ජෙපි ඉංජි

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,874
    15,661
    113
    Ursa Major
    එංගලන්තයෙන් වීසා නොලැබුනු ආණ්ඩුවේ මන්ත්‍රී
    CPA එක හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ UK ශාඛාව විසින් සංවිධානය කරන “AI in Security” වැඩමුළුවක් අද ඉදලා දවස් තුනක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියනවා. සෑම වසරකම වගේ CPA එක මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. ඒ හැම වෙලාවකම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් ඒ ආරාධනාව යවනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමානව ඒ ආරාධනාව ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් බෙදලා දෙනවා.
    මෙවර වැඩමුළුව විපක්ෂයේ අවස්ථාව හිමි වෙන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්තිට. ඔහු කොහොමත් පරිඝණක තාක්ෂන ඉංජිනේරුවෙක් නිසා විපක්ෂනායකවරයා ඔහුව නම් කරලා තියනවා. චතුර අද ඉදලා ඒ වැඩසටහනට සහභාගී වෙනවා. ආණ්ඩු පක්ෂයේ අවස්ථාව හිමිවෙලා තිබුනේ ඡන්ද පෝස්ටරයට විතරක් තොරතුරු තාක්ෂන ඉංජිනේරුවෙක් වෙච්ච නුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට. පෝස්ටරයට විතරක් කියලා කියන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවම මිනිහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ මුකුත් නෑ. අඩුම ගානේ OL ගැනවත් සදහනක් නෑ. හැබැයි පෝස්ටරේ ඉංජිනේරු
    කොහොම හරි මේ පෝස්ටර් ඉංජිනේරුවා පක්ෂයෙන් නම් කරාට බ්‍රිතාන්‍යය ඔහුව පිලි අරන් නෑ. ඒ නිසා වීසා දීලා නෑ. නිකමට හිතහංකෝ ඩිප්ලොමැටික් පාස්පෝට් වල සුවදටත් රටවල් වීසා දෙනවා. එහෙව් එකේ බ්‍රිතාන්‍යයම සංවිධානය කරලා, බ්‍රිතාන්‍යයම ආරාධනා කරලා, බ්‍රිතාන්‍යයම සම්පූර්ණ වියදම් දරලා වැඩක් කරද්දිත් ඒකට මිනිහෙක්ට වීසා දෙන්නෑ කියන්නේ. මං මේ නිකමට අහන්නේ 157 ක්ද කොහේද ඉන්නවනේ. හරිහමං මිනිහෙක් නැද්ද මේ වගේ වැඩකටවත් එවන්න. අපරාදේ ලංකාවට හම්බෙච්ච වටිනා චාන්ස් දෙකෙන් එකක් අපතේ.
     
    • Like
    Reactions: dillsdilla