ජෙනරාල් 16 යුද අධිකරණයට

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජෙනරාල් 16 යුද අධිකරණයට

ජෙනරාල් 16 යුද අධිකරණයට කැදවීමට සැරසේ ප්‍රධාන පුවත 2010 මාර්තු 11 වෙනි බ්‍රහස්පතින්දා, 16:43
Genaral01.jpg
යුද හමුදා පොලීසියේ රදවා තබාගෙන සිටින හිටපු හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන 16 - 17 දෙදින යුද අධිකරණයට හමුවට කැදවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


මෙම යුද අධිකරණයේ සභාපතීත්වය මේජර් ජෙනරාල් එච්.සී.පී.එස් වීරතුංග මහතා දරණ අතර මේජර් ජෙනරාල් ඒ.එල්.එච් විජේතුංග,ඩී.ආර්.ඒ.‍‍බී ජයතිලක,යන මහත්වරුන් සහ රියාද් අද්මිරාල් ඩබ්.ඩබ්.ජේ.එස් ප්‍රනාන්දු යන තිදෙනා අධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුත කරන බවද ඒ මහතා පැවසීය.

මෙම යුද අධිකරණය නාවික හමුදා මූලස්ථානයේදී කැදවීමට නියමිත බවත් එහිදී ජෙනරාල්වරයාට එරෙහිව චෝදනා 7ක් ගොනුකරන බවත් සමරසිංහ මහතා පවසයි. ඉන් යුද හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් චෝදනා 3ක් ද යුද හමුදා උපදෙස් පිළිනොපැදීම සම්බන්ධයෙන් චෝදනා 4ක් ද ඇතුළත්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.