ජෙනරාල්ව නිදහස් කිරීම උගුලක්
ජෙනරාල් නිදහස් කිරීම පිටුපස ‘උගුලක්’ !
May 16, 2012 2:03 am 0 comments
Share this Article
Author:
EDITOR
දේශපාලන හේතුන් මත සිරගතකොට සිටින ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන මුවාවෙන් ඔහුව දේශපාලන උගුලක සිර කිරීමේ උත්සාහයක් පවති. ජනාධිපතිවරයාගෙන් කඩි මුඩියේ ‘නිදහසක්’ නොලැබුණොත්, ඉදිරි දින කීපය තුළදී ඔහුට අධිකරණයෙන් ඇප ලැබීමට නියමිතව තිබූ බවත්, එය හොඳින් දන්නා ජනාධිපති ඊට පෙර ජෙනරාල්ව නිදහස් කර ලකුණු දා ගැනීමේ ප්රචාරක මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ජෙනරාල්වරයාට හිතවත් ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු අප වෙත පැවසීය.
අධිකරණයේ විභාගවන නඩුවෙන් පසු ජෙනරාල්වරයාට ඉතා ඉක්මණින්ම නිදහස් වීමේ වැඩි හැකියාව පවතින බව සඳහන් කළ එම නීතිවේදියා, එහෙත් ජනාධිපතිවරයාම කඩිමුඩුයේ නිදහස පිරිනැමුවහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ නීතිමය ප්‍රතිපාදන සිරකරුවෙකුට නොමැති බවද සඳහන් කළේය. එසේ නිදොස් කොට නිදහස් වීමේ හැකියාවක් ජෙනරාල්වරයා වෙත තිබිය දී, ව්‍යාපාරික ටිරාන් අලස් මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡුා කරමින් කොන්දේසි සහිත නිදහසක් ජෙනරාල්වරයාට ලබා දුනහොත් එය බලවත් අසාධාරණයක් බවද ඔහු පැවසීය.
සුදු කොඩි නඩුවේදී ජනරාල්වරයාගේ විත්ති වාචකය හෑල්ලූකිරීමට බලකරමින්, ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා බේරාගත් ටිරාන් අලස් මන්ත්‍රීවරයා, එපරිදිම මේ අවස්ථාවේදීද තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ජෙනරාල්වරයා පාවා දීමේ අවධානමක් පවතින බව එම නීතිවේදියා තවදුරටත් පැවසීය.
ජෙනරල්වරයා ළඟදීම නිදහස් කරන බවට වූ ‘ප්ලාන්ට්’ ප්‍රවෘත්තිය, ජනාධිපතිවරයාගේ රිවිර පුවත්පතේ පසුගිය ඉරිදා පළ වූ අතර අනතුරුව එම ප්‍රවෘත්තිය ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ මවුබිම පුවත් පතේද පල විය.
කෙසේ වුවද ජෙනරාල්වරයා කොන්දේසි මත නිදහස් කළහොත්, පැහැදිලිවම එය ජනාධිපතිවරයා, ටිරාන් මන්ත්‍රීවරයා හවුල් කරගනිමින් සිදු කළ තවත් දේශපාලන කුමන්ත්‍රණයක් වනු ඇති බව අප වෙත තොරතුරු ලබා දුන් නීතිවේදියා තව දුරටත් පැවසීය