අනුර කුමාර දිසානායක මහතා මහජන රැස්වීමකදී ප්‍රකාශ කොට ඇත්තේ තමා විධායක ජනාධිපති වූ වහාම ලංකාව පරිගණක සාක්ෂරතාවයෙන් දියුණු කරන අතර නමුත් කිසිසේත්ම කෘතීම බුද්ධිය පදනම් කරගත් සංවර්ධන කටයුතුවලට ඉඩ නොදෙන බවය. කෘතීම බුද්ධිය ආශ්‍රිත නිර්මාණ දැඩි ලෙස හෙලා දකින ඔහු එවැනි වැඩ සටහන් නිර්මාණය කරන්නන්ට එරහිව පවත්නා නිතිය සංශෝධනය කර ඔවුන්ට උපරිම දඩුවම් පමුණුවනු බවට ප්‍රකශ කොට ඇත . තමා කෘතීමබුද්ධියට එරහි වන්නේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ රැකියා අවස්ථා නැතිවන නිසා සහ විදේශීය ධනවාදී ඔලු විකාර කරන මතවාද රටට පැමිණීමට වලක්වාලිමටය. එමෙන්ම රටේ අනාගත පරපුර යහමගට ගැනීම සහ ධනවාධි විනාශකාරී මත ඔවුන්ගේ ඔලු තුලට යාම වලක්වලිමය.
