ජෙනරාල්ගේ සේනක අත්අඩංගුවට ගැනීමට රහස් පො
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රධාන සම්බන්ධීකාරක සේනක ආර්නොල්ඩ් හරිප්රිය ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරින් පිරිසක් ඔහුගේ මෑණියන්ගේ නිවසට අද (25) අළුයම 1.00ට පමණ පැමිණ තිබේ. ඒ වනවිට ඔහු එම නිවසේ නොමැතිව සිටි හෙයින් එම නිළධාරීන් අද පෙරවරු 10.00ට පමණ යළි එම නිවසට පැමිණ තිබේ.
ඌවතැන්නේ සුමනහිමියන් බොරු චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගත් ලෙසම පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රධාන සම්බන්ධීකරන ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරමින් සිටින බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකයේ ප්‍රධානියෙකු මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසීය.
සේනක සිල්වාගේ මැණියන්ගේ නිවසට පැමිණි රහස් පොලිස් නිලධාරීන් විසින් සේනක සිල්වාට රහස් පොලීසියේ සමූහ මංකොල්ල විමර්ශණ අංශයට පැමිණෙන ලෙස දැනුම්දී ඇති ලිඛිත නියෝගයේ මෙසේ සඳහන් වේ.
1979 - අංක 15 දරන නඩු විධාන සංග්‍රහ පනතේ වගන්ති 109 (6) යටතේ කරනු ලබන නියමය.
1. කොළඹ කොටුව නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් පරීක්ෂක කරුණාතිලක වන මම 1979 අංක 15 දරණ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පනතේ 6වන පරිච්ඡේදයේ පීඩාකාරී ආයුධ නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීම සඳහා ආධාර අනුබලදීම සඳහා පරීක්ෂණයක් පවත්වාගෙන යමි.
2. ඉහත කී පරීක්ෂණ සම්බන්ධයෙන් අවස්ථාගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්, ඔබ කැඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී ඇත.
3. එහෙයින්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ වගන්ති 109 (6) යටතේ මා වෙත පැවරී ඇති බලතල අනුව 2010 ජනවාරී 25වන දින පැය 09.00 ට කොළඹ කොටුව මහලේකම් ගොඩනැගිල්ලේ සිව්වන/පස්වන මහලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයට පැමිණ පෙනී සිටින ලෙස ඔබට මෙයින් නියම කරමි.
විමර්ශන නිලධාරී
2010.01.24