ජෙල් ඇබ්බැහිය......

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ජෙල් ඇබ්බැහිය......

    Prosort-Wetlook-hair-gel.jpg


    ම දරුවා/යහලුවා ජෙල් ඇබ්බැහියට ගොදුරුවී පිළිකා මාරයාගේ ගොදුරක් වීමට පෙර රැක ගැනීමේ වගකීම දෙමාපියන් සහ ගුරුවරුන් මෙන්ම හොදම යහලුවෙක් වශයෙන් ඔබෙිද වගකීමකි.

    පාසල ආසන්නයේම ඇති වෙළෙඳසලෙන් කුඩා පැකට් කිහිපයක් මිල දී ගත් සිසුන් සිව්දෙනා හෙමින් හෙමින් ඉදිරියට ඇදුනහ. පාසල අවසන්ව උපකාරක පන්ති සඳහා යමින් සිටි මේ සිව්දෙනාගේ ගමන් මාර්ගය ක‍්‍රමයෙන් වෙනස් වී තිබිණි.
    තම පාසලේම වැඩිහිටි සොහොයුරකු ලබාදුන් තොරතුරකට අනුව අපූරු වින්දනයක් ලබාගත හැකි යමක් අත්හදා බැලීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබිණි. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ තම විදුහල ආසන්නයේම ඇති වසා දමා ඇති නිවසකි.
    ‘‘අපේ පුංචි අම්මගේ පුතත් මේව කාල තිබුණා. මාර ෆන් එකක් තියෙනව කියල තමයි කිව්වේ.’’ එක් අයෙක් කීවේය. ‘‘අයියෝ අපි තාම කන්න හිතනවා. කෙල්ලොත් කනවා මෙන්න මෙහෙ වරෙන් බය නැතුව’’ තරමක් අදිමදි කළ අයෙකුට එක් මිතුරෙක් කථා කළේ එලෙසිනි.
    සිව් දෙනාම එකග වූහ. කාලය කෙමෙන් ගෙවී ගියේය. තම පුතුන් නිවසට නොපැමිණීමෙන් මව්පියෝ කලබල වූහ. ඔවුන් පන්ති ගොස් නැත. මිතුරන්ගේ නිවෙස්වල සොයා බලද්දී දැනගන්නට ලැබුණේ එකට සිටින මිතුරන් සිව් දෙනකු අතුරුදන්ව ඇති බවයි.
    අධ්‍යාපන අධ්‍යක්ෂ වීරසේකර මහතාගේ දුරකථනයට ලැබුණු ඇමතුමකින් කියවුණේ ඔහුගේ පුතා අධික වමනය හේතුවෙන් රෝහල් ගත කැර ඇති බවයි. පුතා සමග තවත් මිතුරන් තිදෙනකු ද රෝහල් ගත කැර තිබිණි.
    ඒ ආරංචියත් සමග මව්පියෝ රෝහලට යද්දී දරුවන් සිව්දෙනාම සිටියේ අව සිහියෙන් මෙනි. අනාවරණය වූයේ මේ දරුවන් හිසේ ආලේප කිරීමට ගන්නා ජෙල් වර්ගයක් කෑමට ගෙන ඇති බවයි.
    මෙය එක් පාසලක සිදුවූ දෙයක් පමණක් වුව ද මේ වනවිට ශී‍්‍ර ලංකාව පුරා පාසල් සිසුන් මේ ජෙල් කෑමට පුරුදුව සිටිති. වෛද්‍යවරුන් පවසන්නේ ජෙල් වර්ග සෑදීමට ගන්නා ඇතැම් සංයෝග හේතුවෙන් මත්වන බැවින් පාසල් දරුවන් මත්ද්‍රව්‍යයක් ලෙස ජෙල් වර්ග කෑමට ගන්නා බවයි.
    මත් වීම, මත්ද්‍රව්‍ය හෝ මත්ද්‍රව්‍ය නොවූව ද මත්වීමට උපකාරීවන වෙනත් ද්‍රව්‍ය භාවිතා කිරීම පාසල් සිසුන්ට සුදුසු දෙයක් නොවේ. එහෙත් ඔවුහු දැන් එයට පුරුදු වී සිටිති.
    මේ පිළිබඳ අදහස් දැක්වූ මහරගම පිළිකා රෝහලේ ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහතා පවසන්නේ හිසෙහි ආලේප කරන ජෙල් ආහාරයට ගැනීමෙන් පාසල් සිසුන් පිළිකා රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.
    ගම්පහ, කොළඹ වැනි දිස්ති‍්‍රක්කවල ළමයින් දැඩි සේ මේ ජෙල් කෑමට ගොදුරු වී ඇති අතර ලංකාව පුරාම මෙය සිදුවන බව දැනට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වේ.
    වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් මධ්‍යසාර අඩංගු මෙම ජෙල් වර්ගය ආහාරයට ගැනීම සහ නහයට ඉරීම තුළින් මත්වීමට උත්සාය ගන්නා බවයි.
    හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය.
    ‘‘මේ ජෙල් ආහාරයට ගැනීම නිසා ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන ළමයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ලංකාව පුරාම රෝහල්වල මේ ආකාරයේ ළමයින් වාර්තා වී තිබෙනවා. ඇතැම් සිසුන් අධික ලෙස වමනය දමනවා. ඒ වගේම ඔවුන්ට දැඩි නිදිමත ස්වභාවයක් දක්නට ලැබෙනවා.’’
    පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ලෙස විවිධ වර්ග කාලයෙන් කාලයට සැරිසරන ආකාරය දක්නට ලැබේ. බාබුල් නමැති බුලත් විට විශේෂය කලක් පාසල් සිසුන් අතර වසංගතයක් සේ පැතිර ගියේය. බීම වර්ගවලට වේදනා නාශක දමා පානය කිරීම ද අනතුරුව කැස්ස සඳහා ඖෂධයක් ලෙස ලබාගන්නා සිරප් වර්ගයක් ද මේ ආකාරයෙන්ම භාවිත කැරිණි.
    සිරප් සහ මත්වන ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශය නොමැතිව නිකුත් නොකරන ලෙස රජය විසින් බලපෑම් කිරීම හේතුවෙන් දැන් ඒවා ඖෂධ අළෙවිසල් වෙතින් මිලදී ගැනීමට ළමයින්ට හැකියාවක් නැත.
    මේ සමග ජෙල් වර්ග කරළියට පැමිණ තිබේ. තම කොණ්ඩය සැකසීම සඳහා පාසල් සිසුන් ජෙල් වර්ග භාවිත කිරීමත් ඒවා ඕනෑම වෙළෙඳසලකින් පහසුවෙන් මිලට ගැනීමට හැකිවීමත් මෙය පාසල් සිසුන් අතර පැතිරයාමට හේතුවක් වී තිබේ. හිසේ තවරන ජෙල් වර්ගයක් ළඟ තබා ගත්තාට දෙමාපියන් හෝ ගුරුවරුන් සැක නොකිරීම ද මත්ද්‍රව්‍යයක් ලෙස ඒවා භාවිත කිරීමට පහසුවක් වී තිබේ.
    වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ හිසේ තවරන ජෙල් ආහාරය සඳහා සැකසූ ද්‍රව්‍යයක් නොවන බැවින් එයින් සිදුවිය හැකි හානිය අති විශාල බවයි. මේවා ආහාරයට ගැනීම හෝ නාසයට ඉරීම නුසුදුසු බවත් පවසන හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය.
    ‘‘හිසේ තවරන ජෙල් වර්ගවලින් අතුරු ආබාධ රාශියක් ඇතිවිය හැකියි. ඒවා ආහාරයට ගැනීමෙන් ග‍්‍රැස්ට‍්‍රයිටිස්, උදරයේ තුවාල, විවිධ සංකූලතා, නිදිමත, පමණක් නොව පිළිකා පවා ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙය ඉතාමත්ම හානිකර තත්ත්වයක්. නහයට ඉරීමෙන් එය ස්වසන පද්ධතියට ඇතුළු වීම නිසා හානි සිදුවෙනවා.’’
    වෛද්‍යවරයා පවසන්නේ ජෙල් මත්ද්‍රව්‍යයක් ලෙස ගත්ත ද එයින් කිසිදු මත්වීමක් නොවන බවයි. විවිධ සංකූලතා සහ අතුරු ආබාධ ඇතිවීමේ අවධානම දැඩි බව ද හෙතෙම පෙන්වාදෙයි.
    මෙවැනි ජෙල් වර්ග වෙළෙඳ පොළට පැමිණි විගස විකිණී අවසන් වේ. ඇල්කොහොල් නොමැති බව සඳහන් ජෙල් වර්ග පමණක් වෙළෙඳ පොලේ දක්නට තිබේ. වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ පාසල් සිසුන් විසින් මිල දී ගැනීම නිසාම මත්ද්‍රව්‍ය ඇතැයි ඔවුන් සිතා සිටින ජෙල් වර්ග අවසන් වන බවයි.
    මේ පිළිබඳව දෙමාපියන් සහ පාසල් ගුරුවරුන් අවධානය යොමු කළ යුතුය. තම පුතා හෝ දියණිය සතුව හිසෙහි ගල්වන ජෙල් පැකට්ටුවක් තිබුණ ද ඒ පිළිබඳ සැකයක් නොසිතූ මව්පියවරුන්ට දැන් එවැනි ජෙල් වර්ග පිළිබඳ සොයා බැලීමට සිදුව තිබේ. තම දරුවා/හොදම යහලුවා ජෙල් ඇබ්බැහියට ගොදුරුවී පිළිකා මාරයාගේ ගොදුරක් වීමට පෙර රැක ගැනීමේ වගකීම දෙමාපියන් සහ ගුරුවරුන් මෙන්ම යහලුවෙක් වශයෙන් ඔබෙිද වගකීමකි.
    විශේෂ ස්තුතිය ලංකාදීප පුවත් පතට


    ================================
    ®.slexpatriates…ලංකාවෙන් පිට ඉන්න අපේම එකෙක්....
    xපැටිටාගේ වැඩක්
    [email protected]
    ++++++++++++++++++++++++++++++++++


    FB eken gaththe...... :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: kandya and epw

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Mara wade gal bipan ai yako get kanne mama nam o/l kale jet oluwe noga eliyata yanne na dan oluwe gannema nathi tharam mun kanawath paw ban
     
    • Like
    Reactions: kandya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලින් නම් ජෙල් පාවිච්චි කලා.. ඒත් දැන් නැහැ.. මගේ කොණ්ඩෙ යන්න ගත්තා.. පස්සෙ නැවැත්තුවා.. දැන් නම් මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ.. මම දන්න එකෙක්ගෙ කොණ්ඩ ගස් සුදු වෙන්න ගත්තා.. වටින පෝස්ට් එකක්.. තැන්කූ මචං..!
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කලින් නම් ජෙල් පාවිච්චි කලා.. ඒත් දැන් නැහැ.. මගේ කොණ්ඩෙ යන්න ගත්තා.. පස්සෙ නැවැත්තුවා.. දැන් නම් මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ.. මම දන්න එකෙක්ගෙ කොණ්ඩ ගස් සුදු වෙන්න ගත්තා.. වටින පෝස්ට් එකක්.. තැන්කූ මචං..!

    හුටා මචං උබෙත් එහෙමද ..
    මගෙත් ඔය ටිකමයි ඕක නවත්ත ගන්න බැරිද බං ??? 
    :confused: :confused: :baffled: :baffled: :baffled:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කලින් නම් ජෙල් පාවිච්චි කලා.. ඒත් දැන් නැහැ.. මගේ කොණ්ඩෙ යන්න ගත්තා.. පස්සෙ නැවැත්තුවා.. දැන් නම් මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ.. මම දන්න එකෙක්ගෙ කොණ්ඩ ගස් සුදු වෙන්න ගත්තා.. වටින පෝස්ට් එකක්.. තැන්කූ මචං..!

    :rolleyes: kalu karapan :P
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    යකෝ අරක්කු ටිකක් බීපල්ලකෝ.. මොන මඟුලට ඔය ජරාව කනවද :lol: