ජීවිතේ සුන්දරද මෙතරම් . . . !
ජීවිතේ සුන්දරද මෙතරම් . . . !
ලිව්වේ දුකා on Friday, December 4, 2009 Labels: ජීවිතේ සුන්දරද මෙතරම්, ප්‍රේමය වනාහී . . ., විවාහය සහ සතුට / Comments: (33)
චරාස් . . . .
කුස්සියේ යමක් බදින හඬින් මාව උඩ ගිහින් වගේ ඇහැරුනේ මම ඉන්නේ කොහේද කියලාවත් එක්වරම හිතා ගන්න නොහැකි ලෙසින් . . . මොහොතකින් සිහි එලවාගත් මම ඇස් නොඇරම ඇඳේ වම් පැත්ත අතගලා බැලුවේ නිලූ තාම නිදිද කියලා බලන්න . . . නිලූගේ උනුසුමත් සුපුරුදු සුවඳත් විතරක් ඉතුරු කරලා එයා නැගිටලා ගිහින් බව මට තේරුනා . . .
අඩි හයක් පළල ඇඳේ බිත්තිය පැත්තට වෙන්න නිදන දෝනි ගේ වටේටම කොට්ට තියලා වායුසමීකරනයේ සීතලට ඔරොත්තු දෙන විදිහට උනුසුම් වාතාවරනක් හදලා බෙල්ල ගාවටම වෙල්වට් පොරවනයෙන් වෙනදට වහනවා වුනත් අද එහෙම කරලා නැත්තේ දෝනිට ඊයේ රෑ අංශක 100ට පමන උන තිබුනු නිසා බව වම් පැත්තට හැරුනු මට එක්වරම සිහි වුනා . . . දෝනිගේ නළලට අතේ පිටි අල්ල තියලා රස්නේ බැලුවාම මට තේරුනේ ඊයේ රෑ තරම් ඇඟේ රස්නයක් දැන් නැති බවයි.
කොට්ටේ යට තිබුනු ජංගම දුරකතනේ අරන් මම වෙලාව බැලුවේ එලාම් එක වැදුනේ නැත්තේ ඇයි කියලා හිතන ගමන්. පාන්දර 4.30යි. දෙයියනේ මේ ගෑනු මනුස්සයට නින්ද යන්නේ නැද්ද? ඊයේ පාන්දර තුනට විතර අහම්බෙන් ඇහැරුනු වෙලාවෙත් නිලූ ඇඳේ ඉඳගෙන දෝනි දිහා බලාගෙන ඉන්නවා.
"තාම උනද . . ?"
"නෑ දැන් අඩුයි. . . !"
"ඉතිං ඔයා නිදා ගන්න ළමයෝ . . . හෙට දවසෙත් ඇහැරිලා ඉන්න එපැයි . . "
"නෑ මට නින්ද යන්නේ නෑ දුවට උන වැඩිවෙයි කියන බයටම"
"ඉතිං දැන් අඩුයි කිව්ව්නේ . . . පොඩ්ඩක් හරි නිදා ගන්න ඩාලිං"
"හා ඔයා නිදාගන්න හෙට කෑගල්ලේ යන්නත් තියෙනවානේ . . . "
"කෑම හදන්න ඕන නෑ හොඳේ මම ඔයාට ඇහැරවන්නෙත් නැතුව තේ එකක් විතරක් හදාගෙන බීල යනවා. යන ගමන් මගදි මොනා හරි කන්නම් . . ඔයා මේ නිදි මරලා ආපහු නැගිටලා උදේට කෑම හදන්න ඕන නෑ . . ."
"හරි හරි . . ඔයා නිදා ගන්න. දැන් දෝනිත් ඇහෙරෙනවා ඔයාගේ සද්දෙට"
"කොච්චර කිව්වත් වැඩක් නෑ මේ කෙල්ලට . . " මට දැනුනු සියුම් නොරිස්සුම් ගතියෙන්ම මම ඇඳෙන් නැගිට්ටේ කුස්සියට යන්න . . .
සද්ද නැතුව මම පිටි පස්සෙන් ගිහින් ඒ වෙනකොට පාන් වල බටර් ගගා හිටපු නිලූ ව අත් දෙකෙන්ම හිර කරලා බදා ගත්තා . . .
"අනේ සොරි කුකූ . . ." මගේ තිලාෂ් නමට කොහෙත්ම සම්බන්ධයක් නැති නමුත් ඈ විසින්ම මා වෙනුවෙන්ම හදාගත් සුරතල් නම.
"දුව ඇහැරිලා කෙඳිරි ගෑවොත් මට ඇහෙන්න කියලයි කාමරේ දොර වැහැව්වේ නැත්තේ . . අයියෝ එකෙන් වුනේ ඔයාව කලින්ම ඇහැරුනු එක. . " නිලූ කියන්නේ මගේ නින්ද කැඩුනු එක ගැන දුකෙන් වගේ.
"මේ හලෝ . . . මම තමුසෙව කසාද බැන්දේ වැඩකාර කමට ගෑනියෙක් ගන්න ඕන වුනු නිසා නෙමෙයි හරිද. . .?"
මම තමුසේ කියන්නේ ආදරේට බව දන්න නිලූ මගේ අත ටිකක් බුරුල් කරලා මගේ දිහා බෙල්ල විතරක් හරවලා බැලුවේ හිනාවීගෙන.
"ඔයා ඔය කිව්වට කඩවල් වලින් කන්න කැමති නැති බව මම හොඳටම දන්නවනේ බබෝ . . . ඉතිං ඔයාට කෑම හදල නොදී ගෙදරින් යැව්වොත් මට අද ඔයා ආපහු එනකම්ම ඉන්න වෙන්නේ දුකෙන්. . "
"ඔයා නිදා ගන්න. කෑගල්ලට වෙනකම් ඩ්‍රයිව් කරලා ආපහු එන්නත් ඕනනේ . . . තව පැය එකහාමාරක් තියෙනවා හය වෙන්න . . "
"මට බෑ . . ." මම කිව්වේ මුරන්ඩු කොලු ගැටයෙක් වගේ
ගෑස් ලිපේ තියෙන හාල්මැස්සෝ බැදුමේ ගින්දර අඩු කරපු නිලූ මගේ පිජාමා ෂර්ට් එකේ බොත්තම් ටික ගලවලා මගේ පපුවට ඔලුව තියා ගත්තේ අත් දෙකෙන්ම ෂර්ට් එකට ඇතුලෙන් අතදාගෙන මාව බදා ගන්න ගමන් . . .
"ඔයාගේ ලිපේ තියෙන බැදුමට මොකද වෙන්නේ මේ විදිහට හුරතල් වෙන්න ගියොත් . . ." මගේ අත් දෙකෙන්ම නිලූව තුරිළු කරගන්න ගමන් මම එහෙම ඇහුවා වුනත් මම දන්නවා මේ හැම දවසකම උදේම ඈ විඳින සුන්දර ප්‍රේමනීය මොහොත කොහොමටවත් නැති කර ගන්න ඈ අකමැති බව.
"මම බැදුමට කිව්වා මට කරදර කරන්න එපා. උදේ පාන්දර මගේ මේ ආසම විනාඩි දහය මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා . . ." නිලූ කියන්නේ මට විතරක් නෙමෙයි ඈට වත් ඇහෙන්නේ නැති තරම් හෙමීට
මම හෙමීට ඇගේ හිස් මුදුන ඉඹලා මගේ කම්මුලක් ඇගේ හිස් මුදුනට තියාගෙන ඇස් දෙක වහ ගත්තා. හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා.
මතු සම්බධයි . . .
http://dukaa.blogspot.com/

කෝ ඉතුරුටික??