ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂාව අද රාත්‍රිය&

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂාව අද රාත්‍රිය&

    ජෙමිනිඩ්ස්‌ උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ



    වාර්ෂිකව හට ගන්නා උල්කාපාත වර්ෂා අතර වසරේ අවසන් උල්කාපාත වර්ෂාව වන "ජෙමිනිඩ්ස්‌" උල්කාපාත වර්ෂාව අද (14 වැනිදා) රාත්‍රි හට ගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවට දිස්‌වන මෙම උල්කාපාත වර්ෂාව අද රාත්‍රි 10 න් පසු පාන්දර 5.00 ට පමණ වන තෙක්‌ අහස නිරීක්‍ෂණය කළොත් මිථුන රාශිය පසුබිම්කර හට ගන්නා අන්දම පියවි ඇසින් දැකගත හැකිය.

    දිගු වේලාවක්‌ අහස නිරීක්‍ෂණය කළහොත් පැයක පමණ කාලයක්‌ තුළ දීප්තිමත් ආලෝක ධාරා විහිදුවමින් අහසේ දකුණු දෙසින් උල්කාපාත 45 ක්‌ පමණ ඈත අවකාශයේ සිට පෘථිවිය දෙසට ඇදී එන අන්දම දැකගත හැකිය.

    එහෙත් මෙම දිනවල පවතින වැසිබර කාලගුණයත් අහසේ වලාකුළු අධික වීමත් මෙම උල්කාපාත වර්ෂාව පැහැදිලිව බලා ගැනීමට බාධාවක්‌ වීමට ඉඩ ඇත.


    දිවයින
     
    • Like
    Reactions: tda2000

    Similar threads