"ජේම්ස් බොන්ඩ් "ගෙ පාට වෙනස් වෙයි
ඉඩ්රිස් එල්බා මීළඟට නිෂ්පාදනය වීමට නියමිත 'ජේම්ස් බොන්ඩ්' චිත්රපටයේ ජේම්ස් බොන්ඩ්ගේ චරිතයට තෝරා ගනු ඇතැයි යන ආරංචියක් පසුගිය සතියේ හොලිවුඩ්පුර පුරා පැතිරී ගොස් තිබුණා.ඉඩ්රිස් එල්බා කළු ජාතික ඇමරිකානුවෙක්. මීට පෙර තීරණය වී තිබුණේ ඩැනියල් ක්රේග්ව යළි එම චරිතයට යොදා ගැනීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, මෑතකදී තිරගත වූ'ස්කයි ෆෝල්’ නම් වූ ජේම්ස් බොන්ඩ් චිත්රපටයේ ඩැනියල් සමග රඟපෑ සුපිරි නිළි නයෝමි හැරිස් ප්රකාශ කළේ මීළඟ'බොන්ඩ්’ චිත්රපටයට තෝරා ගැනෙන්නේ ඉඩ්රිස් එල්බා බවයි. පසුගිය දිනවල මේ පිළිබඳ සාකච්ඡාවක් චිත්රපට නිෂ්පාදක බාබරා බ්රොකොලි සහ එල්බා අතර පැවැති බවට ද ආරංචි පැතිරී ගොස් තිබෙනවා.
එහෙත්,එල්බා තරයේ ප්රකාශ කළේ තමන්ට ජේම්ස් බොන්ඩ් ලෙස රඟපාන්නට තවමත් කිසිවකු ආරාධනා කර නැති බවයි. "ඔය ආරංචිය නිකම්ම නිකන් ඕපාදූපයක් විතරයි.” ඔහු පැවසුවා.
ඉඩ්රිස් එල්බා මේ වන විට 40 වැනි වියෙහි පසුවෙනවා.යම් හෙයකින් ඔහුට මීළඟ ජේම්ස් බොන්ඩ් ලෙස රඟපාන්නට ලැබුණොත්,'බොන්ඩ්’ චිත්රපට මාලාවේ මුල් වතාවට ජේම්ස් බොන්ඩ් ලෙස රඟපාන කළු ඇෙමරිකානු නළුවා ලෙස ඔහු සැලකේවි.
ලෝකය කොතරම් දියුණු යැයි නිර්ණය කළත් තවමත් මිනිසුන් වර්ණ භේධ වාදය,ආගම් ,ජාති ,කුල වාදය වැනි ගතානු ගතික කාරණා වලින් වෙනස් වී නැහැ. ඒ නිසා කළු අමෙරිකානුවකු ජනාධිපති වීමත් හොලිවුඩයට කළු අමෙරිකාණුවකු ජේම්ස් බොන්ඞ් වීමට යාමත් ඉතා වැදගත්.