ජෙබ්බෝ පාලනය කරලා බංකලොත් කරපු රට...😠😠😠

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    5,733
    7,476
    113
    Hambanthota
    339320012_212488898060703_6500459026812721915_n.jpg


    ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර පරිහාණියට යන්නේ ඇයි මෙච්චර නපුරු? මේක තවත් ඉන්න හොඳ රටක්ද, කොහොමද මේවා වෙනස් කරන්නේ ..

    #. හෙල්මෙට් එකකින් ගහල මනුස්සයෙක් මරන්න තරම් පොඩි උන් ඉන්න රටක්, බයික් වල 200 ට විතර ගිහින් මිනිස් ජිවිත එක්ක සෙල්ලන් කරන තරුණ කොටසක්, ඒවාට උපදෙසක් දෙන්න ගියාම පිහිය අරන් බෙල්ලට තියෙන සමාජයක්..
    #. ගුරුවරුන්ට, වියතුන්ට, වැඩිහිටියන්ට ගරු නොකරන ඔවුන්ගේ අදහස් තුට්ටුවකට මායිම් නොකරන සමාජයක්. එදා ඉස්කෝලේ ටීචර් අපිට අවවාදයක් දුන්නම අපි හරි බයෙන් ගව්රවයෙන් තමා ඒවා පිළිපැද්දේ, එත් අද ඉස්කොලේටම නැත්තන් පාරේදී හරි ගෙදරටම ගිහින් හරි ගහල එන්නේ ටීචර්ට.
    #. තෙල් පෝලිමේ පිටින් පැන්නේ ඇයි කියල ඇහුවම, එලියට ගිහින් පිහියෙන් ඇනල මරන්න තරම් මිනිස්සු කුරිරු වෙලා.
    #. කිසිම තැනක පෝලිමක ඉන්න ඉවසීමක් නැති, ඉස්සරහින් පනින්නම හදන තමන්ගේම වැඩේ විතරක් කරගන්න හදන ආත්මාර්ථකාමී මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටක්
    #. නිකමට හරි වාහනේ යද්දී පොඩි ඇක්සිඩන්ට් එකක් උනත් කුණුහරප කියාගෙන මරාගන්න ගානටම ඇවිත් ඉන්න, හොඳින් වැදගත් විදිහට කතා කරලා බේරුමක් කරගන්න දන්නේ නැති සමාජයක්..
    #. තමන්ගේ වාහනේ ඉස්සරහ කරනවට අකමැති, රේස් යන්න බලන් ඉන්න, මේ පාර මගේ සහ highway එකේ 180ට ගියාම පොර කියල හිතන් ඉන්න මන්ද මානසික මිනිස්සු පිරිණු රටක්
    #. දවල්ක රෑක ගැණු කෙනෙක් එක්ක පාරේ යන්න බැරි ගානට ඇවිත් තියෙන, කොහේ හරි අල්ලන්න මිරිකන්න බලන් ඉන්න ලිංගික අසහන කාරයෝ පිරිච්ච කාලයක්
    #. පවුද්ගලික තරහට කිරිබොන පොඩි උන්ව පවා මරණ ගානට මානසිකත්වය හැදුන. තව කෙනෙකුගේ ජීවිතය තුට්ටුවකට මායිම් නොකරන මිනිස්සු ඉන්න රටක්
    #. තමන්ගේ මතයට විරුද්ද මත දරන පලකරන අයව පාගන පහත කරන, උන්ට කුණුහරපෙන් බනින සමාජක්
    #. ගැහැණු පිරිමි බේදයකින් තොරව මත් ද්‍රව්‍ය පෙති වලට ඇබ්බැහි උන, කරන කියන දේ නොතේරෙන තරුණ කොට්ටාශයක්
    #. සුභාෂිතය, ලෝකෝපකාරය මිහිදන් උන, කලාවත් නැති නාස්ති උන, මනරම් චිත්‍රපටියක්වත් හදාගන්න බැරි කාලයක්.
    #. කිසිම තේරුමක් නැති නාට්‍ය සින්දු හදන, සමාජයට කිසිම වැඩදායි යමක් බිහි නොකරන ස්ටාර්ලා බිහි කරන TikTok රටක්.
    #. අලුත් අලුත් නිර්මාණ නොකරන youtube, facebook චැනල් හදන් ගොඩයන්න හිතන් ඉන්න පොඩි උන් ඉන්න රටක්
    #. කසිකබල් ඉන්දියන් නාට්‍ය පිරුණු බොළඳ වැඩසටහන් යන හරවත් කිසිවත් නොමැති මාධ්‍යන් පිරුණු රටක්
    #. ඉස්කෝලෙක උනත් තමන්ගේ දරුවා තමා දරුවා අනිත් උන්ට හෙන ගැහිලා ගියත් මොකෝ කියල හිතන දෙමව්පියන් ඉන්න රටක්

    වෙනස් කරන්න පුලුවන් මාලිමාවට විතරයි.. :yes: