මේ එක site එකක්වත් පිළිගන්න පුළුවන් විශ්වාසදායක ඒව නෙවෙයි බං ඒක නිසා අපිට කියන්න බෑ ඇත්තටම මොකක්ද උනේ කියල 
අත් අඩංගුවට ගනිද්දි පහර දීලලු
ඖෂධ දෙන්නෙ නෑලු
මටනං ඕව ශුවර් නැත
මටත් ඕකම තමයි හිතෙන්නෙ. මුලදිම සමහර තැන්වල කියවුණා නාවික හමුදා මූලස්තානයේ සිටින බවත්, බිරිඳට බැලීමට ඉඩ දෙන බවත්. සමහර තැන්වල කියනවා ඉන්න තැන දන්නෙ නැත, බලන්න දෙන්නෙ නැත කියලා. අත් අඩංගුවට ගන්න තැන හිටි දේශපාලකයො කියල තිබුණේ යාමට ප්රතික්ෂේප කළ පසු අත් වලින් ඇදගෙන වගේ ගිය බව. පහර දුන් බවක් සඳහන් වුණේ නැහැ.
මේ සිද්ධියෙන් වාසි ලබා ගැනීමට තැත් කරන දේශපාලන සහ වෙනත් ආයතන කාක්කො හත්දෙනෙක් වමනය කරන බවයි මට හිතෙන්නෙ.
නමුත් මෙහෙමත් දෙයක් තියෙනවා. පහුගිය දිනවල ජෙනරාල් ප්රකාශ කළ දේවල් රටට අහිතකර වුණත්, ඔහු රටට සේවයක් කළ පුද්ගලයෙක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මීට වඩා වෙනස් අන්දමකින් ක්රියා කළ යුතුව තිබුණා. ඔහු නිල ඇඳුම පිටින් දේශපාලනය කළ බව සොයාගෙන තියෙන්නෙ දැන්ද? එහෙමනම් ඔහු විසින් කළ සේවය සළකා යම් සහනයක් සැලසිය යුතුව තිබුණා. නැත්නම් මීට වඩා විනිවිද දැකිය හැකි ක්රියා මාර්ගයක් තුළින් දඬුවම් කළ යුතුව තිබුණා.
ඔහු කිරීමට තැත් කළ දෙය බරපතල වුණත්, මේ නගා ඇති චෝදනානම් ඔහු කළ සේවය සළකා නොසළකා හැරිය යුතු බවයි මගේ හැඟීම. කිරීමට තැත් කළ දෙය වුණත් සාකච්ඡා කර විසඳා ගැනීමට උත්සාහ කළ යුතුව තිබුණා.