ජෙනරල් පොම්ප

Wal Bada

Well-known member
  • ෆොන්සේකා ගැන ඇත්ත

    ජෙනරල් පොම්ප

    69450_161064197255290_100000551323823_419014_928432_n.jpg

    කාලයක් මහින්ද ලංකාව තුල පොර විය. ඔහු හැර වෙනකෙක් ගැන ලාංකිකයෝ නොසිතූහ. යුද්ධය අතරතුර තම පතිවත බිඳ නොගනිමින් සදාදර ආදරයක් මහින්දට පොරොන්දු වීමට ඔවුහු සමත් වූහ.

    "ජෙනරාල්" යන වචනය ලාංකික ශබ්ද කෝෂයට ඇතුලු වන්නේ යුද්ධය හමාර වී මාස කිහිපයකට පසුවය. ඒ හමුදාපති සරත් ෆොන්සේකා ජෙනරාල් තනතුරට උසස් කිරීමෙන් පසුව නොව ඔහුට මහින්ද පඩත්තල සැලකිලි දැක්වීමට පටන් ගත් විටය. හද්ද නාකියෙකු හා විශ්‍රාමික මැරයෙකු වූ ගාමිණි ලොකුගේ (කැස්බෑව ප්‍රදේශය තුල ජවිපෙ කැරැල්ල මැඩ පැවැත්වීම භාරව සිටියේ ‍ලොකුගේ බව ප්‍රකට කරුණකි) යටතේ වැඩ කිරීමට සැලැස්වීමට යොමු කරන විට ජෙනරල් ඉන් මිදී තමන්ගේ මගක් ගැනීම යොමු වන බව පෙනී ගියේය. ජවුසම ඇරඹුනේ එතනින්ය.

    යන එනමං නැතිව සිටි ජෙප්පෝ ජෙනරාල්ට ජැකක් ගැසීමට උත්සහ කලත් තමන්ගේ පුරුෂ නිමිත්ත ජැකක් තියා අල්පෙනෙත්තක් තරම්වත් වැදීමට තරම් නොවන බව දැකීමෙන් පසු මහාපුරුස් එජාපයද හවුල් කරගෙන පෝලිම් ජැකක් දැමීමට ජෙනරාල්ව රහසේ එකඟ කර ගන්නා විට මහින්දට "ආපසු හැරෙන්න බෑ" වේදිකා නාට්‍යය තහනම් කර දැමීමට පවා සිතිණි. ඔය කොහේ හෝ හොඳට පඩි ලබා දී "සෑර්" කීමට වන්දි භට්ටයෝද, ඉල්ලූ විට ඇඳිවත ඉස්සීමට ස්ත්‍රීන්ද සැට් කර දැමුවා නම් ජෙනරාල් යන්න තවත් බටහිර අධිරාජ්‍යවාදී සුදු ජාතික ඉංග්‍රීසි නාමයක් වීමට තිබිණි. කෙසේ වුවත් ඇර දමා ලැබෙන අවසාන ප්‍රතිඵලයට වඩා ඇරීම යන කාර්යයෙන්ම මහින්ද සතුටට පත්වන නිසා නිදිකුම්බා පැලයක් වූ ජෙනරාල් අන්තිමේදී අර්ශස් ගෙඩියක් දක්වා වර්ධනය කර ගැනීමට ඔහු සමත් විය. (වරදවා වටහා නොගැනීම සඳහා - ‍යුද්ධයේ සාර්ථකත්වය සඳහා සරත් ෆොන්සේකාගේ දායකත්වය අති මහත් බව වටහා ගත යුතුය. යුද්ධයක් සිදු කිරීමට එයටම ගැලපෙන කුරිරු තීරණ ගත හැක්කෙකු අවශ්‍ය වන අතර යුද්ධය මෙලෙස ඉක්මනින් අවසන් කොට ලාංකිකයින්ට දිගු කාලයක් තිස්සේ නොලැබුන ආතල් එකක් ලබා දීමේ ප්‍රධාන වගකීම මහින්ද හා සරත් සම සමව දරා ගනියි. යුද්ධය හැර වෙනත් විසඳුමක් නොමැති වුනු බවද, යුද්ධය සාපේක්ෂව ගත් කල සාමාන්‍ය ලෙස පැවති බවද ලේඛකයා පිලි ගනී. NGO කට පාඩම් බයිලා වල සඳහන් වන පරිදි මෙම යුද්ධය මිනිස් ඉතිහාසයේ කුරිරුතම යුද්ධය නොවේ.)

    කෙසේ වුවත් මේ ලිපිය ලියැවෙන අවස්ථාවේදී ජෙනරාල් හිර කූඩුවේය. ජෙප්පෝ ඔහුගේ පිටේ "අස්සයා ගෝන්" පැද දැන් හති වැටී පැත්තකට වී සිටිති. අලියා ජෙප්පන් සමඟ පෝලිමක් දැමීමට ගොස් තමාට සිටි වටිනාම වස්තුව, තමාගේ (නිදා සිටි) ඡන්ද පදනම අන්තයටම නැති කරගත්තේය.

    ජෙනරාල් හිරේට වැටෙන තුරු ප්‍රජාතන්ත්‍රවාදය යන වදන ද ලාංකික ශබ්ද කෝෂය තුල පැවතියේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගත්තේ ජෙනරාල් ඇතුලු ජෙප්පන් විසිනි (අලියෝ එය මෝඩ ජෝක් එකක් බව කලින් දැන ගෙනද මන්දා වචනය කලින්ම අත හැර දැමීය). දැන් පාර පුරා තාප්ප වල ප්‍රජාතන්ත්‍රවාදය යහමින් වැජඹේ. ඒ තියා බ්ලොග් ඇතුලේද අම්බානට ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරී යයි.

    දෙමළාට පශ්චාත් භාගයෙන් දුම් පිට වෙන තෙක් මල්ටි බැරල් වදින විට මතක් නොවූ සම අයිතීන් දැන් විහිලු කතාවක් තුල හෝ බ්ලොග් එකක ප්‍රතිචාරයක් ලෙස වැටේ. කෙල්ල කොල්ලා දාලා ගිය බ්ලොග් සටහන් වල වැරැද්ද මහින්දට පටවා පවුල් පාලනය එලවීමට කොල්ලාට ඇරයුම් කරනු ලැබේ. ඉස්කෝලේ පේ‍පරේ වැරැද්දට තිබුනත් වැරැද්ද මහින්ද ඇතුලු පවුල් පාලනේය. බොස් සේවකයින්ට අමුතුවෙන් සලකන්නේ මහින්දගේ ආදර්ශය මුලු රටම අරන් ඇති නිසාය. ඒ තියා බස් එකේ කොන්දා අපිට පාට් එක දාන්නේද මහින්දගේ පවුල් පාලනේ නිසාය.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • Sarath+Fonseka+speaks+to+reporters2.jpg

    වත්පොත ඇතුලේ තත්වය අති භයානකය. එහි යන්තමට හෝ මහින්ද ගැන කතා කල නොහැක. ජෙනරාල් විසින් ඔහුම ඇවිත් ප්‍රතිචාර දමන්නා සේ ප්‍රජාතන්ත්‍රවාදය අම්බානට රැකේ. නිදන් වස්තු කොල්ල කන්නේ මහින්දගේ පවුල් පාලනය නිසාය. තම්බි පන්සල් විනාශ කර දමන්නේ (මෙසේ කියන්නේ "හෙලයා" සහ දමිත් ජේම්ස් කේතකය) මහින්දගේ පවුල් පාලනය නිසාය. පාන් ගෙඩිය ඉහල යන්නේ මහින්ද පවුල් පාලනයට කැමති නිසාය. අවයව දියවෙන ගානට වහින්නේ මහින්දගේ දූෂණ නිසාය (මෙහෙම කියන්නේ කැපිටලිස්ට් වත්පොතේද හෙලුවැල්ලෙන් සැරිසරා චේ ආතල් ගන්නා පොඩි බබාලා සමඟ සුහද හමු පවත්වනා හදුන්නෙත්ති යන තකතීරුවාද අයත් ජවිපෙ හේතුවාදී මාකස්වාදීන්ය). මෙගා ස්ටාර් චාටර් වෙන්නේ මහින්ද‍ පාලනය නිසාය. මෛත්‍රී බුදුන් කියා හොරු පහල වෙන්නේ මහින්ද නිසාය. මහින්ද කැකිල්ලේ රජෙකි. අමු චාටර් මනුස්සයෙකි. ජෙනරාල්ටද දුම් යන්නට පහර දෙන කමකට නැති ‍නරකෙකි.

    මේවායින් සමහර දේ අසත්‍ය නොවන බවද පැවසිය යුතුය. දූෂණය, මර්ධනය ආදී දේ මහින්දගේ ප්‍රතිපත්ති වල ඍජු ප්‍රතිපල වේ. නමුත් මෙවැනි තකතීරු ගොන් තර්ක නගන අසූචි මොලකාරයින් එජාප පාලනය හෝ චන්ද්‍රිකා පාලනය ඔහේ අමතක කර දමති. දූෂණය මහින්ද සොයා ගත් එකකි. රජයේ නිලධාරීන් මහින්ද එන්නට පෙර හතර පෝයට සිල් ගත්තවුන්ය. මහින්ද නැතුව ජෙනරාල් ආවා නං මේ එකක්වත් නැත.

    ජෙනරාල්ට හුලං පුම්බා පාවෙන බැලුමක් කරවන වත්පොත් ‍ප්‍රජාතන්ත්‍රවාදීන්ට හා බ්ලොග් බයිලා වලට පහත කරුණු මතක් කර දිය යුතුය.

    * ජෙනරාල් යුද්ධයක් මෙහෙයවූ පුද්ගලයෙකි. වෙනත් වචන වලින් කියන්නේ නම් විරුද්ධකාරයින් මරණීය ක්‍රමවේද තුලින් තුරන් කිරීමට පුහුණු වූ අයෙකි. මර්ධනය පිළිබඳ උපාධි ගසා තීසිස ලියා දැමූවෙකි.


    * දේශපාලනය යන කූටෝපායික ක්‍රියාමාර්ග පිලිබඳ මෙලෝ හසරක් නොදන්නා සහ ඒ අනුව ගත් කල බිළි‍ඳෙකුගේ තත්වයට වැටිය හැකි පුද්ගලයෙකි.


    * වැදගත් උපාය මාර්ගික තීරණ ගැනීම පිලිබඳ විශ්වාසය තබන්නෙක් නොවේ (යුද්ධය උපාය මාර්ගිකව සිදු වූවාට වඩා ශක්තිය උපයෝගී කර ගනිමින් - brute force - සිදු කල බව නැවත හැරී බැලුවොත් පෙනෙනු ඇත‍). බොරු පිට බොරු හලා ජෙනරාල්ව ඉතාමත් පහසුවෙන් කෝප ගන්වා "කලවැද්දා" යන්න ප්‍රසිද්ධියේම කියා ගැනීමට මහින්ද පක්ෂයට හැකි වූයේ ඒ නිසාය.


    * හයිකෝප් යන්න අසත්‍යයක් නොවේ. එය සත්‍යයකි. එසේ නොවේ, ජෙනරාල් එසේ දූෂිත පුද්ගලයෙකු නොවන බව කියන්නෙක් සමඟ වාද කල යුතු නැත. ඒ වෙනුවට ජම්බෝ පීනට් එකක් අරන් දී ගෙදර යැවිය යුතුය.


    * ජෙනරාල් බඩුකාරයෙක් නොවන බව ප්‍රසිද්ධියේ කියන අයෙකු ජෙනරාල් සමඟ වැඩ කර ඇති කාන්තාවන් එක් අයෙකු හෝ දන්නවාදැයි සොයා බැලිය යුතුය.


    ‍ඉහත සඳහන් වන්නේ හදිසියේම දේශපාලනික වී ඇට දෙක එකට වද්දාගෙන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කෑ ගසන මල්ලිලා නංගිලා පිරිසට මතක් කර ගත යුතු සත්‍යයි. ජෙනරාල් යනු සියලු දූෂණයෙන් මිදී ඇති පුන්‍යවන්තයෙකු නොවේ. ඔහුද මහින්ද සේම දූෂිත සමහර විට ඊටත් වඩා කුරිරු අයෙකි. මහින්ද නාකයි, ජෙනරාල් හොඳයි යන කරුණේ තව දුරටත් සත්‍යයක් නැත. දත කට කාගෙන ජෙනරාල්ව එලියට ගැනීමට වෙර දරන්නන්ටද, ඔහුව රජ පුටුවේ ඉඳුවන්නට යන්නන්ටද පහදා දිය යුතු සත්‍යය එයයි.

    මෙයින් කියැවෙන්නේ මහින්දගේ ක්‍රියා අප පිළිගත යුතු බවවත්, රනිල් අපගේ නායකයෙක් වශයෙන් පිළිගත යුතු බවවත් නොවේ. මොවුන් වෙනුවට කේන්තිය පාලනය කර ගැනීමටවත් නොහැකි බඩුකාරයෙක් පසු පස යෑමට තරම් ලාංකිකයින් දුක්ඛිත තත්වයකට පත් නොවිය යුතු බවයි. කේන්තිය පාලනය කර ගත හැකි, කපටි, බඩුකාරයෙක් වන මහින්ද ඊට වඩා වටින්නේය.

    එම නිසා නොදන්නා දේශපාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් ප්‍රීච් නොකර මොල කුහරය තුල ඇති අසූචි ඉවත් කර ගන්නා ලෙසට මේ ජෙනරල් පොම්ප වලින් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් කතා කර චේ තමාගේ රූපය වෙනුවෙන් දමාගෙන විරු සමරුවට ගැන්සි බැස්සාට දේශපාලනික වන්නේ නැත. ජෙනරල්ට හුලං පුම්බන්නේ තවත් ගෙම්බන් කිහිප දෙනෙක් බව දන්නෝ දනිති. එසේ දන්නා බව නොදන්නා මේ අත දරුවෝ මහින්දට විරුද්ධව වත්පොතේ යුද්ධ ප්‍රකාශ කරති. මහින්ද තබා මහින්දගේ වත් පොත් භාරව ඉන්නා පුද්ගලයාවත් මේවා දකිනවාද යන්න සැක සහිතය.

    කරුණාකර ගෙදර යන්න. මල් සැඳෑවට රික්වෙස්ට් එකක් දමා චින්තිට කතා කොට ගන්ජා උරන හැටි සින්දු වලින් අහන්න. සමාජය තේරුම් ගැනීම සඳහා වත්පොත් ප්‍රතිචාර වලට වඩා වැඩි කැපවීමක් අවශ්‍ය කරයි.
     
    Aug 10, 2010
    347
    11
    0
    ඒ මචන් දෙන්නැතුව ඉදහංකො මේකෙ දේසපාලනේ කොරන්න ගියාම යසට ඉන්න උන් මරාගන්නවා