ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය
️ දේශප්‍රේමී සළුවලින් විලි වසා සිටින තක්කඩියන්ගෙන් පරෙස්සම් විය යුතුයි..,
================
️ හැමදේටම එහෙයි කියා ජීවත්වීමට පුරුදු විය යුතුයි…
=======================
ජෙනරාල් ජානක පෙරේරාව 2008 දී මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවකු විසින් ඝාතනය කරන ලදි. දීර්ඝ ඊලාම් යුද්ධය තුළ ඔහුගේ කාර්ය භාරයත්, ඔහු දැරූ දැඩි මතවාදත් නිසා සිංහල අන්තවාදීන් අතරේ ඉතා ජනප‍්‍රිය පුද්ගලයෙකු වූ ඔහු, 2008 දී එක්සත් ජාතික පක්ෂයට එකතු වී එම පක්ෂය වෙනුවෙන් උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ඇමති ධුරය සඳහා තරග කෙළේය. එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුව ද, සමස්ත ඡන්දයෙන් වැඩිම මනාප ප‍්‍රමාණයක් ලබාගත්තේ ජානක පෙරේරා ය.
ජානක පෙරේරා එල්.ටී.ටී.ඊ. ඝාතන ලැයිස්තුවේ සිටි බව රහසක් නොවේ. ඔහු ආණ්ඩු පක්ෂයට එකතු විණි නම්, අවශ්‍ය කරන උපරිම ආරක්ෂාව ඔහුට ලැබෙන්නට තිබුණි. බැසිල් රාජපක්ෂ වරක් ඔහු හමු වී ආණ්ඩුවට එකතු වන ලෙස ආරාධනා කළ බව වාර්තා විය. එහි දී, ‘‘ආණ්ඩුවට සහයෝගය දක්වමින් ප‍්‍රධාන භූමිකාවකට උර දීමට ඔහු සූදානම් දැ’’ යි බැසිල් රාජපක්ෂ අසා තිබේ. ‘‘ඒ අනුව, ඔහුට ආරක්ෂක උපදේශකයෙකු වුවත් විය හැකිය.’’ එහෙත් එදා වාර්තා වූ අන්දමට, ඔහු ඒ ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්ෂේප කෙළේය. එසේ එය ප‍්‍රතික්ෂේප කරන්නේ නම්, ‘‘ඇති විය හැකි දේශපාලනික ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට ඔහුට සිදුවිය හැකැ’’ යි බැසිල් රාජපක්ෂ එහිදී කී බවත් වාර්තා විය.
වැඩි කල් නොගොස්ම, තාඩනපීඩන ඇරැඹිණ, ඔහු ඉල්ලා සිටි ආරක්ෂාව, දේශපේ‍්‍රමී ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. එහි දී අධිකරණයේ සහාය පැතීමට ඔහුට සිදුවිය. ඔහුට ආරක්ෂාව සපයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග කරන ලදුව, හත් දෙනෙකුගෙන් යුත් පොලිස් ආරක්ෂාවක් ඔහුට ලැබුණි. එහෙත් මැතිවරණයෙන් සතියක් ගිය තැන මේ ආරක්ෂාව ඉවත් කර ගැනුණි. සමහර විට, ආණ්ඩුවට එක් වන්නැ යි නැවත වරක් ලැබුණු ආරාධනයක් ප‍්‍රතික්ෂේප කිරීම නිසා විය හැකිය. ඝාතනය වීමට මිනිත්තු කිහිපයකට පෙර ඔහු පැවැත්වූ කතාවේදී හෙතෙම මෙසේ කීය: ‘‘උතුරු-මැද පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වුණාට පස්සේ ආණ්ඩුවට එකතු වෙන්න කියලා මට ආරාධනාවක් ආවා… රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ නං, ආණ්ඩුවත් එක්ක ඉන්න ඕනේ කියලා ඔවුන් කිව්වා. ඒත්, මං එක්සත් ජාතික පක්ෂය සහ වෙනත් විපක්ෂ සන්ධාන එක්ක අත්වැල් බැඳගත්තේ, දැන් ඔවුන්ව පාවා දෙන්න නෙවෙයි.’’
තම ආරක්ෂකයන් ආණ්ඩුව විසින් ඉවත් කර ගැනීමෙන් පසු ඔහු ඒ ගැන පොලීසියට පැමිණිල්ලක් කෙළේය. පොලීසිය එම පැමිණිල්ල විභාග කෙළේ නැත. තමාගේ පැරණි සගයාට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැති බවට ගෝඨාභය රාජපක්ෂ ඊට කලින් ප‍්‍රකාශ කොට තිබූ බවට වාර්තා වී තිබූ නිසා, සමහර විට ඒ පැමිණිල්ල ගැන නොතකා හැරීමට පොලීසියට සිදුවුණා විය හැකිය. මේ තත්වය තුළ, උතුරු-මැද පළාත් සභාවේ විපක්ෂ නායකයා වශයෙන් තමාගේ ආරක්ෂාව ඉල්ලා නැවත වරක් ඔහුට අධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කිරීමට බල කෙරුණි. ඒ සඳහා කටයුතු කිරීමට ඔහු සිය නීතිඥයන්ට උපදෙස් දුනි. ‘‘මහජනතාව යුද වීරයෙකු වශයෙන් සළකද්දී සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය හතුරෙකු වශයෙන් තමාව සලකද්දී පවා, තමා එක්සත් ජාතික පක්ෂයේ අදහස් දරන්නෙකු වීම කරණකොට ගෙන ආණ්ඩුව තමාට ආරක්ෂාව සැපයීම ප‍්‍රතික්ෂේප කරන’’ බව එම පෙත්සමේ සඳහන් වූ බව වාර්තා විය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වුණේ, ගෝඨාභය රාජපක්ෂ, පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න සහ හමුදාපති සරත් ෆොන්සේකා ය.
එහෙත්, මේ පෙත්සම අධිකරණය ඉදිරියට ඒමට කලින් කොටි සංවිධානය, ඔහු සහ තවත් කිහිප දෙනෙකුවත් ඝාතනය කෙළේය.
ඔහු ඉල්ලා සිටි සියලූ ආරක්ෂාව ඔහුට ලැබුණත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔහු ඝාතනය කිරීමට ඉඩ නොතිබුණා නොවේ. එහෙත්, කිසි ආරක්ෂාවක් නොතිබීම ඝාතකයාට සිය කාරිය ඉෂ්ට කර ගැනීම සඳහා මහත් පහසුවක් වූ බව නිසැක ය.
ජානක පෙරේරාට අත් වු ඉරණම අදටද අදාළ ය. මන්ද යත්, රාජපක්ෂ දේශපාලනය සහ රාජපක්ෂ සහෝදරවරුන් දේශපේ‍්‍රමී තුරුම්පුව ඔවුන්ගේ වාසියට අද භාවිත කරන ක‍්‍රමය කියා පෑමට එය සෘජු එළියක් සපයන බැවිනි.
සිංහල ස්වෝත්තමවාදී දෘෂ්ටි කෝණයකින් බලන විට, ජානක පෙරේරා නිසැකවම දේශපේ‍්‍රමියෙකි. ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන් කෙළේය. මානව අයිතිවාසිකම් සහ ජාතික ප‍්‍රශ්නය ගැන ඔහු දැරූ අදහස් උදහස් අනුව ඔහු අයත් වුණේ, සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරටයි. එහෙත් රාජපක්ෂලාගේ ඇස් ඉදිරියේ ඒ කිසිවක් වැදගත් නොවේ. ඔවුන්ට වැදගත් වුණේ, තමන්ට එරෙහිව ඔහු විපක්ෂයට එක්ව සිටි කාරණය පමණි. බැසිල් රාජපක්ෂගේ ආරාධනය ප‍්‍රතික්ෂේප කළ මොහොතේ පටන් ඔහු දේශපේ‍්‍රමියෙකු නොවුණි. එතැන් පටන් ඔහුව සැළකුණේ ද්‍රෝහියෙකු වශයෙනි. තමාගේ බසට අවනත නොවන්නේ නම් මුහුණදීමට සිදුවිය හැකි ‘ප‍්‍රතිවිපාක’ ගැන බැසිල් රාජපක්ෂ අඟවන විට, ජානක පෙරේරාට අවශ්‍ය ආරක්ෂාව ඔහුගෙන් පැහැර ගැනීම, එම ‘ප‍්‍රතිවිපාකවලට’ ඇතුළත් විය. පළිගැනීම, එයාකාරයෙන්, නිල ප‍්‍රතිපත්තිය බවට පත්විය. රාජපක්ෂ පාලනය යටතේ, ප‍්‍රතිපත්තිමය ප‍්‍රමිතිය වන්නේ එයයි.
දේශපේ‍්‍රමියා සහ දේශද්‍රෝහියා අතර ඇඳෙන වැදගත් රේඛාව රාජපක්ෂලා යටතේ ඇඳෙන්නේ කෙසේද යන්න, ජෙනරාල් ජානක පෙරේරාගේ ඉරණම විසින් අපට කියා දෙයි. රාජපක්ෂලාට සහාය දක්වන්නෝ දේශපේ‍්‍රමියෝ ය. රාජපක්ෂලාට විරුද්ධ වන්නෝ, දේශද්‍රෝහියෝ ය. ජානක පෙරේරා ඝාතනය කොට ගත වුණේ වසරකි,දෙකකි. රාජපක්ෂලාට විරුද්ධව දේශපාලනයට පැමිණි සරත් ෆොන්සේකා ද, එම හේතුව යටතේම, එම සැලකීමටම යටත් කරමින් ජම්පරය ඇන්දවීය.. ෆොන්සේකා සමාව ඉල්ලුවොත් පමණක් නිදහස් කරන බවට බෙීබි නාමල් කටමැත දෙඩවීය.
ජෙනරාල් පෙරේරා ඝාතනය කළ අවස්ථාවේ එවක ආණ්ඩුව එම ඝාතනය හෙලා දකිමින්, ජානක පෙරේරාව නොසෑහෙන සේ වර්ණනා කෙළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සඳහා සකල ලංකාවාසීන් ඒ මොහොතේ අත්වැල් බැඳගත යුතුව ඇතැ යි ජනාධිපති මහින්ද රටෙන් හැඟීම්බර ආයාචනයක් කෙළේය. ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයන් තුළ ඇති මතුපිට අර්ථය සැබෑව යැයි ගත් නිසාදෝ, එකල අගමැති රත්නසිරි වික‍්‍රමනායක, ජෙනරාල් පෙරේරාගේ මෘත දේහය අනුරාධපුරයේ ඔහුගේ නිවසට ගෙන යාම සඳහා හෙලිකොප්ටරයක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කළ ඉල්ලීමට එකඟ විය. ඒ අනුව, පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ සගයන් විසින් මිනිය රත්මලාන ගුවන් තොටුපොළට ගෙන යන ලදි. එතැන පැය පහක් ප‍්‍රමාද වීමෙන් පසු, හෙලිකොප්ටරයක් දිය නොහැකි බව බලධාරීහූ ඔවුන්ට දැනුම් දුන්හ.
මේ ගැන පාර්ලිමේන්තුවේ දි ප‍්‍රශ්න කළ අවස්ථාවේ අපහසුවට පත් අගමැතිවරයා කියා සිටියේ, සන්නිවේදනයේ යම් ඌනතාවක් නිසා ඒ අවස්ථාවේ හෙලිකොප්ටරයක් ලබා දීමට නොහැකි වූ බවයි. එහෙත් රාජපක්ෂලා එවැනි හේතුවාචක දීමෙන් සෑහීමට පත්වන පිරිසක් නොවේ. සතුරන් ජීවතුන් අතර සිටියදී පමණක් නොව, උන් මියගිය පසුව පවා උන්ගෙන් පළිගැනීම පිළිබඳ සිය පණිවිඩය, තමන්ගේ විරුද්ධවාදීන්ට සහ අනාගතයේ විරුද්ධවාදීන් විය හැකි සැමට කියාපෑම, රාජපක්ෂලාගේ අරමුණයි. මේ නිසා, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කෙළේය. එයින් කියැවුණේ, එවැනි හෙලිකොප්ටරයක් කිසි දවසක පොරොන්දු වී නොතිබුණු බවත්, යුද්ධයේ අවශ්‍යතා නිසා එවැනි පොරොන්දුවක් දීමේ හැකියාවක් ද නොතිබුණු බවත් ය.
රාජපක්ෂලාගේ පළිගැනීම එතැනින් නතර වුණේ නැත. කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් අවමගුල් පෙරහැර කඩාකප්පල් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ද ආණ්ඩුව ගත්තේය. පාරවල් හිටිහැටියේ වසා දැමුණි. පෙරහැර ආවරණය කිරීමට සිටි පොලිස් ආරක්ෂාව ඉවත් කර ගැනුණි. ජෙනරාල් ජානක පෙරේරාගේ ඝාතනය ගැන අනුරාධපුරයේ වෙළඳ කණ්ඩායමක් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අවස්ථාවේ පොලීසිය එය ද නතර කෙළේය.
එයින් මාස හතරකට පමණ පසු, 2009 නිදහස් දින උත්සවය අමතමින්, ස්වකීය පශ්චාත්-යුද්ධ ප‍්‍රතිපත්තිය ජනාධිපතිවරයා ප‍්‍රකාශයට පත්කෙළේ මෙසේ ය: ‘‘අපි අද, අපි ඉදිරියේ හිටපු බලගතු හතුරෙක්ව පරාජය කරපු ජාතියක්. ඒ වගේම අපිට පුලූවන් වෙන්න ඕනේ, අපි අතරේ ඉන්න අභ්‍යන්තර සතුරන්වත් පරාජය කරන්න.’’ ජෙනරාල් ජානක පෙරේරා ජීවතුන් අතර සිටියදී මෙන්ම ඔහුගේ මරණයෙන් පසුවත් ඔහුට සැලකූ ආකාරයෙන්, මේ ‘අභ්‍යන්තර සතුරන්’ කවුරුන් ද යන්නත්, ඔවුන්ට එරෙහි යුද්ධය කෙසේ කරනු ඇත් ද යන්නත්, අපට සිතාගත හැකිය.
ඉදිරියේ දී, දේශපේ‍්‍රමී රාජපක්ෂලා,යම් හෙයකින් රටේ පාලනයට පැමිණියහොත්,දැඩි සිංහල මතවාදී යුද විරුවෙකු වූ ජානක පෙරේරාට සැළකූ අන්දම සිහියේ තබා ගැනීම කාට කාටත් වටී..
( ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’)
……………………………………………………
මේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරා
* උපන් දිනය - 1946 පෙබරවාරි 1
* දෙමාපියන් - පියා ආතර් පෙරේරා මව මෙවිස් දිසානායක.
* පාසල - පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය. විෂය බාහිර ක්‍රියා - රගර් කණ්ඩායමේ නායකත්වය. ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය.් අධ්‍යාපනය - ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරීම.
* විවාහය - 1983 බිරිය - වජිරා පෙරේරා (යුධ හමුදා කාන්තා බළකා ලුතිනන්වරියකි) දරුවන් තිදෙනයි - වැඩිමහල් දියණිය දනුක්ෂි, මද්දුමිය ෂෙහාරා, පුත්‍රයා අශන්ත.
* ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ඇතුලත් වූ දිනය - 1966.12.20 බඳවාගැනීම් අංකය:කැඩෙට් 0/50478 මූලික පුහුණුව - රාජකීය සෑන්ඩස් මිලිටරි ඇකඩමිය එංගලන්තය පළමු කාරක රෙජිමේන්තුවට.
* දෙවැනි ලුතිනන්වරයෙක් වීම - 1968.12.19 ලුතිනන් වරයෙක් වීම 1970.06.19 කපිතාන්වරයෙක් වීම 1976.06.19 මේජර්වරයෙක් වීම 1977.11.15 ලුතිනන් කරනල්වරයෙක් වීම
* 1986.05.01 කර්නල් ධූරයට පත්වීම 1988.12.26 බ්‍රිගේඩියර් ධූරයට පත්වීම 1994.06.01 මේජර් ජනරාල් ධූරයට පත්වීම
* 1996.04.15 යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී 1999.04.23 යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී
* 2000.06.15 ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති (2007 අප්‍රේල් දක්වා)
රණ වික්‍රම (R.W.P) රණශූර (R.S.P) විශිෂ්ට සේවා විභූෂණ (V.S.V) උත්තම සේවා පදක්කම (U.S.V) පූර්ණ භූමි පදක්කම රිවිරැස පදක්කම වඩමාරච්චි පදක්කම උතුරු නැඟෙනහිර මෙහෙයුම් පදක්කම. ශ්‍රී ලංකා හමුදා සේවා පදක්කම (1972) ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම් පදක්කම දීර්ඝ සේවා පදක්කම (1979) ජනාධිපති ප්‍රදානය (1978) ඇතුළු යුද හමුදා පදක්කම් රැසක් දිනා අති ඒ මහතා වසර 34 ක දීර්ඝ සේවාවක් කළේය.
කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති ලෙසත් 51,53,සහ මින්නේරිය 23 සේනාංක වල සේනාංකාධිපති ලෙසත් කටයුතු කළ මෙම විරුවාව 2008/10/06 දින LTTE ත්‍රස්තයන් විසින් මරා දමුවේ තවත් ජීවිත 31 ක් සමගිනි.