ජෙනරාල් ජනාධිපති ලෙස පවත්වුවහොත්
ජෙනරාල් ජනාධිපති ලෙස පවත්වුවහොත්
භාරකාර ආණ්‌ඩුවේ අගමැති තනතුර රනිල්ට දෙන්න බෑ
ජවිපෙ මාධ්‍යයට කියයි
අජිත් අලහකෝන්
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් පිහිටුවන භාරකාර ආණ්‌ඩුවේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට ජනතා විමුක්‌ති පෙරමුණ කිසිසේත් කැමැති වන්නේ නැතැයි එම පෙරමුණේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) ප්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‌ෂකයා ලෙස ජනාධිපතිවරණයෙන් ජයගතහොත් ඉන් පසු මහ මැතිවරණයක් පවත්වනතුරු පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂවල නියෝජනය සහිතව භාරකාර ආණ්‌ඩුවක් හදන බව ද හෙතෙම පැවැසීය. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි මෙම පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා ලෙස පත්ව මාස හයක් ඇතුළත භාරකාර ආණ්‌ඩුවේ කැබිනට් මණ්‌ඩලය මගින් ව්‍යවස්‌ථා සංශෝධනයක් සිදුකර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය. මේ සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාද එකඟත්වය පළ කළ බව කී දිසානායක මහතා භාරකාර ආණ්‌ඩුව යටතේ ලබන අප්‍රේල් 22 වැනිදාට පෙර මෙරට ප්‍රථම නිදහස් හා සාධාරණ මැතිවරණය පවත්වා ජනතාවගේ සැබෑ නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කිරීමට අවස්‌ථාව ලබා දෙන්නේ යෑයි ද කීය.
පොදු අපේක්‌ෂකයා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීම ෆොන්සේකා මහතා ජනාධිපති වූ පසුව මහ මැතිවරණයක් පවත්වනතුරු භාරකාර ආණ්‌ඩුවක් පත්කරන බව ද එම භාරකාර ආණ්‌ඩුවට අගමැතිවරයෙක් අවශ්‍ය වන්නේ නැතැයිද කී අනුර කුමාර දිසානායක මහතා මහ මැතිවරණයකින් පසු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත මත අගමැතිවරයකු පත්කරගත හැකි බව ද කීය.
පොදු අපේක්‌ෂකයා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීම සම්බන්ධව කිසිදු දේශපාලන පක්‍ෂයක් සමඟ සාකච්ඡා නොකළ යුතු බවට ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය තීන්දු කළ බව ද සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‌ෂකයා ලෙස නම් කළ පසුව ඕනෑම දේශපාලන පක්‍ෂයකට ෆොන්සේකා මහතා සමඟත්, ෆොන්සේකා මහතාට දේශපාලන පක්‍ෂ සමඟත් සාකච්ඡා කළ හැකි යෑයි ද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පොදු අපේක්‌ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට අනුර කුමාර දිසානායක මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
මාධ්‍ය - සරත් ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේත් පොදු අපේක්‌ෂකයාද?
දිසානායක මහතා( මේ එක්‌සත් ජාතික පක්‍ෂයේත්, එක්‌සත් ජාතික පෙරමුණේත්, ජනතා විමුක්‌ති පෙරමුණේත් අපේක්‌ෂකයෙක් නොවේ. නිර්පාක්‌ෂික අපේක්‌ෂකයෙක්.
මාධ්‍ය - ජවිපෙ මීට පෙරත් විවිධ පාර්ශ්ව සමඟ එකඟතා ඇතිකර ගත්තා. මේ එකඟතා කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන්ද?
දිසානායක මහතා( - අපි ඇතිකරගත් බොහෝ එකඟතා ජයගත්තා. අපට ඉතාම විශ්වාසයි මේක වෙනත් දේශපාලන ක්‍රියාමාර්ගයක්. ජෙනරාල් සරත් ෆොන්සේකා පක්‍ෂයක පුද්ගලයෙක් නොවේ.
මාධ්‍ය - පොදු අපේක්‌ෂකයා ලෙස තමන් ඉදිරිපත්වන බව ප්‍රකාශ කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රමාද වන්නේ ඇයි?
දිසානායක මහතා - මම දන්වා මාධ්‍ය කැමැත්තෙන් ඉන්නවා එතුමාගේ කටින්ම මේ බව ප්‍රකාශ කරවා ගන්න. ජෙනරාල් ඉතා ඉක්‌මනින් මේ ක්‍රියාදාමයට හවුල්වන ආකාරය ගැන ප්‍රකාශයට පත්කරයි. ඒ ගැන කිසිදු සැකයක් ඇතිකර ගන්න එපා.
මාධ්‍ය - ජනතා විමුක්‌ති පෙරමුණ ජෙනරාල්ව බය කරලා තියාගෙන ඉන්නවාද?
දිසානායක මහතා - ඔහු එහෙම බිය වන කෙනෙක් නොවේ. කවුද බිය වුණේ කියලා පහුගිය දවස්‌වල දකින්න ඇතිනේ.
මාධ්‍ය - ජෙනරාල් ඉදිරිපත්වන දේශපාලන පක්‍ෂයේ නම මොකක්‌ද?
දිසානායක මහතා - සියල්ල එකවර ප්‍රකාශ ප්‍රකාශ කිරීම එතරම් සුදුසු නැහැ නේද? ටිකක් ඉවසන්න.
මාධ්‍ය - අඩුම ගානේ ලාංඡනයවත් කියන්න බැරිද?
දිසානායක මහතා - ඉතා හොඳ සුබ ලාංඡනයක්. කිසිම හිරිකිතයක් නැතිව පිරිසිදු ලෙස ආසාවෙන් ඡන්දය දිය හැකි ලාංඡනයක්.
මාධ්‍ය(- නිකං කඩුවක් වගේ.
දිසානායක මහතා - ඒකත් එච්චර පිරිසිදු එකක් නොවෙයිනේ?
මාධ්‍ය - විධායක ජනාධිපතිකම අහෝසි කළාට පස්‌සේ ජෙනරාල් සරත් ෆොන්සේකාට මොකක්‌ද වෙන්නේ?
දිසානායක මහතා( ඔහු රට උදෙසා විශාල කාර්යභාරයක්, පරිච්ඡේදයක් නිමා කළා. අලුත්ම පරිච්ඡේදය ප්‍රජාතන්ත්‍රවාදය පැතිරවීමයි. ඒ පරිච්ඡේදයේ නියමුවා වන්නේ ජෙනරාල්.
මාධ්‍ය - එක්‌සත් ජාතික පක්‍ෂයත්, ජෙනරාල්වම පොදු අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් කළොත් ජවිපෙ එජාපය සමඟ එකට මැතිවරණ ව්‍යාපාරය කරනවද?
දිසානායක මහතා - නුදුරේම ඒ ගැන දැනගන්න පුළුවන්. ඒ අතරම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකතුවුණොත්. ජ. වි. පෙ. කියන්නේ අනෙක් අයගේ අදහස්‌වලටත් ඉඩදෙන පක්‍ෂයක්. පොදු බවින් යුතුව සියල්ල සකස් කරනවා.
ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
http://www.divaina.com/2009/11/25/news02.html:shocked: