ජුලියන් අසාන්ජ් ගේ oxford union දේශණය

obama2

Member
Apr 18, 2012
424
30
0
ජුලියන් අසාන්ජ් ගේ oxford union දේශණය

ජුලියන් අසාන්ජ් ගේ oxford union දේශණය

Posted on 11 April 2013.


මහත් ආන්දෝලනයට පත් විකීලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් විසින් oxford ශිෂ්‍ය සංගමය ඉදිරියේ පවත්වන ලද දේශණය අපි පහතින් පළ කරන්නෙමු. එම දේශණය පවත් ලැබූ අවස්ථාවේ දී පසුපස තිරයේ දිස් වන්නේ ඇමෙරිකානු හමුදා විසින් ඉරාකයේ සිවිල් වැසියන් මරා දමන දර්ශණයි. මේ නිසා ඇමෙරිකාව විසින් මංපහරන්නෙකු සොයන ආකාරයෙන් ජූලියන්ව සොයමින් සිටියි. ලංකවේ යම් අයෙකු මෙම දේශණයට සහභාගී වූ විට අපේ කට්ටිය ඔහුට ඇත්තේ රත්තරං දිවක් යැයි කියමින් ප්‍රසංසා කරයි. oxford සරසවිය විසින් මෙම දේශණය අන්තර්ජාලයට මුදා හරින්නේ පිටු පස තිරයේ දර්ශණ මකා දමමිනි. එයට හේතුව වන්නේ මෙම දර්ශණ පටිගත කරණු ලබන කැමරා සහිත ගුවන් සමාගමි විසින් ඔහුනට විරුද්ධව නීතිමය පියවර ගනු ලැබ ඇති බැවිනි.

පවතින ක්‍රමයට අනුගත නොවී අභියෝග කරන පුද්ගලයන්ට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ පසුකාලීනවය. ඔවුනට මුලින් සිදු වන්නේ කුණු බැනුම් අසන්නටය. නමුත් පවතින සමාජ ක්‍රමයට එරෙහිව අරගල කිරීමේ දී ඒ සියල්ලට මුහුණ දීමට ශක්තියක් තිබිය යුතුය. ජූලියන් මුහුණ දෙන්නේ ඒ අභියෝගයටයි.

මෙම දේශණය පවත්වන අතරතුර දී කාන්තා සංවිධාන විසින් oxford සරසවිය ඉදිරිපිට උද්ඝොෂණයක නිතර වූයේ ජූලියන් ස්ත්‍රී දූෂකයෙකු වන බවත් ඔහු ස්විඩන් කාන්තාවක් දූෂණය කළ බැවින් ඔහුට එරෙහිවය. ඉරාකයේ මිනිසුන් ලක්ෂ ගනණක් මරා දැමීම ගැන කතා කරනවාට වඩා එක් ස්විඩන කාන්තාවක් වෙනුවෙන් පෙනී සිටීමට මේ කාන්තාවක් උද්ඝොෂණය කලෝය.


ස්විඩනයේ නීතිය අනුව ලිංගික සම්බන්ධකම් පවත්වන අතරතුර කාන්තාව විසින් දැන් නතර කරන්න යැයි ඉල්ලීමක් කළ පසුවත් දිගටම පුරුෂයා විසින් සංසර්ගය පවත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාල කාන්තාවට නඩු මගට යන්නට පුලුවන. එමෙන්ම ඕනෑම අවස්ථාවක ආරක්ෂිත උපත් පාලන කොපුවක් පලදින්න යැයි කාන්තාව ඉල්ලා සිටි විට පුරුෂයා විසින් එය මගහරින්නේ නම් එයටද නඩු මගට යන්නට කාන්තාවට පුලුවන. ජුලියන්ට සිදු වන්නේ එවන් අකරතැබ්බයකි. සාමාන්‍යයෙන් යන්න ඔන්න මෙන්න කියා තිබියදී ඒ ආකාරයෙන් නතර කරන්න යැයි කී සැනින් නතර කල හැක්කේ මයික් ටයිසන්ලා වැනි විශ්මකර්ම පුත්‍රයන්ටය.සාමාන්‍යයෙන් එවන් නීතියක් ලංකාවේත් පණවන්නේ නම් ලංකාවේ බහුතර පිරිමින් ප්‍රමාණයකට ඉන්නට සිදු වන්නේ සිරගෙවල් තුළය.


ෆේස්බුක් මගින් දේපාලන විප්ලවය කරන්නට සිතා සිටින අය දැනගත යුතු වැදගත් කරුණු රැසක් ජුලියන් අවධාරණය කරයි. බොහෝ අය විවිධ දෑ ෆේස්බුක් තුළ අප්ලෝඩ් කිරිම මගින් ඔවුන් කරන්නේ සී.අයි.ඒ සංවිධානයට උදව්වකි. මේ වන විටත් ඒ සියලු තොරතුරු සී.අයි.ඒ සංවිධානය විසින් රැසකරමින් සිටියි. ෆේස්බුක් විප්ලවාදීන් එය දැනගත යුතුය. අනෙක් අතට විප්ලවය අන්තර්ජාලයෙන් කරන්නට කරන්නට බැරිබවත් අරගලය ඇත්තේ මහපොළොවේ ජනතාව සමග බවත් අවබෝධ කරගත යුතුය. ජූලියන් අසාන්ජ් ගේ පහත දේශණයට සවන් දෙන්න



ජුලියන් අසාන්ජ් ගේ oxford union දේශණය


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,


 

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සාමාන්‍යයෙන් යන්න ඔන්න මෙන්න කියා තිබියදී ඒ ආකාරයෙන් නතර කරන්න යැයි කී සැනින් නතර කල හැක්කේ මයික් ටයිසන්ලා වැනි විශ්මකර්ම පුත්‍රයන්ටය.සාමාන්‍යයෙන් එවන් නීතියක් ලංකාවේත් පණවන්නේ නම් ලංකාවේ බහුතර පිරිමින් ප්‍රමාණයකට ඉන්නට සිදු වන්නේ සිරගෙවල් තුළය.
    :yes::yes::yes::yes::yes:
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    විප්ලවය අන්තර්ජාලයෙන් කරන්නට බැරිබවත් අරගලය ඇත්තේ මහපොළොවේ ජනතාව සමග බවත් අවබෝධ කරගත යුතුය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පවතින ක්‍රමයට අනුගත නොවී අභියෝග කරන පුද්ගලයන්ට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ පසුකාලීනවය. ඔවුනට මුලින් සිදු වන්නේ කුණු බැනුම් අසන්නටය. නමුත් පවතින සමාජ ක්‍රමයට එරෙහිව අරගල කිරීමේ දී ඒ සියල්ලට මුහුණ දීමට ශක්තියක් තිබිය යුතුය. ජූලියන් මුහුණ දෙන්නේ ඒ අභියෝගයටයි.

    :) :)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    පවතින ක්‍රමයට අනුගත නොවී අභියෝග කරන පුද්ගලයන්ට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ පසුකාලීනවය. ඔවුනට මුලින් සිදු වන්නේ කුණු බැනුම් අසන්නටය. නමුත් පවතින සමාජ ක්‍රමයට එරෙහිව අරගල කිරීමේ දී ඒ සියල්ලට මුහුණ දීමට ශක්තියක් තිබිය යුතුය.


    :yes::yes::yes::yes: