින් අල්ලගන්න සුලු දෙයත් මට මහන්සියෙන් මතක තියන් අල්ල ගන්න වෙලා වගෙ. අනේ මන්ද


    මට ජීවිතව ඇති වෙලා ඉන්නෙ.
    මම මේකට රිප්ලයි දැම්මෙ නැතත් ඔයා දාන එක කියවල යන්නම්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    14,313
    1
    71,151
    113
    94
    හෝමාගම
    අමතක වෙනව නන් ලියා ගන්න.

    ටාස්ක් එක පොඩි කෑලි වලට කඩල, ලියාගෙන, හොදට තෙරුම් අරන් ආයෙ බොසා/ වෙන දන්න එකෙක්ගෙන් ගෙන අහන්න
    මේකද වෙන්න ඕන කියල ( ඌට උබව එපා වෙයිද දන්නෙ නෑ, මෙක කරන්න ගිහින් )
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    6,954
    13,212
    113
    අම්බකිස්ස
    matath tynwa ban oya ledema..මම එක සැරයක් සල්ලි වගයක් දෙන්න යැව්වා අදුරන කෙනෙක්ට ටිකක් දුර පලාතකට,කෑම එකකුත් හදලා දුන්න ගිහින් දීලා එන්න කිය්ලා.මම කෑම එක දීලා සල්ලි ආපහු අරන් ආවා.රතු ලූනු ගෙන්න කිව්වම රට ළුුනු ගේන ඒවා..පර්ස්,යතුරු අමතක කරන ඒවා.රෙදි ගන්න කියලා ගියොත් අමතක වෙන එක වගේ ඒවා නන් ගෙදර අයට දැන් සාම්‍යය වෙලා.
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,400
    11,385
    113
    Malabe
    අපි හැමෝම ඔහොම තමයි බං.
    උබට ඇත්තටම ඔහොම සීන් එකක් නැතත් උබ හිතනවා උබට ඉක්මනට අමතක වෙනවා කියල.
    උබට ෂෝර්ට් ටර්ම් මෙමරි ලොස් කියලා උබ උබටම කියාගෙන ප්‍රැක්ටිස් කරලා. උබ ඇත්තටම එහෙම නැතුව ඇති.
    උඩ කියල තියෙනවා වගේ නෝට්බුක් එකක් යුස් කරපන්. නැත්නම් ෆෝන් එකේ රෙකෝඩර් එකෙන් වොයිස් මෙමෝ රෙකෝඩ් කරපන්.
    කලෙන්ඩර්, රෙමෙන්ඩර්ස්, ස්ටිකි නෝට්ස් (Physical) ඒවා යුස් කරපන්.
    උබ කාත් එක්ක හරි කතා කරපන්, ඒ කියන්නේ කෝල් එකකින් හරි හම්බ වෙලා හරි මේ ප්‍රශ්නේ කියපන්.
    උබ මෙහෙම හරි ත්‍රෙඩ් එකකින් ඕව කතා කරපු එක ලොකු දෙයක්.
    මෙන්ටලි වැටෙනවා නම් කතා කරන්න කවුරුවත් නැත්නම් මේ චැනල් එකේ වීඩියෝ ටික අහපන්. මගේ චැනල් එකක් නෙමේ.
    https://www.youtube.com/c/JayspotProductions
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,716
    10,971
    113
    පුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.
    මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා.
    ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර අදහස් කරන දේ නෙමෙයි, පස්සෙ ඉතිං බෑනුම් තමයි, මටම පස්සෙ දැනෙන්නෙ මම තේරුම් ගත්තෙ නෑනෙ කියල. ඒ කියන්නෙ මගෙ අවධානය අඩුයි වගෙ. අනික මට අමතක වෙන එක ලොකුවට තියනවා. මේ නිසා බැනුම් අහල මටම ඇති වෙලා. මම අවංකව වැඩ කරනවා. ඒත් මේ අඩුපාඩු නිසා මට මාවත් එපා වෙලා. බැනුම් දොස් අහල ඇති වෙලා.. අනිත් අය ඉක්මනින් අල්ලගන්න සුලු දෙයත් මට මහන්සියෙන් මතක තියන් අල්ල ගන්න වෙලා වගෙ. අනේ මන්ද


    මට ජීවිතව ඇති වෙලා ඉන්නෙ.
    මම මේකට රිප්ලයි දැම්මෙ නැතත් ඔයා දාන එක කියවල යන්නම්


    පොදු ප්‍රශ්නයක් පුතා
    උඹ අඩු පාඩුව අදුන ගෙන තියනව ඉතින් හද ගන්න ලේසි


    හිතපන් ඕක වත් තේරුම් නොගෙන බැනුම් අහන උන් කොච්චර අවුලෙන්ද ඇත්තේ, අරූ බනිනවා විතරයි කොච්චර කලත් කියලා


    මෙහෙමයි
    දැන් ඔය අඩු පාඩු මග අරගන්න පුළුවන් පොඩි පොඩි දේවල් කරන්න හෙට ඉදන්

    අමතක වෙනවා නම් කොහේ හරි ලියාගන්න
    අපැහැදි නම් තේරුනේ නැත්තම් අයිත් අහන්න



    ඕනි වැඩක් කරද්දී මුල් කාලේ ඔහොම තමයි
    මාත් ඔහොම තමා අවුරුදු දහයකට කලින් :sorry: හැබැයි කැපවීමෙන් වැඩ කරනවා කියල හැමෝම දන්නවා
    තාමත් ඔහොමද මන්ද 🤭
    හැබැයි දැන් මිනිස්සු හොඳ තමයි කියන්නේ
    ගොඩක් අය මට කැමති - හොඳට වැඩ කරනවා කියලා
    ඕනි කෙනෙක් මාව විශ්වාස කරනවා

    කාලේ ගෙඩක් දේවල් වෙනස් කරනවා
    ඔක්කොම එක පාර වෙන්නේ නෑ
    හෙමීට හදාගෙන දියුණු වෙන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    8,654
    7,340
    113
    දැන් උඹ ඕක හැම වෙලේම හිතේ තියාගෙනනෙ ඉන්නේ, එහෙම ඉද්දි පොඩි දෙයක් කිව්වොත් උඹට හිතනවා අනේ මට මේකත් අමතක වෙයිද කියලා. ඔව් අමතක වෙනවා. මොකද උඹ එවෙලෙ හිතන්නෙත් ඒ මිනිහා කියන දේ නෙමේ. අනේ මට මේක අමතක වෙයිද කියන සිතුවිල්ල. අන්න එකෙන් මුලින්ම ගැළවෙන්න මචං. මම software field එකේ. ලොකු requirements කියද්දි මටත් අමතක වෙනවා (මම පට්ට බිසී වැඩක ඉද්දි උන් මීටින්ස් දාලා ඒ මගුල් කිව්වාම කොහෙද බන් ඔලුවට යන්නෙ, මම රොබෝ කෙනෙක්වෑ 😜). මම කරන්නෙ රෙකෝඩ් කරන එක. උන් මට එකෙක් ඒව කියනවා, ex : උබත් රංජා වගේ කියලා එහෙම. Who cares 🤘🏻 මේ දවස් වල work from home වැඩ. මම පොඩි screen recorder එකක් දාගෙන ඉන්නවා. මම ඒක තමා මොකක් හරි අමතක වුණොත් බලන්නේ. 🙂 මේ screenshot එකේ තියෙන්නෙ පරණ recordings ටිකක්. මම බොරු නෙමේ කියන්නේ. භාවනා කරන්න, බැරි වුනොත් psychiatrist කෙනෙක් හම්බෙන්ඩ.

    Screenshot_20211211-225225_Voice Recorder.jpg
     
    Last edited: