ජූනි ඉඳන් පඩි නෑ
ජූනි මාසේ ඉඳන් පඩි ගෙවන්න බාන්ඩාගරේ සල්ලි නෑ.ගෝඨාබය මහත්තයා ආවොත් විතරයි පඩි ගන්න පුලුවන්.ඒක නිසා ආන්ඩුව වෙනස් කරන්නම වෙනවා
ජූනි මාසේ ඉඳන් පඩි ගෙවන්න බාන්ඩාගරේ සල්ලි නෑ.ගෝඨාබය මහත්තයා ආවොත් විතරයි පඩි ගන්න පුලුවන්.ඒක නිසා ආන්ඩුව වෙනස් කරන්නම වෙනවා
තවත් මාස කිහිපයක් ඇතුළත රජයේ සේවකයන්ට පඩි ගෙවීමට වත් නොහැකි තරමට ආණ්ඩුව අර්බුදයකට යන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
එම අර්බුදය පැමිණි විට ජනාධිපති මන්දිරය වැටලීමට එන විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරය වටලන්නැයි තමන් විසින් පවසන බවත් ආණ්ඩුව කරන්නේ තමන් නොව අගමැතිවරයා ප්රමුඛ කණ්ඩායම විසින් බවත් තමන් පවසන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ දී හමුවූ අවස්ථාවේදීය.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමට කලින් පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදු වූ අතර ඊට සන්ධානය සියලු මන්ත්රීවරුන් මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය.
මෙම අර්බුදයට ගත හැකි විසඳුම කුමක්දැයි සන්ධාන මන්ත්රීවරයෙකු ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා ඇත්තේ ආණ්ඩුව වෙනස් කිරීම හැර වෙනත් පිළිතුරක් නැති බවයි.