February 7, 2024 01:56 pm
බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩු පැවරීමක් පිළිබඳ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවෘත අධිකරණයේ දී චෝදනාවක් එල්ල කර තිබේ.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි ව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
එසේ තමන් කැමති අධිකරණක් තෝරා ගැනීමට හැකියාවක් නොමැති බව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කර ඇත.
මෙම පැමිණිල්ල අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද අධිකරණයේ පෙනී සිටියේ ය.
එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පවසා තිබේ.
මෙම සැකකරුට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තවත් විමර්ශනයක් පැවැත්වෙන බවත් එම නිලධාරින් විසින් අධිකරණයට දැනුම් දී ඇත.
මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහෙස්ත්‍රාත්වරයා, එම පැමිණිල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේ කෙසේ දැයි විමසා තිබේ.
ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම විමර්ශනය වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන බව සඳහන් කර ඇත.
තම අධිකරණ බල ප්‍රදේශයට අයත් නඩුවක් වෙනත් අධිකරණයකට රැගෙන ගියේ කෙසේ දැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා, එය සුදුසු අධිකරණය හමුවේ ගොනු නොකරන්නේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහි ව විමර්ශනයක් සිදු කරන බවට ද අනතුරු අඟවා තිබේ.
අධිකරණ කලාප නිසි පරිදි ගැසට් කර තිබෙන බවත් ඊට අනුකූල ව කටයුතු කරන ලෙසත් මෙහි දී මහේස්ත්‍රත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත