ජේම්ස් කැමරන් මරියාන ආඝාධය වෙත

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නියමයි බන් :cool: උබට හොදට ලියන්න පුළුවන් නේ :)
    You must spread some Reputation around before giving it to overwhelming again.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජේම්ස් කැමරන් ගැන ඔබ අහලා ඇතුවා නිසැකයි. ටර්මිනේටර්, ටයිටැනික්, ඇබිස්, ඇවටාර් ආදී චිත‍්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු සුවිශේෂ හැකියාවන් රැසක් ඇති අයෙක්. ඔහු ලේඛකයෙක්. තිර රචකයෙක්, නව නිපැයුම්කරුවෙක්, කිමිදුම්කරුවෙක්, ගවේෂකයෙක්, අඩක් විද්‍යාඥයෙක් - අඩක් කලාකරුවෙක් කියලයි විචාරකයන් ඔහුව හඳුන්වන්නෙ.
    කැනඩාවේ ඉපදිලා දැනට නවසීලන්තයෙත් ඇමරිකාවේ කැලිෆෝනියාවෙත් ස්ථිර පදිංචිය ඇති ඔහු දැන් සූදානම් වෙනවා මහ පොළොවේ ගැඹුරුම තැනට කිමි දෙන්නට. ඒ පැසිපික් සාගරයේ මරියානා අගාධයයි. එය 11000 Km ගැඹුරුයි. උසම කන්ද වූ හිමාලයටත් වඩා දිගින් වැඩියි. ඔහු මේ ගමන යන්නේ තනිවමයි. 1960න් පසු මේ වන තෙක් කිසිවෙක් මේ කිමිදුම කර නැහැ.

    1.JPG

    ඔහු මේ ගමන සඳහා විශේෂ කිමිදුම් යානයක් තනවා තියෙනවා. මේ ගමනේ දී ඒ ගැඹුරු මුහුදු පත්ලේ පැය හැයක විතර කාලයක් රූ ගත කිරීම්වල යෙදෙන්නට ඔහු බලාපොරොත්තු වෙනවා. මේ කුඩා සබ්මැරිනය නම් කර ඇත්තේ ‘ඞීප්සී චලෙන්ජර්’ (ගැඹුරු මුහුදේ අභියෝගය) කියායි. ඇත්තටම නම් මේ තරම් ගැඹුරක දී සන්නිවේදන උපකරණ හරි හැටි කි‍්‍රයා කරාවිදැයි කිව නොහැකියි. මේක කැමරුන්ට පමණක් නොව අපටත් අමුතුම අත්දැකීමක්.

    මේ කුමුදුවෙහි ඇතුළත වායුගෝලය සකසා තියෙන්නේ කැමරන්ට පහසුවෙන් සිටිය හැකි පරිදියි. දිය යට අධිපීඩනය ඇතුළට නොදැනෙන ලෙසයි. ඔහුට කන්වලට ආරක්ෂක ආවරණ දැමීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහු ඉන්නා කුටිය ගෝලාකාරව නතා ඇත්තේ සාගරයේ යට යන්න යන්න මුහුණ දෙන්න වන අධිපීඩනයට ඔරොත්තු දෙන ආකාරයටයි.

    එහි ඇතුළත අඟල් 43ක් පළල වුනත් නවීන අධි තාක්ෂණික මෙවලම් නිසා ඔහුට යම්තම් එහා මෙහා වෙන්න විතරයි ඉඩ තියෙන්නෙ. ඔහු මුවින් පිට වෙන ජල වාෂ්ප හා සිරුරෙන් පිට වෙන ඩාදිය කුටියේ ලෝහ තහඩුව මතුපිට රැඳෙනවා. ඒවා වෙනම මල්ලකට එක් රැස් කෙරෙනවා. හදිසි අවස්ථාවක් ආවොත් ඒවා ඔහුට පානය කරන්නත් පුළුවන්

    සාගර පත්ලට මේ යානය ගෙන යන පිරවුම් ද්‍රව්‍ය කටයුතු අවසන් වූ පසු යානයෙන් පිටත දැමිය හැකියි. එය යානය තුළ සිටින කැමරන්ට එය කරන්නට සිදු වෙනවා. ඔහු ඊට නියමිත යතුර කි‍්‍රයාත්මක කළා ම පිරවුම් ද්‍රව්‍ය සවිකර ඇති බහාලූවේ ඇණ රත්වී කැඞී යනවා. යම් හෙයකින් කළ නොහැකි වුවහොත් පැය 11කට පස්සේ ඉබේම ඉවත්ව යානය උඩට එන්නට පටන් ගන්නවා.

    මේ යානය නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ එකක්. මෙහි පරිපථ 1500ක් මගින් පද්ධති 180ක් කි‍්‍රයාත්මක වෙනවා. ඒවා මේ කුමුදුව සඳහා ම වෙන වෙන ම විශේෂයෙන් තැනූ ඒවායි. හයිඩෙෆිනිෂන් (අධිරූපණ) කැමරා හතර කියා කරන්නේත් ඒ පද්ධති මගින්. ඒ කැමරා සඳහා අඩි 7ක් දිග එල්ඊඞී (LED) පැනලයක් තියෙනවා. එයින් පැහැදිලි ජලය තුළ අඩි 100ක දුරක් ආලෝකමත් කළෑකි. මීට අමතර ව මෙය අවශ්‍ය තරම් දුරකට දිගු කරන්නත් පුළුවන්.

    මේ කුමුදුවට බලය සපයන්නේ ඒ සඳහා ම විශේෂයෙන් තැනූ ලිතියම් අයන බැටරියකින්. අලූත් ටොයොටා පි‍්‍රයුස් රථයේ තියෙන බැටරියට සමාන එකක්. ඒත් ඒ වගේ තුන්ගුණයක බලයක් සපයනවා. කැමරන් මතුපිටට ආවාම විශේෂ LED ආලෝකයක් නිකුත් කෙරෙනවා, ඔහුගේ යානයෙන්. ඔහුට තනිව ම සාගර පත්ල යටට ගියාට තනිව ම ගොඩට එන්න බැහැ. ඔහුට ඒ යානය තුළ රැඳී ඉන්න වෙනවා, ඔහුව ගළවා ගන්න එනතුරු.

    හොදනන් සළකලා අනිත් අයටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න.:cool:

    පරණ නිවුස් එකක් සිංහලයා ..ඔකේ 3D බ්ලුරේ එක තියනවා Deepsea Challenge 3D කියල හොයාගන බලපල්ලා පට්ට ....
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ඕක ගිහින් දැන් අව්රුද්දක් විතර වෙනව මට මතක විදිහට. දැන් Documentry එකත් ඇවිත් ඇති
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    ජේම්ස් කැමරන් ගැන ඔබ අහලා ඇතුවා නිසැකයි. ටර්මිනේටර්, ටයිටැනික්, ඇබිස්, ඇවටාර් ආදී චිත‍්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු සුවිශේෂ හැකියාවන් රැසක් ඇති අයෙක්. ඔහු ලේඛකයෙක්. තිර රචකයෙක්, නව නිපැයුම්කරුවෙක්, කිමිදුම්කරුවෙක්, ගවේෂකයෙක්, අඩක් විද්‍යාඥයෙක් - අඩක් කලාකරුවෙක් කියලයි විචාරකයන් ඔහුව හඳුන්වන්නෙ.
    කැනඩාවේ ඉපදිලා දැනට නවසීලන්තයෙත් ඇමරිකාවේ කැලිෆෝනියාවෙත් ස්ථිර පදිංචිය ඇති ඔහු දැන් සූදානම් වෙනවා මහ පොළොවේ ගැඹුරුම තැනට කිමි දෙන්නට. ඒ පැසිපික් සාගරයේ මරියානා අගාධයයි. එය 11000 Km ගැඹුරුයි. උසම කන්ද වූ හිමාලයටත් වඩා දිගින් වැඩියි. ඔහු මේ ගමන යන්නේ තනිවමයි. 1960න් පසු මේ වන තෙක් කිසිවෙක් මේ කිමිදුම කර නැහැ.

    1.JPG

    ඔහු මේ ගමන සඳහා විශේෂ කිමිදුම් යානයක් තනවා තියෙනවා. මේ ගමනේ දී ඒ ගැඹුරු මුහුදු පත්ලේ පැය හැයක විතර කාලයක් රූ ගත කිරීම්වල යෙදෙන්නට ඔහු බලාපොරොත්තු වෙනවා. මේ කුඩා සබ්මැරිනය නම් කර ඇත්තේ ‘ඞීප්සී චලෙන්ජර්’ (ගැඹුරු මුහුදේ අභියෝගය) කියායි. ඇත්තටම නම් මේ තරම් ගැඹුරක දී සන්නිවේදන උපකරණ හරි හැටි කි‍්‍රයා කරාවිදැයි කිව නොහැකියි. මේක කැමරුන්ට පමණක් නොව අපටත් අමුතුම අත්දැකීමක්.

    මේ කුමුදුවෙහි ඇතුළත වායුගෝලය සකසා තියෙන්නේ කැමරන්ට පහසුවෙන් සිටිය හැකි පරිදියි. දිය යට අධිපීඩනය ඇතුළට නොදැනෙන ලෙසයි. ඔහුට කන්වලට ආරක්ෂක ආවරණ දැමීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔහු ඉන්නා කුටිය ගෝලාකාරව නතා ඇත්තේ සාගරයේ යට යන්න යන්න මුහුණ දෙන්න වන අධිපීඩනයට ඔරොත්තු දෙන ආකාරයටයි.

    එහි ඇතුළත අඟල් 43ක් පළල වුනත් නවීන අධි තාක්ෂණික මෙවලම් නිසා ඔහුට යම්තම් එහා මෙහා වෙන්න විතරයි ඉඩ තියෙන්නෙ. ඔහු මුවින් පිට වෙන ජල වාෂ්ප හා සිරුරෙන් පිට වෙන ඩාදිය කුටියේ ලෝහ තහඩුව මතුපිට රැඳෙනවා. ඒවා වෙනම මල්ලකට එක් රැස් කෙරෙනවා. හදිසි අවස්ථාවක් ආවොත් ඒවා ඔහුට පානය කරන්නත් පුළුවන්

    සාගර පත්ලට මේ යානය ගෙන යන පිරවුම් ද්‍රව්‍ය කටයුතු අවසන් වූ පසු යානයෙන් පිටත දැමිය හැකියි. එය යානය තුළ සිටින කැමරන්ට එය කරන්නට සිදු වෙනවා. ඔහු ඊට නියමිත යතුර කි‍්‍රයාත්මක කළා ම පිරවුම් ද්‍රව්‍ය සවිකර ඇති බහාලූවේ ඇණ රත්වී කැඞී යනවා. යම් හෙයකින් කළ නොහැකි වුවහොත් පැය 11කට පස්සේ ඉබේම ඉවත්ව යානය උඩට එන්නට පටන් ගන්නවා.

    මේ යානය නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ එකක්. මෙහි පරිපථ 1500ක් මගින් පද්ධති 180ක් කි‍්‍රයාත්මක වෙනවා. ඒවා මේ කුමුදුව සඳහා ම වෙන වෙන ම විශේෂයෙන් තැනූ ඒවායි. හයිඩෙෆිනිෂන් (අධිරූපණ) කැමරා හතර කියා කරන්නේත් ඒ පද්ධති මගින්. ඒ කැමරා සඳහා අඩි 7ක් දිග එල්ඊඞී (LED) පැනලයක් තියෙනවා. එයින් පැහැදිලි ජලය තුළ අඩි 100ක දුරක් ආලෝකමත් කළෑකි. මීට අමතර ව මෙය අවශ්‍ය තරම් දුරකට දිගු කරන්නත් පුළුවන්.

    මේ කුමුදුවට බලය සපයන්නේ ඒ සඳහා ම විශේෂයෙන් තැනූ ලිතියම් අයන බැටරියකින්. අලූත් ටොයොටා පි‍්‍රයුස් රථයේ තියෙන බැටරියට සමාන එකක්. ඒත් ඒ වගේ තුන්ගුණයක බලයක් සපයනවා. කැමරන් මතුපිටට ආවාම විශේෂ LED ආලෝකයක් නිකුත් කෙරෙනවා, ඔහුගේ යානයෙන්. ඔහුට තනිව ම සාගර පත්ල යටට ගියාට තනිව ම ගොඩට එන්න බැහැ. ඔහුට ඒ යානය තුළ රැඳී ඉන්න වෙනවා, ඔහුව ගළවා ගන්න එනතුරු.

    හොදනන් සළකලා අනිත් අයටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න.:cool:
    Good work -Appreciate it