ජීව පරිණාමය
මේ පොළොවෙ කොච්චරක් නම් ජීවින් ඉන්නවද. සමහර ජිවින් ගැන අපිට හිතාගන්නවත් බෑ. ඇත්තටම මේ ජිවින් මෙච්චර ගානක් හැදුනේ කොහොමද ? ආබ්‍රහමික ආගම් වල කිව්ව වගේ කවුරු හරි මැව්වද ? එහෙමත් නැත්තන් මේ ජිවින් ඉබේ පහල වූනාද ? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මේ නූලෙන් උත්සාහ කරනවා.
මේ ලෝකේ අනනන්තවත් ජිවින් හිටියත් අපිට ඇහට පේන ජිවින් ඒකිව්වේ කුරුල්ලෝ,මාළුවෝ , සිව්පාවුන් ඔක්කොමගේ පොදු ලක්ෂණයක් තියෙනවා. කවද හරි ඒ මොකද්ද කියලා හිතුනද ? ඒ තමයි ඇහ , නහය , කට කියන ඉන්ද්‍රියන් තුනේ පිහිටිම. මුලින්ම ඇහ ඊට පස්සේ නහය , ඊට පස්සේ කට. මෙ ජිවින්ගේ පිහිටිම ගොඩක් ජීවින්ට පොදුයි. ඇයි එහෙම කියලා කවද හරි හිතුවද ? මේක තමයි මුල්ම ඉඟිය මේ හැම ජිවියාම තනි ජිවියෙක්ගෙන් පැවත එනවා කියලා කියන්න.
හරි අපි දැන් යමු ප්‍රධාන කතාවට. පරිණාමය. ඇත්තටමට පරිණාමය කොටස් දෙහෙකට බෙදෙනවා.
1 රසායනික පරිණාමය
2 ජීවිද්යාත්මක පරිණාමය.
හුඟක් දෙනෙක් කතා නොකරන දේ තමයි මේ රසායනික පරිණාමය. රසායණික පරිණාමය කියන්නේ ජීවය හටගන්න හේතුවුනු ප්‍රොටීන හැදුනේ කොහොමද ඒවයේ විකාශනය.
මේද අම්ල. Fatty Acids
මේද අම්ල කියන්නේ සංකිර්ණ කාබනික අනු. මේවයේ සංකිර්ණ අම්ල ජීවසෛලයේ මේද මෙම්බ්රේනය නීපදවීම සඳහා දායක වෙනවා.
විද්‍යාඥ්ඥයෝ විශ්වාස කරේ උඩ තියෙන වර්ගයේ මේද අම්ල හැදෙන්න පුළුවන් මොකක් හරී ජීව සාම්පල ඇතුලේ විතරයි කියල. ඒත් අලුත් පරික්ෂන වලින් හොයාගෙන තියෙනවා ජීවයක් සම්බන්ධ වෙන්නේ නැතුවත් ඕනකරන තත්වයන් ඇතුලේ මේද අම්ල නිපදවන්න පුළුවන් කියල. විශේෂම දේ තමයි මේ තත්ව ප්රාග් ඓතිහාසික පෘථිවියේ තත්වයන්ට සමාන වෙන එක. ප්රාග් ඓතිහාසික යුගයෙ තිබ්බ කාබන් සරු පොළොවේ හයිඩ්රහන් , ඔක්සිජන් කාබන් මොනොක්සයිඩ් ජලය සහ අනෙකුත් ලවණ තියෙද්දි මේද අම්ල නිපදවෙනවා.
මේද අම්ල අනේක් සංයෝග එක්ක බලද්දි සුවිශෙෂි වෙනවා. හැදෙන අනෙකුත් සංයෝග වලට වඩා මේද අම්ලවල ධ්‍රැවනය වැඩියි. ඒ කිව්වේ ඔක්සිජන් හිස ජලයෙන් ආකර්ෂණය වෙන්කොට අනේක් පැත්ත ජලයෙන් විකර්ෂනය වෙනවා. හුඟක් මේද අම්ල ජලයේ තියෙනකොට මේ ආකර්ශන විකර්ශන හේතුන් නිසා මේවා එක පූංජයක් (ගුලියක්) විදියට ගොනුවෙනවා. මෙ ගොනු වීම නිසා අනෙක් අනු සංයොග වලට වඩා මේ සංයෝග කාලයත් එක්ක ජලයේ රඳාපවතිනවා. මේ ගුලියක් වගේ එකතුවෙලා අලුත් පද්දතියක් ගොඩනැගෙනවා හරියට සෛලයක මෙම්බ්රේනය වගේ. මේ ගුලිය ඇතුලේ හිස් අවකාශය අලුත් පද්ධතියක් නිර්මාණය වෙනවා අලුත් අලුත් විදියේ රසායනික ක්‍රියාවලට. මේ මේදාම්ල ගුලිය හඳුන්වනවා රසායනික පද්ධතියක් කියල.
හැබැයි මේ රසායනික පද්ධතිය ජීවයක් කියලා සැලකෙන්නේ නෑ. හේතුව තමයි මේ මේද අම්ල ගුලියට ගුනනය වෙන්න බෑ. ජිවයේ මූලික ලක්ෂණය ගුනනය වීම. දැනට ජීවවිද්‍යාවේ තියෙන ක්නොව්ලෙජ් ගැප් එක තමයි මේක රසයානික පරිණාමයෙන් කොහොමද ජීවපරිණාමය සම්බන්ධ කිරිම. ඒ කිව්වේ මොකක් හරි මෙහෙම ගොඩනැගෙන සංකිරන රසායනික පද්ධතියකට පුළුවන් වෙන්න ඔනේ ඒ හා සමාන (සර්ව සමාන වෙන්න ඔනේ නෑ) තවත් රසායනික පද්ධති නිර්මාණය කරන්න. එතකොට මේ හිඩැසත් වැහීලා ජිව විද්‍යාවේ ලොකුම ප්රශ්නය වෙන ජීවයේ මූලාරම්භය කියන ප්‍රශ්නයත් විසඳෙනවා.
මේ දවස්වල කොරොනා ගැන හොයන්න ගිහින් හොයාගත්තුව තමයි මේවා. කිරියේ උන් එක්ක බෙදාගන්න හිතුවා.
