මේ වගේ මතය. මේක නීති ගෙනල්ලා නම් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. කාටද සහතිකයක් දෙන්න පුලුවන් මේක පක්ෂ විපක්ෂ භේදයක් නැතිව කි‍්‍රයාත්මක වේවිය කියලා? හැම දෙයක්ම නීතියෙන් පාලනය කරන්න හදන එක, විශේෂයෙන් තොරතුරු සහ පුවත් ගත්තහම, ඒක කොහෙත්ම හොද දෙයක් නෙවෙයි.
මම හිතන්නේ මිනිස්සු තමයි බුද්ධිමත් වෙන්න වුවමනා. සමාජ මාධ්‍යවල කවුරු මොනවා දාලා තිබුණත්, ගාල කඩාගත්තු හරක් වගේ ඒවා බෙදා ගන්නේ නැතිව හොයලා බලලා, කාරණය ඇත්තද නැතිද කියලා හරියටම දැනගෙන, ඒක කරනවා නම් මෙහෙම නීති ගෙනල්ලා පාලනයක් කරන්න වුවමනාවක් නැහැ.
රජයටම මේකට පළවෙනි පියවර තියන්න පුලුවන්. රජය ගැන බොරු පුවත් ප්‍රචාරය වෙනවා නම් ඒ අයටම පුලුවන්නේ ඒවා බොරු කියලා ඔප්පු කරන්න? ඒ දේවල් කරන්න තරම් කණ්ඩායමක් සහ සම්පත් ඔ්නෑ තරම් ඒ අයට තියෙනවාත් එක්ක නේ? මම පහුගිය දවසක දැක්කා රජයෙන්ම එහෙම පවත්වාගෙන යන FactCheck සයිට් එකක්. ආන්න එක හොද පියවරක්.
පෞද්ගලික මට්ටමිනුත් මේ වගේ දේවල් දැන් වැඩි වැඩියෙන් වෙනවා. Verite එක කරන FactCheck.lk, CITIZEN කට්ටිය කරන CITIZEN FactCheck, ඒවාට උදාහරණ.
අවසානයට. ඉරාජ් කියන්නේ හොද වෙළෙන්දෙක්. එයාගෙන් දෙයක් මාකට් කරන හැටි ගැන ඉගෙන ගන්නවා මිසක්, නීති පැනවෙන හැටි ගැන සහ ඒ නීතියෙන් බලපෑම් එල්ල වෙන හැටි ගැනත් දැනගන්න යනවා නම්, පොඩ්ඩක් ආයෙත් හිතන්න.
