ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට

    01 කොටස : http://www.elakiri.com/forum/showthread.php?t=1778556

    ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට 02

    අද වෙද්දි මන් එයා එක්ක කතා කරන්න අරගෙන මාස 05 ටත් ලන් වෙලා... මේ වෙද්දි මන් එයාට පුදුම විදිහට ආදරේ කරන්න පටන් අරගෙන.. මන් හිතන්නේ අපි දෙන්නා ආදරේ කරන්නේ මේ පළවෙනි වතාවට නෙමෙයි.. ඒ තරමට අපි දෙන්නාට දෙන්නා ගොඩක් හුරු පුරුදුයි.මට තවමත් මුලින්ම අපි කතා කරන්න ගත්ත දවසේ ඇතිවුන ඒ කුතුහලය.. තවමත් ඒ විදිහටම මගේ හිතේ තියෙනවා.

    මන් එයා එක්ක කතා කරනකොටයි දැනුනේ අපි දෙන්නා කවදා හරි හම්බවෙන්න ඉදලමයි කියලා. මන් එහෙම කිව්වේ එහෙම හිතන්න තරම් පුලුවන් විදිහේ ගැලපීම් අපි දෙන්නා ලග තියෙන නිසා. අපි දෙන්නගේ උපන් දිනය එකම දවස වුන එක. ඒ කිව්වේ එකම අවුරුද්දේ, එකම මාසේ, එකම දවසේ, අපි දෙන්නට තියෙන්නේ පැය ගාණක වෙනසක් විතරයි. ඒ පැය ගාන නිසා තමයි මන් එයාට වඩා වැඩිමල් වෙන්නේ. ඒක ලොකු පුදුමයක් නෙමෙයි කියමුකෝ. ඒත් දෙන්නගෙම ලග්නය එකම ලග්නය වුන එක, ඒ වගේම අපි දෙන්නගෙ පුරුදු, කැමති අකමැති දේවල්, කතා කරන විදිහ මේ දේවල් එකම විදිහ නිසා තවමත් මන් ඉන්නේ හිතාගන්න බැරි අමුතු ප්‍රශ්නයක තනි වෙලා. සමහර වෙලාවට අපි කතා කරනකොට, මන් දෙයක් කියන්න හැඳුවාම එයා දන්නවා මන් මොකක්ද කියන්න හඳන්නේ කියලා. මටත් ඒ විදිහටම දැනෙනවා. මේ දේවල් නිසා සමහර වෙලාවට මට ලොකු බයකුත් දැනෙනවා. මේ තරමටම අපි දෙන්නට දෙන්නා දැනෙන්නේ කොහොමද කියලා.

    "මන් හිතන්නේ මේක සංසාරගත බැඳීමක්" ගොඩක් වෙලාවට අපි දෙන්නා කතා කරනකොට එයාගේ කටින් පිටවෙන ලස්සන වචන පේලියක් තමයි ඒ.

    මන් එයා එක්ක කතා කරන්න අරගෙන මාසයක් යන්න කලින් මට පුළුවන් වුනා එයාගේ පවුලේ කට්ටියව අඳුර ගන්නේ. ගැහැණු ළමයිම තුන් දෙනෙක් ඉන්න පවුලේ, එයා තමයි බාලයා. අම්මයි අක්කල දෙන්නයි එක්ක එයා ගෙවන ජීවිතේ හරිම ලස්සනයි කියලා මට දැනුනේ මම එහෙ ගිය මුල්ම දවසේමයි. අපේ මේ කතාව ගැන අක්කල දෙන්න නම් කියන්නේ හරියට හින්දි ‍ෆිල්ම් එකක් වගේ කියල. ඒ වුනාට මේ විදිහේ ‍ෆිල්ම් එකක් මම කවදාවත් බලලා තිබුනේ නෑ.

    ඔය අතරෙ තමයි... මේ සිදුවීම සිද්ද වුනේ...

    මේ ලඟදි දවසක් එයාට එෆ්බී එකේ පාස්වර්ඩ් එක අමතක වෙලා. කිහිප සැරයක්ම මට කිව්වා ඒක හඳලා දෙන්න කියලා. අයි.ටී ෆීල්ඩ් එකේ වැඩ කාරයෙක් වුන මට ඒක මහ ලොකු වැඩක් නොවුනත් මන් කැමති වුනේ නෑ එකපාරට පාස්වර්ඩ් එක ‍ෆික්ස් කරලා දෙන්න. ඒත් මම දවස් දෙකකට පස්සේ එයාගේ එෆ්බී එකවුන්ට් එක රීසෙට් කරලා පාස්වර්ඩ් එක එයාට දුන්නා. ඉස්සර ගොඩක් වෙලාවට එෆ් බී ගිය එයා දැන් එෆ් බී යන්නේ දවස් 2-3 කට සැරයක් වගේ. එදාම හවස නිකමට වගේ මන් එයාගේ එකවුන්ට් එකට ලොග් වුනා. ටිකක් වෙලා ඔන්ලයින් ඉන්නකොට... එයාට මැස්ජ් එකක් ආවා...


    මතු සම්බන්ධයි
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං....කොටසින් කොටසට ත්‍රෙඩ් දාන්න එපා...ඊගාව කොටසෙ ඉඳල මේ ත්‍රෙඩ් එකේම ඉතුරු කොටස් ටික දාන්න....බලන අයට ඒක ලේසියි......නැත්නම් පරණ ත්‍රෙඩ් එකේ අන්තිම ට අළුතින් දාපු ත්‍රෙඩ් එකේ ලිංක් එක දාන්න.....

    කතාව එළ:cool:


    You must spread some Reputation around before giving it to ARS199 again.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මොනවා උනත් කන බොන දේවල් නම් කන්න බොන්න
    යන්න එපා.. උඹට වස දෙයි.. :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි බන් එහෙම කිව්වේ?

    මේක උඹට වෙච්චි දෙයක්ද ? :eek:

    මන් හිතුවේ නිකන් කතාවක් කියලා ...:)

    සිරා කතාවක් නම් ඉතින් දෙන දෙයක් කාපන්... :cool:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :lol::lol::lol:
    මේක ඇත්තම කතාවක් බන්...:):)


    අනේ අම්මා පල්ලා බන් මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙනවා.
    මන් යාලු උන දෙවෙනි ගෑණු ළමයා. එයයි මායි ඉපදුනෙත්
    පැය 21 ක පරතරයක් ඇතුව.

    ඊට පස්සේ මහ විනාස ටිකක් උනා.. වැඩක් නැහැ කියවලා...:(

    උඹලා දෙන්නට සුබ පැතුම්...:dull:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ අම්මා පල්ලා බන් මටත් ඔය වගේම දෙයක් වෙලා තියෙනවා.
    මන් යාලු උන දෙවෙනි ගෑණු ළමයා. එයයි මායි ඉපදුනෙත්
    පැය 21 ක පරතරයක් ඇතුව.

    ඊට පස්සේ මහ විනාස ටිකක් උනා.. වැඩක් නැහැ කියවලා...:(

    උඹලා දෙන්නට සුබ පැතුම්...:dull:

    :eek:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    එකම thread එකේ දාගෙන යමන් මචන්
    ඔයා ඔය කියන එක්කෙනා කඳාන පැත්තේ එක්කෙනෙක් ද ?
    Rep++
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මොකක්ද බං? පොඩ්ඩ පොඩ්ඩ දාන්නේ.ඔක්කොම ටික දාපං කෝ.
    කියවන්න ගත්තා විතරයි ඉවර වුණා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං....කොටසින් කොටසට ත්‍රෙඩ් දාන්න එපා...ඊගාව කොටසෙ ඉඳල මේ ත්‍රෙඩ් එකේම ඉතුරු කොටස් ටික දාන්න....බලන අයට ඒක ලේසියි......නැත්නම් පරණ ත්‍රෙඩ් එකේ අන්තිම ට අළුතින් දාපු ත්‍රෙඩ් එකේ ලිංක් එක දාන්න.....

    කතාව එළ:cool:


    You must spread some Reputation around before giving it to ARS199 again.

    :yes::yes::yes: