ජේතවනාරාම චෛත්‍ය තැන් දෙකකින් පුපුරයි..

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts

    ජේතවනාරාමයට මොකද වෙන්නෙ?​


    ලෝකයේ ගඩොලින් කරපු විශාලතම ඉදිකිරීම මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් අපිට හුඟාක් ආඩම්බරයෙන් කියන්න පුළුවන් අනුරාධපුරයේ ඇති “ජේතවනාරාමය” දාගැබ කියලා. එවකට මහසෙන් රජතුමා හදපු ජේතවනාරාමයේ වත්මන් උස මීටර් 120ක් බවයි කියන්නේ. ඒ කියන්නේ අඩි නම් 400ක් විතර වෙනවා. ජේතවනාරාමය පාරිභෝගික දාගැබක් විදිහටයි හැඳින්වෙන්නේ. ඒකට හේතුව වෙන්නේ එදා බුදු රජුන් පැළඳ හිටපු පටි ධාතුවෙන් කොටසක් මේ දාගැබේ නිදන්කර තිබීම. කොහොම හරි ක්‍රි.ව. 4 වැනි සියවසේ රෝම අධිරාජ්‍යය බිඳවැටෙන සමයේ ලොව තිබුණු උසම ගොඩනැඟිලි අතරින් තුන්වෙනි තැනටයි ජේතවනාරාමය තිබිලා තියෙන්නේ. එදා අනුරාධපුරයේ තිබූ ජේතවනය දෙවැනි වෙලා තියෙන්නේ ඊජිප්තුවේ ගීසාහී පිරමීඩ දෙකට විතරයි. ඉතින් ලෝකයක් කතා කරන ජේතවනාරාමයේ කතාව එහෙම වෙනකොට මේ දවස්වල තවත් පැත්තකින් ටිකක් අසුබ කතාවක් පැතිරෙනවා. ඒ තමයි ජේතවනාරාමය ඉරිතළා ගිහින් කියන කතාව. දාගැබේ හතරැස් කොටුවේ සිට පහළට එම ඉරිතැළීම් මතුවෙලා කියලයි කියන්නේ. ඒ හින්දම එම කතාවේ ඇත්ත නැත්ත හොයන්නට අපි තීරණය කළා. ඉතින් එදා ඉඳන්ම අව්වට වැස්සට ඔරොත්තු දීපු ජේතවනාරාමයේ වත්මන් කතාව මෙහෙමයි.

    ජේතවනාරාමය දාගැබ ඉරිතැළුණු කතාව ඇත්තද නැද්ද බලන්න මුලින්ම අපි හැරුණේ ජේතවනාරාමයේ විහාරාධිපති ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් මාධ්‍යයට කියපු කතාව පැත්තට. උන්වහන්සේ කියන විදිහට ජේතවනාරාමයේ ඉහළම හතරැස් කොටුවේ ඉඳන්ම පහළට ස්ථාන හතරකින් පමණ පේසා වළලු දෙසට මීටර් ගණනාවක් දිගටම ඉරිතැළීම් තියෙනවා. 2019 නොවැම්බර් මාසයේ විතර තමයි මේ ඉරිතැළීම් මුල්වරට දැකලා තියෙන්නේ. පස්සේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු උපදේශකවරයකු වූ ඉන්ජිනේරු ගැමුණු සිල්වා මහත්තයා එම ඉරිතැළීම් නිරීක්ෂණය කරලා ඔහුගේ උපදෙස් අනුව බදාමයක් දාලා ඒ ඉරිතැළීම් වහනවා. ඒ බදාමය හදන්නේ හුනු ගල්, සිමෙන්ති සහ උළු කුඩු ආදිය මිශ්‍ර කරලා. නමුත් පසුගිය වර්ෂා කාලයේදී එම බදාමය වැස්සට හේදිලා ගිහින් ආයෙත් අර ඉරිතැළුණු ස්ථාන සුදු පැහැයෙන් මතුවෙනවා. හරියටම බැලුවොත් එම ඉරිතැළීම් යම් යම් තැන්වලදී අඟල් දහයක් දොළහක් තරමටම කිඳා බැහැලා තියෙනවා කියලයි අනුමාන කරන්නේ. දැනට ජේතවනාරාමයේ කතාව එහෙමයි.

    මේ ජේතවනාරාමය දාගැබේ සංරක්ෂණ කටයුතු භාරව සිටින මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහත්තයා නම් කියන්නේ වසර කීපයකට උඩදී අකුණු සැර වැදීමක් නිසා ජේතවනාරාමය දාගැබේ ස්ථාන කීපයක් ඉරිතළා තිබුණු බවයි. පස්සේ ඊට විශේෂ බදාමයක් සකස්කොට එම ඉරිතැළීම් ඇතිවුණු ස්ථාන ප්‍රතිසංස්කරණය කළා කියලත් ඔහු කියනවා. ඒ වගේමයි මේ වෙද්දිත් ඔවුන් දාගැබ ගැන අවධානයෙන් පසුවෙන බවයි කියන්නේ. ඒ අතරේ ඉන්ජිනේරු ගැමුණු සිල්වා මහත්තයා සඳහන් කරන්නේ මෙවර ඉරිතැළීම් නම් අකුණු සැර වැදීමක් නිසා වෙලා තියෙන ඉරිතැළීම් නෙවෙයි කියලයි. ඒත් එක්කම දාගැබේ වත්මන් තත්ත්වය ගැන සඳහන් කරන ඔහු කියන්නේ ලෝකයේ ඇති සෑම ගඩොල් යොදාගත් ඉදිකිරීමක්ම කාලානුරූපීව විවිධ පරිවර්තනයන්ට ලක්වෙන බවයි. ඒ නිසා ඔහුගේ යෝජනාව වෙන්නේ දාගැබේ පේසා වළලුවලට අඩි තිහක් පමණ උසකින් හතරැස් කොටුව ආසන්නය දක්වා ගඩොල් එකිනෙක එකතුවෙන විදිහට බදාමයක් යොදන්න ඕනෑ කියලයි. එහෙම කළොත් මෙම දාගැබ මත වැහි වතුර රැඳීමේ අවදානමත් වළක්වා ගන්න පුළුවන් කියලයි ඔහුගේ අදහස.

    ඇත්තටම ජේතවනාරාමය දාගැබ ඉරිතළා ගියේ ඇයි කියන්න අපි දන්නේ නෑ. ඒත් ඒක ගැන හොයලා බලන්න පුළුවන් විශාල වූ පිරිසක් අපේ රටේ වෙනම ඉන්නවා. සමහර විට එහෙම ඉරිතැළීම් නම් වෙන්න පුළුවන්. මොකද ජේතවනාරාමය දාගැබට තියෙන්නේ දැවැන්ත ඉතිහාසයක්. ඒ ඉතිහාසය දිහා අපි ආපහු හැරිලා බැලුවම ජේතවනාරාමය දාගැබේ පෞරාණික බව ඔප්පු වෙනවා. කොහොමින් හරි එදා ඉඳන්ම මේ ජේතවනාරාමය දාගැබ අව්වෙන් වැස්සෙන් ලොකුවට පීඩා වින්දා. මොකද අදටත් ජේතවනාරාමය දාගැබට ඉහළින් කිසිදු ආවරණයක් නෑ. එහෙම ආවරණයක් හදන එකත් ලේසි නෑ. ඉතින් ඔය වගේ හේතු හින්දම ජේතවනාරාමය දාගැබ මහා වැස්සට තෙමුණා. ආයෙත් ගිනියම් අව්වට වේළුණා. හැබැයි ඒ කියපු හැමදේටම ඔරොත්තු දීගෙන ජේතවනාරාමය විරාජමානව ඔන්න අද වෙනකල් තිබුණා. ඒත් පහුගියදා එම දාගැබ මතුපිට ඇතිවුණු ඉරිතැළීම් කිහිපයක් නිසා අපේ රටේ මිනිස්සු සෑහෙන්න කලබල වුණා. ඉතින් ඔවුන් ඔවුන්ගේ අතින් සාධාරණයි. මොකද අපේ රටේ මිනිස්සු ජේතවනයට දක්වන්නේ ඉමහත් ගෞරවයක්. ශ්‍රී ලාංකේය වර්තමාන අටමස්ථාන අතරටත් ජේතවනාරාම දාගැබ සුදුසුකම් ලැබුවේ අන්න ඒ ගෞරවය නිසයි.

    19 වැනි සියවස වෙනකොට මේ ජේතවනාරාමය දාගැබ තිබුණේ මෙහෙම නෙවෙයි. ඒ කාලේ ජේතවනය කියන්නේ මහා රූස්ස ගස්වලින් වැහුණු පස් ගොඩක්. එය දාගැබක් තත්ත්වයට ප්‍රතිසංස්කරණ කිරීම ආරම්භ කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. අද වෙද්දී කැඩී ගියපු කොත් කැරැල්ල දක්වා ඉතිරි වී ඇති දාගැබ සංරක්ෂණය කරන්න හරියටම වසර විසි අටක දීර්ඝ කාලයක් අඛණ්ඩව ගතවෙලා තියෙනවා. ජේතවනය සංරක්ෂණය කරන මුල්ම කාලයේදී ලෝක ප්‍රසිද්ධ යුනෙස්කෝ සංවිධානය පවා ඊට අරමුදල් දුන්නු බව සඳහන් වෙනවා. පස්සේ ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහත්තයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට රාජකාරිය කරපු කාල සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවනවා. ඒ හරියටම 1986 වසරේ. ඉතින් එයින් උපයාගත් අරමුදල් තුළින් තමයි පස්සේ කාලේ ජේතවනාරාමය දාගැබේ සංරක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ. කොහොමින් හරි ඔවුන්ගේ මහන්සියෙන් වගේම ශ්‍රමයෙන් එදා අතීතයේ මහා රූස්ස ගස්වලින් වැහුණු පස් ගොඩ ජේතවනාරාමය දාගැබ විදිහට මෙදා කලඑළි වෙනවා. අදත් කියවන ඔබ අනුරාධපුරය පූජා භූමියට ගියොත් ජේතවනාරාමය විරාජමානව තියෙන හැටි බලාගන්න බැරිකමක් නෑ.

    අද ලෝකයම දන්න ජේතවනාරාමය අපි ඉහළින් කියපු විදිහට රූස්ස ගස්වලින් වැහිලා තියෙද්දී මුලින් කළේ දාගැබේ ගර්භය පාදාගන්න එක. පස්සේ ඉදිකිරීම් ආරම්භ කරනවා. එතැනදී යොදාගන්නේ පුලුස්සන ලද ගඩොල්. ඒ ගඩොල් නිෂ්පාදනය කෙරෙන්නේ අනුරපුර නගරයට නැඟෙනහිර දෙසින් පිහිටි ගල්කඩවල නම් ප්‍රදේශයෙන්. මේ දාගැබට ගඩොල් කැට නවකෝටි තිස් ලක්ෂයක් විතර යොදාගෙන තියෙනවා. ඒ වගේම එහි සංරක්ෂණ කටයුතු සඳහා දහසක පමණ සේවකයන් පිරිසක් වගේම යුධ හමුදාවේ සහ වන්දනාකරුවන්ද පැමිණි බව සඳහන්. අවසානයේ ජේතවනාරාම දාගැබ ප්‍රතිසංස්කරණ කරලා විවෘත කරන්නේ 2009 ජුනි 18 වැනිදා. මේ දාගැබ වටා බිම අක්කර අටක්. එහි එවකට ජේතවනාරාමය යන නමින් ලොකු ගොඩනැඟිල්ලක් තිබිලා තියෙනවා. එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන්දාහකට පමණ වැඩවසන්න පහසුකම් තිබුණු බව සඳහන්. දාගැබේ උස අඩි 400ක්. එහි එක් පැත්තක දිග අඩි 576ක්. ඒ වගේම හතර පැත්තෙන් ඇති පඩිපෙළ අඩි 28ක් පළලයි. දාගැබේ පාදම මීටර් හයක් ගැඹුරු වෙනකොට දාගැබේ විෂ්කම්භය අඩි 370ක් කියලයි කියන්නේ. ඉහළ හතරැස් කොටුවත් දිගින් සහ පළලින් මීටර් 23.2ක් වෙනවා. සම්පූර්ණයෙන් ගඩොලින් කළ ඉදිකිරීමක් වෙන ජේතවනාරාමය දාගැබේ අද කතාව ඔන්න ඔහොමයි.

    ජේතවනාරාමය දාගැබේ ඉතිහාසය ගත්තම එක පිරිසක් හිතන් ඉන්නේ ඒ දාගැබ ඉදිකරලා තියෙන්නේ මිහිඳු හිමියන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයේ කියලා. ඒත් ඒ කතාව වැරැදියි. නමුත් මිහිඳු හිමියන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරලා තියෙන්නේ ජේතවනයට ටිකක් සමීපයේ කියලා නම් අපිට කියන්න පුළුවන්. ඒ තිස්සමහාරාමය ප්‍රදේශයේ. එදා මිහිඳු හිමියන් අපවත් වූ පසු එම ශ්‍රී දේහය ථූපාරාමය වෙත ගෙනැවිත් පසුව තිස්සමහාරාමයට නැඟෙනහිරින් පිහිටි ස්ථානයකදී ආදාහනය කළ බවයි දීපවංශයේ සඳහන් වෙන්නේ. අපි මුලින් කියපු විදිහට බුදු රජුන් පැලඳ සිටි පටි ධාතුවේ කොටසක් තමයි මේ ජේතවනාරාමය දාගැබේ නිදන් කරලා තියෙන්නේ. ඒකයි ඇත්ත. අන්න ඒ නිසා මෙම ජේතවනාරාමයේ ඉරිතැළීම් ගැන අපිට සහ අප රටට සුළුවෙන් හිතන්න බෑ. මොකද ජේතවනාරාමය දාගැබ කියන්නේ ලංකාවේ ඉතිහාස කතාවෙන් වැදගත්ම වූ කොටසක්. ඉතින් එම කොටස අනාගතයට පරිස්සම් කරන එක ජාතික වගකීමක් කියලා ආයෙත් කියවන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

    රුවන් එස්. සෙනවිරත්න
    Ee kale mat udata gal aragena giya api ehe giya welawaka chaithya hadana kaale
     
    • Like
    Reactions: Fallujah

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ පැලුම් කිහිපයක් හටගෙන ඇත. ඒ අනුව හතරැස් කොටුව ආසන්නයේ සිට ගර්භය දෙසට මීටර් 5 ක් පමණ දිග පැළුම් 2 ක් පමණ මේවන විට හඳුනා ගෙන ඇත.

    මින් ඉහතදී ජේතවන ස්ථූපයේ පැළුම් කිහිපයක් හට ගත්තේය. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් උපදේශක කමිටුවක් නිර්දේශ මත එම අවස්ථාවේදී ස්ථුපය ප්‍රතිසංස්කරණය කෙරිණි.

    මහා විනාශයක් අත ළඟ බව පවසමින් ප්‍රදේශවාසීන් විවිධ දේ පවසන බව අපගේ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේය.
    මේ වෙන විනාසෙ පේන්නෙ නැද්ද? බුදු බණ අනුව ඔක්කොම විනාස වෙනවා ඒක දැන් ඇස් පනාපිටම පේනවා. නොපමාව කුසල් රැස් කරන්න විතරයි තියෙන්නේ. මොන ආගම ඇදහුවත් දැන්වත් හිතට අවංකව යහපත් ක්‍රියාම වැඩිපුර කරන්න විතරයි ඉතුරු
     
    • Like
    Reactions: DiksonAlex

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මම ලොකුවට ඕවා විශ්වාස කරන්නේ නැ එත් මේ වෙන දේවල් එක්ක මට හිතෙනවා මහා කාලකන්නි පාපතර පාලකයෝ ටිකක් නිසා රටටම කෙලෙවෙයිද කියලා (ඔක්කොම දේශපාලන පක්ෂ 225 ම)

    මගේ සාදාරන සැකයක් තියනවා පාස්කු බොම්බේ අනිවා දේශපාලන ගේමක් කියලා, පක්ෂ ගානක් එකතු වෙලා, පස්සේ ISIS එක පිට දැම්ම, ස්වභාවදර්මය කියලා දෙයක් තියනවා නම් ඒ අහිංසක ජිවිත වලට කරපු අපරදෙට අනිවා ෂොට් එක හම්බ වෙනවා
    අනිවා උන්ට කඩේ යන කාලකන්නි ටිකකුත් ඉන්නවනේ. ඔක්කොගේම සාපේ තමා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    golden boy wow GIF by Feliks Tomasz Konczakowski
     
    • Wow
    Reactions: Didy

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ජේතවනේටත් ගල් ගහපු වේ ස' කොල්ලො දැන් ඉන්නෙ...
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Ehema palenawanan ruwanweliseya tamai mulin palenna one aru diwurum dunnata
    රුවන් වැලි සැය ගැන හොද ආටිකල් එකක් තිබුණා ලංකාදීපේ දාලා උබලා කියෙව්වද රුවන් වැලි සැය උඩ සැටලයිට් ඇන්ටනාවක් හයි කරලලු:oo: තව යුද්දේ දිනන්න බාරයක් වෙලා එක නිදහස් කරලත් නැලු:oo:
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට මතක විදිහට පොඩි දෙයක් කියන්නං, කවුරුහරි හරි විස්තර දාන්න.
    ජේතවනාරාමය හැදුනේ රුවන්වැලි සෑයට විරුද්දව.
    රුවන්වැලි සැයේ හිටපු ස්වාමින් වහන්සේලා අනුගමනය කලේ මිහිඳු මහා රහතන් වහන්සේ රැගෙන ආපු නිර්මල බුදු දහම.
    මහා විහාරය කියන්නේ ඒක මට මතක විදිහට.
    නමුත් පසු කාලීනව වෙනත් භික්ෂු පිරිසකට වෙනම නිකායක් ගොඩ ගනා ගන්න උවමනා වෙලා ඒ පිරිස වෙනම හිටියා.
    ඒ අයගේ ස්ථුපයක් තමයි ජේතවනාරාමය.
    ඒ නිසාය කියනවා රුවන්වැලි සැය අදටත් ඔහොම බබලද්දී, ජේතවනාරාමය වගේ දාගැබ් අද ඔහොම තියෙන්නේ..
    ඔකේ ඉතිහාස කතාව දන්න කෙනෙක් දාන්න.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    athule tiyana evata shot eka dei ,
    ewata suddo danatamath shot eka deela iwarai

    වැඩේ කියන්නෙ රුදාව හැදෙන්නේ ජේප්පො න්ටයි කුරුස පකාලටයි

    ow ithin baiyo kiyanne agamak dahmak thiyana ewunwai.
    okun danne horakam karannai, ganu dushanaya karannai witharai.
    ------ Post added on Sep 14, 2021 at 9:28 AM