ජෙනරාල්ගෙන්-ජනපතිට-අභියෝගයක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙනරාල්ගෙන්-ජනපතිට-අභියෝගයක්

    අවි ගනුදෙනු ගැන ප්‍රසිද්ධ විවාදයකට ජෙනරාල්ගෙන් ජනපතිට අභියෝගයක්


    sf_v.jpg
    යුද අවි මිලදී ගැනීමේදී සිදුවූ ගනුදෙනු පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කර සිටී. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඒ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සහ මංගල සමරවීර මහත්වරුන් විසින් ජනාධිපතිවරයාට අද මෙම අභියෝගය යොමු කළේය.


    පසුගියදා ජනාධිපතිවරයාගේ පාර්ශ්වකරුවකුවන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සරත් ෆොන්සේකා මහතාගේ ඥාතීන් දූෂිත අවි ගනුදෙනු සිදුකර ඇති බවට එල්ල කර චෝදනාව සහ ඒ පිළිබද ප්‍රසිද්ධ විවාදයකට ‍එන ලෙස කළ අභියෝගයට පිළිතුරු සපයමින් ඔවුන් එම අභියෝගයකර තිබේ.

    විමල් වීරවංශ මහතාගේ එම අභියෝගයට ස්තූතිය පළකරන සම සභාපතිවරුන් මෙවැනි සංවාදයක දී එම විෂය පිළිබඳව අවබෝධයක් නොමැති අයගේ මැදිහත්වීම විසින් ව්‍යාකූලතාවයක් ඇතිකරනු ඇති බවත් විශේෂයෙන්ම යුද්ධයට භාවිතා කළ අවි ආයුධ, ඒවායේ ප‍්‍රමාණයන් හා ඒවාට වැයවූ මුදල් ගැන කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයෙකු සමග මෙවැනි සංවාදයක් පැවැත්වීම අර්ථ විරහිත බවත් පෙන්වා දෙයි.

    එබැවින් මෙම සංවාදය එවකට හමුදාපතිවරයාව සිටි වත්මන් ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අතරත් ඒ කාලයේ සිට වර්තමානය දක්වා ආරක්‍ෂක ඇමතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයා අතරත් සිදුවිය යුතු බව ඔවුන් පවසයි.

    එමෙන්ම විමල් වීරවංශ මහතා පවසන ගනුදෙනුවද ඇතුළු යුද අවි මිලදී ගැනීමට අදාල තවත් සැක සහිත ගනුදෙනු ගණනාවක් පිළිබඳව ඉදිරියේ දී සංවාද මාලාවක් පවත්වන ලෙසද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ado MR kumbala malu kawanam widopan kiwwa
    mata hodatama sure MR okata enne na
    mokada telepromeeter ekak natuwa minihata katha karaganna ba ne thaama
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ado MR kumbala malu kawanam widopan kiwwa
    mata hodatama sure MR okata enne na
    mokada telepromeeter ekak natuwa minihata katha karaganna ba ne thaama
    සිරා සිරා MR මහ පුත්තලම් බූරුවෙක්:lol:
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    munta pissuda?
    ai ape mahinda maamata joke danne?
    ape mahinda maamata telepromptor natuwa kata karanna bari bawa dan nadda?:rofl:
    owa vjathika kumanthrana:lol:
     
    Last edited: