ජී.එල්. සුෂ්මා හමුවීමට යයි
අදදෙරන
ජී.එල්. සුෂ්මා හමුවීමට යයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සුබසාධන කටයුතු සහ ධීවර ගැටළු ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සාක්ච්ඡා පැවැත්වීමට නියමිතය.
එරට නව රජය පත්වීමෙන් පසු විදේශ අමාත්‍යවරයා ඉන්දීයාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙය වේ.
ධීවර ගැටළුව සම්බන්ධයෙන් ඉන්දීය නව රජයට ද තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් එල්ලවන බලපෑම් ඉහළ ගොස් ඇත.
විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දීය නව රජය පත්වීමෙන් පසු මෙරට අත්අඩංගුවෙ පසු වූ ඉන්දීය ධීවරයින් 175 දෙනෙකු නිදහස් කර ඇති අතර තවදුරටත් රඳවා සිටින පිරිස් ද නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.