19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුවක් නැති බවත් පසුගිය ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු දැරු නායකයින්ගේ අඩුපාඩු නිසා ව්‍යවස්ථාව වැරදි යැයි පැවසීම මුලාවක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
එමෙන්ම 1978 ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව ඒකාධිපති බව පැවසූ පාර්ශ්වම අද වනවිට එම ව්‍යවස්ථාව අවශ්‍ය යැයි පැවසීම විමතියට කරුණක් බවද Medialk.com සමග අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේය.
සියලුදෙනා එකතුවී දහනවය රැකගත යුතු බව පැවසු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
"මේ රටේ නිදහස් නිවහල් ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරන්න එදා මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ගෙන ගිය අරගලය අද අපට මතක් වෙනවා. සෝභිත ස්වාමීන් වහන්සේගේ පිළිරුව අභියස අද සවස හතරට මීට එරෙහිව වැඩසටහනක් කරනවා. අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මේ මතයට එකඟ සියලු දෙනාටම ආරාධනා කරනවා ප්‍රතිඥාවක් දෙන්න පැමිණෙන්න කියලා. එහිදී අපි ප්‍රතිඥා දෙනවා මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ඒ දර්ශනයට අපි කැපවෙලා ඉන්නවා කියලා. අපි ඒක සිදුකරන්න හේතුව තමයි එදා 19 වැනි සංශෝධනය ගෙනාවේ යම්කිසි අදහස් නීතියට අනුව ස්ථාපිත කරන්න. අද 20 වැනි සංශෝධනය ගෙනල්ලා තියෙනවා. මේ රට ඒකාධිපතිව ජීවිත කාලය පුරාවටම පවුල් පාලනයට ගෙන යන වැඩපිළිවෙළක් තමයි මේ 20 වැනි සංශෝධනයෙන් ඉදිරියට ගෙන යන්නේ.
මට මතකයි 1978 ව්‍යවස්ථාව ගැන එදා ඉඳන්ම දේශපාලඥයන් කියනවා ඒකාධිපති ව්‍යවස්ථාවක් කියලා. ඒක කිව්වේ වැඩි දෙනෙක් ජේ.ආර්. ජනාධිපතිවරයාට විරුද්ධ පක්ෂයේ හිටපු අය. දැන් මට පුදුමයි අද මාධ්‍ය දිහා බලන විට 1978 ව්‍යවස්ථාවටම යමු කියලා දේශපාලඥයන් කියනවා. ඒ විතරක් නෙවෙයි එහෙම කියන අය 19 වැනි ව්‍යවස්ථාව සම්මත කරන්න සහාය දුන්නා. එදා කිව්වේ ඒකාධිපති වියරුව නැති කරන්න ඕනි කියලා. දැන් ඒ අයම කියනවා 20ට සහාය දෙන්න කියලා. ඇත්තටම රටේ ජනතාව ප්‍රශ්න කරන්න ඕන මේ සංශෝධනය රටේ පැවැත්මටද නැතිනම් පුද්ගලයන්ගේ පැවැත්මටද කියලා. සමහර වෙලාවට අපට කියනවා මේ 19 වැනි සංශෝධනය නිසා ප්‍රශ්න ඇති වුණේ කියලා. ඒකේ වැඩිපුරම කියන්නේ ත්‍රස්තවාදය ගැන.
අර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වුණා කියලා. ඒ ප්‍රහාරයයි 19 වැනි සංශෝධනයයි අතර කිසිම සම්බන්ධතාවක් නැහැ. නීතියේ අඩුපාඩුවක් එදා වුණේ නැහැ. එදා වුණේ නායකයන්ගේ අඩුපාඩුවක්. ඒ වගේම 20 වැනි සංශෝධනයෙන් ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ ජාතික විගණන කොමිෂන් සභාව අහෝ
සි කරලා තියෙනවා. ප්‍රසම්පාදන කොමිෂන් සභාව ගෙනාවේ ස්වාධීනව කටයුතු කරන්න. ජනාධිපතිවරයා සහ ඇමතිවරුන් සතුව තිබෙන ආයතනවලින් හොරකම් කරනවා කියලා කියනවා නම්, ඇයි මේ ප්‍රසම්පාදන කොමිෂන් සභාව ඉවත් කරන්නේ. අයින් කරන්නේ මෙච්චර කාලයක් හොරකම් කළා මදී. ඒ නිසා තවත් හොරකම් කරන්න" යැයිද ඔහු සඳහන් කළේය.
20ට එරෙහිව අධිකරණයට
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියකට යෑමට අපේක්ෂා කරන බව ද සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
"20 වැනි සංශෝධනය කියන්නේ රටේ පුරවැසියන් සතුව තිබුණ බලය ආපසු පුද්ගල කේන්ද්‍ර කර ගත් පාලනයක් සඳහා දරන උත්සාහයක් පමණයි. රටක නීතියක් සකස් විය යුත්තේ, පාලකයන්ට නොවෙයි පුරවැසියන්ට. ඒ නිසා මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ලෙස අපි පියවර කිහිපයකට යන්න උත්සාහ කරනවා. ඉන් පළමු කාරණය ලෙස අධිකරණ ක්‍රියාවලියකට අපි යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා.
Read full article - https://medialk.com/Sinhala/ReadPost/2655