ජෙනරාල් ෆෙඩ්රිකාට නඩු දමයි
http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091229_01
තමන් කරන ලද ප්‍රකාශයක් විකෘති කර පළ කිරීම නිසා තම කීර්ති නාමයට සිදුවු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක අලාභයක් ඉල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් කතෘ ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මියට අද (28) එන්තරවාසියක් යවා ඇත.
සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත් පතට කල කතාව හෙලා දකිමින් ජවිපෙ ඉහල පෙලේ නායකයින් බොහෝ දෙනෙක් ෆොන්සේකා මහතාට විරෝධය ප්‍රකාශ කර ඇත. ඒ අවස්ථාවේ ෆොන්සේකා මහතා ප්රත්යක්ෂ කර පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් නොකල බවයි. ඔහු කරන ලද මෙම ප්‍රකාශයෙන්, ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුල විපක්ෂයට දැඩි අවාසියක් සිදු වී ඇති බව පෙන්වාදෙන ජවිපෙ නායකයින් එබැවින් ඒ සඳහා වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සරත් ෆොන්සේකා මහතාට බලපෑම් කර ඇත.
ජවිපෙ නායකයින්ගේ බල කිරීම මත ෆෙඩ්රිකා ජෑන්ස්ට විරුද්ධව නීතිමට ක්‍රියාමාර්ග ගැනීමට සරත් ෆොන්සේකා මහතා ගත් තීරණය එජාප නායකයාට දැනුම් දී නැති අතර මේ පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා දැන ගත් අවස්ථාවේ ඔහු දැඩි නොසන්සුන්තාවයකට පත් වූ බව අප වෙත වාර්තා වේ. එසැනින්ම සරත් ෆොන්සේකා මහතාගේ ජංගම දුරකථනයට අමතා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ජවිපෙ සමඟ ගන්නා තීරණයන් වහා ඔහුටත් දැනුම් දෙන ලෙසයි.
මේ අතර ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දුරකථනයෙන් කතා කර මෙය සමතයකට පත් කර දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.