ජේසුතුමා සහ නාඩි වාක්‍ය_Jesus & Nadi Nadi Wakya

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
actually, this has nothing to do with the string theory, as I have specified earlier in this thread,what I have posted here is just another story that can't be proven by any means, similarly this string hypothesis is an alternate exploratory story made in the 21st century where nobody have possessed the capacity to test it yet.all are stories lol,we are a bunch of folks living amid in a bunch of stories :D hmmmm...

aniwa bn :yes:
elakiriye hemadema science walin explain karanna hadan godak un aduma tharame A/L science wath karalada kiyala sekai kiyana katha ahuwama :rofl:
kohomath Dr.Carlo Fonseka physics gena adahas pala karana eka nam vihiluwak kiyalai mata hithenne mokada Doctor specialize karala thiyenne medecine neh
Dr.Nalinda Silva kiyana ewa nam piliganna puluwan mokada a sir physics walin
Doctorate eka arna thiyena nisa :rolleyes:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0


ඔබ කියන එක හරි සහෝ,මමත් මේ ගැන සිතන්නෙ මධ්‍යස්තවයි,එක ඔයා දකින්න ඇති මගේ අදහස් වලින්,මම ඔය නාරද සහ කොලට් මහත්තයා එක් වෙලා ලියපු පොත් දෙකම කියවලා තියනවා,පහතින් තියෙන්නෙ මම එකාලේ ගත්තු පොත් දෙක,ඔය මම දෙවැනියට දාල තියන පොත කියවලා තියනවාද ?,එක තියෙන්නෙ මහමත් තුමා සහ බුදුන්ගේ මක්කමේ තියනවා කියන සිරිපතුල් ගල ගැන,ඇත්තටම මේ පොත් දෙකේ ලොකු දෙයක් නම් නැ,මේ පොත ගැහැව්වාට පස්සෙ පල්ලියෙන් පොතක් ගැහැව්වා ඔකට උත්තර දිලා,එකත් මා ලඟ තිබ්බා,කොහෙද දන්නෙ නැ දැන්,කවුද ගෙනිහින් එක මම හිතන්නෙ...ඔය කියන BBC ඩොකියුමන්ට්‍රි එක මම ටික කාලයකට කලින් එළකිරි දාල බැනුම් ඇහැව්වා,එකාලේ මම එළකිරි එකට අලුත් නිසාද දන්නෙත් නැ ඔක්කොම කට්ටිය මට බනින්න ගත්තා,එ සැරේ එක අයින් කරලා දැම්මා...

picture.php



මම ඔය පොත් 2 කියවලා තියෙනවා. වැඩි විස්තරයක් නෑ තමයි. පුළුවන් නම් පල්ලියෙන් ගහපු පොත අප්ලොඞ් කරන්න. විරුද්ධව තියෙන කරුණු මොනවද කියලා බලන්න. හැම පැත්තකම බලන්න ඕනෑ. මම මේ වගේ දේවල් ගැන කියවන්න කැමතියි. ඒත් කවදාවත්ම මම කිසිම ආගමක් පහත් කරලා අදහස් දක්වන්නේ නෑ. උඹ ආයෙත් ඒ විඩියෝ ලින්ක් එක දාපන්, එහෙම අවුලක් නෑ එළකිරියේ කිහිපදෙනෙක් දැඩි මතධාරින් ඉන්න පුලූවන් ගොඩක් අය යමක් කමක් මැදිහත්ව බලන්න පුලූවන් අය :D:D:D
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අහම්බයෙන් අපුරු සටහනක් කියවන්න ලැබුනා. ඒක මම මේ ත්‍රේඞ් එකට දානවා. හුදෙක් මෙය දාන්නේ ආගමකට අපහාස කරන්න හෝ අගෞරව කරන්න හිතාගෙන නෙමේ, මේ ලිපියේ තියෙන කරුණු ගැන නැවත නැවතත් සිතාබැලිමක් කරන්න අවශ්‍ය වෙනවා කියන එක මගේ අදහස

මෙම ලිපියට හේතුපාදක වන්නේ අධ්‍යාපනික විශ්ලේෂනයක් (Academic Analysis), නැතහොත් තර්කයක් (Argument) විනා කිසිවෙකුගේ විශ්වාස හෝ ඇදහීම් වලට අගෞරව කිරීමේ යටි අරමුණක් නොවන බව කරුණාවෙන් සලකන්න.. මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ක්‍රිස්තියානි දහමේ උපත සහ අරමුණයි. ක්‍රිස්තියානිය යනු ඒක දේවවාදී ආගමක් (Monotheism) වන අතර එයට අනුව දෙවියන්ගේ පණිවුඩය මෙලොවට රැගෙන ආවේ එක් දූතයෙකු විසිනි. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. මෙය බයිබලයේ එන කතාවයි. බොහෝ දෙනා මෙය නැවත විමසීමකින් තොරව පිළිගනිති. නමුත් ගැඹුරට අධ්‍යයනය කරන කල මතුපිටින් පෙනෙන දෙයට වඩා ඉතා ගැඹුරු යමක් මෙහි ගැබ්ව ඇති බව පෙනේ. විශේෂයෙන්ම මෙහිදී සංවාදයට බඳුන් වන්නේ “ජේසුස්” (Jesus) යන චරිතයේ පැවැත්මයි. සැබැවින්ම දෙවියන්වහන්සේගේ පණිවුඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් (Jesus Christ) කියා කෙනෙකු මෙලොව පහළ වූවාද? ඉදිරිපත් වී ඇති සාක්ෂි සහ සාධක අනුව පැහැදිලිව පෙනෙන කරුණ නම් එවන් කෙනෙකු කිසි දිනෙක මෙලොව වාසය කළේ නැති අතර එම චරිතය හුදෙක් පුරාණ ඊජිත්තු මිථ්‍යා කතා (Egypt Mythology) සහ ජ්‍යොතිෂ්‍යය මත පදනම් වූවක් බවයි….!

එසේ නම් මෙම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන චරිතය එන්නේ කොහෙන්ද? විශ්වාස කිරීමට අපහසු වුවත් අධ්‍යයනයන්ගෙන් හෙළිවන කරුණ නම් ඒ අන් කිසිවක් නොව සූර්යයා හෙවත් “හිරු දෙවියන්” බවයි. දැන් අපි ඍජුවම මාතෘකාවට පිවිසෙමු.
පුරාණ ඊජිත්තු ශිෂ්ඨාචාරය දේව වන්දනාව ඉතා බහුලව සිදු වූ තැනකි. එහි ආරම්භය ක්‍රි.පූ 3150 තරම් ඈත අතීතය දක්වා දිවයයි. පුදුමයකට මෙන් පුරාණ ජ්‍යොතිෂ්‍යයේ ආරම්භය ද සනිටුහන් වන්නේ එම කාලයේ ය. ඊජිත්තු මිථ්‍යා කතා වලට අනුව එහි හිරු දෙවියා “හෝරස්” නම් වේ. හෝරස්ගේ ප්‍රධාන විරුද්ධවාදියා සෙට් (Set) ය. සෙට් යනු අන්ධකාරයයි. මිථ්‍යා කතා ලෝකයේ අද්විතීයම අරගලය වන්නේ ආලෝකය (හිරු) ට එරෙහිව අන්ධකාරය, නැතහොත් හොඳ ට එරෙහිව නරක යි. මේ අනුව “හෝරස්” නියෝජනය කරන්නේ යහපතයි. හෝරස්ගේ චරිතයේ එන වැදගත් ලක්ෂණ කිහිපයක් මෙසේ ය.

කන්‍යාවකට (Virgin) දාව උපත ලබයි.
උපත ලබන්නේ දෙසැම්බර් 25ට අනුරූප දිනකදී ය.
ඔහු උපත ලබන මොහොතේ නැගෙනහිර අහසේ දීප්තිමත් තරුවක් පායා තිබුණේය.
උපත ලැබූ විගස රජවරු තිදෙනෙක් පැමිණ ඔහුට සත්කාර කළෝය.
අවුරුදු 12ක් වන විට ඔහු ගුරුවරයෙකි.
වයස 30 දී ඔහු ශුද්ධ වූ තත්ත්වයට පැමිණිනි (Baptized).
ප්‍රධාන අනුගාමිකයන් ගණන 12කි.
ජීවිත කාලය මුළුල්ලේ විශාල වශයෙන් අරුම පුදුම දෑ (මායා බලයෙන් ලෙඩ සුවකිරීම වැනි) කළේය.
පාවාදීමකින් අනතුරුව කුරුසියේ තබා ඇණ ගසන ලදී (Crucified).
මරණයෙන් අනතුරුව නැවත නැගිට සිටියේ ය (Resurrected).

මිථ්‍යා කතා වල ලක්ෂණයක් වන විවිධ අර්ථදැක්වීම් පැවතීම මෙහිදී ද දක්නට ලැබුණද ඉහත අවස්ථා, “හෝරස්”ගේ ජීවිතයේ සන්ධිස්ථාන ලෙස ගැනේ. මේ ලැයිස්තුව කියවාගෙන යන විට ඔබට මතක් වන්නේ කුමක්ද? වැරදීමකින් තොරවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයයි. පුදුමයකට මෙන් මෙම සමානතාවන් හෝරස්ගේ හා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයන්ට පමණක් සීමා නොවේ. ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන “ඇටිස්” නැමැති දෙවියා (ක්‍රි.පූ 1200), ඉන්දියාවේ ක්‍රිෂ්ණ දෙවිඳුන් (ක්‍රි.පූ. 900), ග්‍රීසියේ ඩයනයිසිස් (ක්‍රි.පූ.500), පර්සියාවේ මිත්‍රා (ක්‍රි.පූ 1200) යන චරිත ද මේවාට අඩු වැඩි වශයෙන් සමානකම් දක්වයි. නමුත් ඒ සියල්ලේ පොදු මූලය නම් ඊජිත්තුවේ “හෝරස්” ය.

දැන් මතුවන ගැටලුව නම් මේ සියල්ල මෙසේ සමානකමක් දැරීමට හේතුව කුමක්ද යන්නයි. මේ අරුම පුදුම සිදුවීම් අනුපිළිවෙලේ මේ තරමට තිබෙන වැදගත්කම කුමක්ද?
පුදුමයකට මෙන් ඊට හේතුව සැඟවී තිබෙන්නේ සූර්යයාගේ චලිතය තුළයි. තවත් සැකෙවින් කිවහොත් ජ්‍යොතිශාස්ත්‍රය තුළයි. ජ්‍යොතිෂ්‍යය යනු මුලුමනින්ම සූර්යයා හා ඒ වටා පිහිටි ග්‍රහයන්ගේ චලිතය මත පදනම් වූ සිද්ධාන්තයකි (සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්!). ඊජිත්තු ශිෂ්ඨාචාරය ජනිත වී හෝරස් චරිතය බිහිවන විට ඊජිත්තු ජ්‍යොතිශාස්ත්‍රඥයන් (නැතහොත් තාරකා විද්‍යාඥයන්. එම කාලය වනවිට ජ්‍යොතිශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව යනු එකකි) අහස නිරීක්ෂණය කරමින් අගනා අධ්‍යයනයක නිරත වී සිටියහ. ඒ අනුව ඔවුනට සූර්යයාගේ හා ග්‍රහ චලිතයේ අපූරු සබඳතා රැසක් හඳුනාගත හැකිවිය.

ඔවුන් “හෝරස්” චරිතයට පණ පෙව්වේ එම ලක්ෂණ සියල්ල අන්තර්ගත කරමිනි. එනම් මෙසේ ය.

ඉපදෙන මොහොතේ (දෙසැම්බර් 25) නැගෙනහිර අහසේ ඇති දීප්තිමත් තරුවක් දිස්වේ. තරුව “සීරියස්” ය. සීරියස් (Sirius) යනු අපේ අහසේ දක්නට ලැබෙන දීප්තිමත්ම තරුවයි.

දෙසැම්බර් මස 25 වන දිනයේදී මහ බල්ලා (Canis Major) තාරකා රාශියේ සීරියස් තාරකාව, ඔරායන් රාශියේ බඳපටියේ තරු තුන (ඇල්නිටැක් – Alnitak, ඇල්නිලම් – Alnilam, මින්ටාකා – Mintaka) සමඟ හරි කෙලින් පිහිටයි. එක පෙළට පිහිටි මෙම තරු තුන රජ තුන්කට්ටුව (The Three Kings) ලෙස හැඳින්වේ. ඊජිත්තුවේ මහා පිරමීඩ තුන ද ගොඩනගා ඇත්තේ මෙම තරු තුනට සාපේක්ෂව ය.

දෙසැම්බර් 25 වන දින මෙම තරු 4 ඔස්සේ නැගෙනහිර ක්ෂිතිජය දෙස බලාගෙන ගිය විට ක්ෂිතිජය ඡේදනය වන ලක්ෂ්‍යය එම දිනයේ හිරු උදාවන ස්ථානයයි. රජවරුන් තිදෙනා හිරු (ජේසු බිළිඳා) සොයා එන්නේ යැයි කියන්නේ මේ නිසා ය.

මේ මොහොතේ අහසේ ඇති තවත් වැදගත් රාශියක් නම් කන්‍යාවක් නිරූපණය කරන කන්‍යා (Virgo) රාශියයි. Virgo යන පදයේ තවත් අර්ථයක් නම් House of Bread ය. එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ උපත ලද බෙත්ලෙහෙම් නගරයේ තවත් අර්ථයක් ද House of Bread ය. මේරි මව් තුමිය බෙත්ලෙහෙමේදී ජේසු බිළිඳාට උපත ලබාදෙන්නේ ඒ අනුවයි.

සිසිර නිවෘත්තිය (Winter Solstice) එළඹෙන්නේ දෙසැම්බර් 21-22 යන දින දෙක තුළ ය. මෙසේ එළඹුණු සිසිර නිවෘත්තිය සමඟ ඉතා වැදගත් සංසිද්ධියක් දකුණුදිග අහසේ සිදුවේ. මාස 6ක් තිස්සේ අහසේ දකුණු දෙසට ගමන් කරමින් පැවති සූර්යයා නැවතත් උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. නමුත් ඒ එක වරම නොවේ. දෙසැම්බර් 22-23-24 යන දින තුනේ දකුණු කුරුසිය (Crux හෙවත් Southern Cross) තරු රාශිය ආශ්‍රිතව නිසලව මෙන් (දෘෂ්ටි මායාවක් පමණි) පැවතී දෙසැම්බර් 25 වන දින නැවතත් අහසේ උතුරු දෙසට ගමන් කිරීම අරඹයි.

ක්‍රිස්තුස් වසන්සේ “කුරුසියේ” දී මියගොස් දින 3කට අනතුරුව මරණයෙන් නැගිටීම යනු මෙයයි. මරණයෙන් නැගිටීම නැතහොත් සූර්යයා නැවත ඉහළට ගමන් කිරීම ඇරඹීම වසන්තයේ හෙවත් සෞභාග්‍යයේ ඇරඹුම සනිටුහන් කරයි.
නමුත් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටීම සැබැවින්ම සිදුවන්නේ දෙසැම්බර් මාසයේ නොව මාර්තු මාසය ආශ්‍රිතව ය. මන්ද සැබැවින්ම වසන්ත ඍතුව උදාවන්නේ මාර්තු 21 නිසා ය. එම නිසා එම දිනය ආශ්‍රිතව Easter සමරනු ලැබේ. සශ්‍රීකත්වයේ උදාව තෙක් මරණයෙන් නැගිටීම පසුපසට ගෙන ඇත්තේ එබැවිනි.

මෙය සැබැවින්ම “පිස්සු හැදෙන” තර්කයකි. මෙය ඇසූ මුල් අවස්ථාවේම මාගේ ඇඟ කිළිපොළා ගියේය. මෙය සැබෑවක් නම් ඉන් අදහස් වන්නේ කුමක්ද? සමස්ත ක්‍රිස්තියානි දහම ම පදනම් වී ඇත්තේ පුරාතන මිථ්‍යා විශ්වාසයන් මත යන්න නොවේද? මෙම විශිෂ්ට නිර්මාණයේ සැබෑ හිමිකරුවන් වන්නේ පුරාණ ඊජිත්තු පූජකයන් ය. ජ්‍යොතිශාස්ත්‍රඥයන් මෙන්ම ආගමික මිථ්‍යා කතාවන්හි කර්තෘත්වය හිමිවන්නේ ඔවුන්ට ය. ක්‍රිස්තියානි පූජකයන් විසින් පසු කලෙක ආදර්ශයට ගෙන, නැතහොත් “කොපි කර” ඇත්තේ ඔවුන්ගේ බුද්ධිමය දේපළ වේ!
ක්‍රිස්තියානියේ සහ මිථ්‍යා විශ්වාසයන්ගේ සමානතාවන් මෙතෙකින් ද කෙළවර නොවේ. එය දැනගැනීම සඳහා මෙය නැරඹිය යුතු ය.

මෙම මතයට පොහොර දමන තවත් තර්කයක් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැවැත්ම තහවුරු කෙරෙන ඓතිහාසික ලේඛන වල දැඩි හිඟතාවයයි. කොටින්ම කියතොත් ක්‍රිස්තුස් වහන්සේ කියා කෙනෙකු ගැන හරියට කියවෙන්නේ බයිබලයේ පමණි. ක්‍රි.ව. 1 වන සියවසේ ක්‍රිස්තුස් වහන්සේ වාසය කළ සමයේ එම ප්‍රදේශය ආශ්‍රිතව සිටි පුරාතන ඉතිහාසකරුවන් ගණන හැට ඉක්මවයි. නමුත් ඉන් ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කර ඇත්තේ 4 දෙනෙකු පමණි. ඉන් තිදෙනෙකුගේ සටහන් වල ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන වචනයකට හෝ පේළි කීපයකට සීමා වන අතර අනෙක් පුද්ගලයාගේ සටහන ව්‍යාජ එකක් බව පැහැදිලිවම ඔප්පු වී ඇත. මුලින් සඳහන් කළ තිදෙනාගේ සටහන් වල “ක්‍රයිස්ට්” (Christ) යන වදන ලියැවී ඇත්තේ වෙනත් අර්ථයකින් බව අධ්‍යයනයන්ගෙන් පෙනී යයි. එම අර්ථය නම් “The Anointed One” (දෙවියන්ගේ සේවයට කැපවූ පුද්ගලයා) යන්නයි.
එසේ නම් දැන් අප පිවිසෙන්නේ කොතැනකටද?

ආගමික විශ්වාසය යනු ප්‍රබල මානසික අවියකි. ඒ හරහා කොතරම් දැඩි මනසකින් යුතු පුද්ගලයෙකු වුවද පාලනය කළ හැක. එසේම ආගමික මතවාදය යනු දේශපාලනික උපකරණයක් ද වේ. “ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් මතුවට” (බයිබලයේ එන පරිදි) එළඹුණු යුගය ආගමික හිංසනයේ සහ දේශපාලනික කෲරත්වයේ උච්චතම අවධියකි. එතැන් පටන් 15 වන සියවසෙ මැද කොටස දක්වා මුලුමහත් යුරෝපයම තිබුණේ අඳුරේ ය. The Dark Ages යනුවෙන් එම කාලය ඉතිහාසඥයන් හඳුන්වන්නේ පල්ලිය විසින් එකල සියලුම ජනයා දඬු අඬුවෙන් බැඳදමා සිටි කාලයක් ලෙසට එය සටහන් වී ඇති නිසා ය. 15 වන සියවසෙන් පසුව එළඹෙන පුනරුද (Renaissance) යුගයේදී ඩා වින්සි ලා, කොපර්නිකස් ලා, ගැලීලියෝ ලා සම්ප්‍රදායෙන් බැහැරව, පල්ලියට විරුද්ධව, බයිබලයට පටහැනිව සිතන්නට ආරම්භ නොකළේ නම් යුරෝපය හා සමස්ත බටහිරම තවමත් අඳුරේ තිබෙනවා විය නොහැකිද?

උපුටා ගැනීම “චමිතගේ සිහින කොදෙව්ව” බ්ලොග් අඩවියෙන් බව කරුණාවෙන් සලකන්න.
 
  • Like
Reactions: ccmh

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    кσяη ησρє;17350184 said:
    ඕනෑම එකක් මචන්.... මට හිතෙන විදිහට ඔයා ලග වටින පොත් තියෙනවා වගෙයි..

    ඔනම එකක් කිව්වොත් ගොඩක් පොත් කියන්න පුළුවන්,එත් ආගම් පොත් වලත්,එක එක විශය පතයන් තියනවා,උදාහරණයකට- ආගම් සංසන්ධනය කරලා ලියපු පොත්,නැත්තන් ආගම් වල ඉතිහාසය,එහෙමත් නැත්තන් ඔය නැවත උප්පත්තිය,එහෙමත් නැත්තම් කර්මය ගැන ලියපු පොත්,අන්න එහෙම,ඔයා මොන පොත් ගැනද අහන්නෙ සහෝ...


    aniwa bn :yes:
    elakiriye hemadema science walin explain karanna hadan godak un aduma tharame A/L science wath karalada kiyala sekai kiyana katha ahuwama :rofl:
    kohomath Dr.Carlo Fonseka physics gena adahas pala karana eka nam vihiluwak kiyalai mata hithenne mokada Doctor specialize karala thiyenne medecine neh
    Dr.Nalinda Silva kiyana ewa nam piliganna puluwan mokada a sir physics walin
    Doctorate eka arna thiyena nisa :rolleyes:

    ඔව් සහෝ,නලින් සර් විද්‍ය කතා කියන්නෙ ඔවාට තමා,එ කොහොම හරි මම එතුමාගේ මේ අවුරුද්දෙ මුල තිබ්බ දෙශනාවක් අහන්න ගියා,එක තිබ්බෙ මහාචාර්ය අමරතුංග එක්ක තියන්න තිබ්බ වාදයක්,එත් අන්තිම මොහොතේ මහාචාර්ය අමරතුංග කට් එක දැම්මා,එක නිසා එක හුදු දෙශනාවක් බවට පත් උනා එදා,එහෙම තමා පෙලක් අය නලින් සර් එක්ක කථාවට එන්න බයයි හා,අන්න එක යුටියුබ් එකෙත් තියනවා දාල.

    නලින් සර්ට කඩේ යනවා කියලා මට දැන් කවුරු හරි බනින්න තියාගන්න බැරි නැ,මම එහෙම කඩේ යන එක්කෙනෙක් නෙමෙයි,නමුත් එතුමා කියන එවාගේ බොහොම හිතන්න දෙවල් තියනවා,අපිට හිතන්න අලුත් මානයක් එතුමා ඇරලා දුන්නා-මාත් එක්ක එකඟ නොවන අය දැන් මාත් එක්ක මේ ගැන වාද කරන්න එන්න එපා,එතුමාව ප්‍රතික්ශෙප කරනවා නම් එක ඔබේ වැඩක්.එකට අපිව අල්ලගන අපිට බනින්න හදන්න එපා,මම මේ ටික මෙහෙම කියන්න හිතුවේ මට සමහරු ඉස්සර එහෙම කරපු නිසයි.

    මම ඔය පොත් 2 කියවලා තියෙනවා. වැඩි විස්තරයක් නෑ තමයි. පුළුවන් නම් පල්ලියෙන් ගහපු පොත අප්ලොඞ් කරන්න. විරුද්ධව තියෙන කරුණු මොනවද කියලා බලන්න. හැම පැත්තකම බලන්න ඕනෑ. මම මේ වගේ දේවල් ගැන කියවන්න කැමතියි. ඒත් කවදාවත්ම මම කිසිම ආගමක් පහත් කරලා අදහස් දක්වන්නේ නෑ. උඹ ආයෙත් ඒ විඩියෝ ලින්ක් එක දාපන්, එහෙම අවුලක් නෑ එළකිරියේ කිහිපදෙනෙක් දැඩි මතධාරින් ඉන්න පුලූවන් ගොඩක් අය යමක් කමක් මැදිහත්ව බලන්න පුලූවන් අය :D:D:D

    හරි මම එ පොත හොයලා ස්කැන් පාරක් දාන්නම් වෙලා තියන වෙලාවක,එ පොත වැඩිය මුද්‍රණය උනේ නැ මගේ හිතේ,ඔව් මමත් ප්‍රතිපත්තියක් හැටියට කිසිම ආගමකට පරිභව කරන්නෙ නැ,අපි හැම ආගමකටම ගරු කල යුතුයි.

    අර විඩියෝ එක නම් සහෝ jesus lived in india bbc කියලා ගහපුවාම එනවා. :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අහම්බයෙන් අපුරු සටහනක් කියවන්න ලැබුනා. ඒක මම මේ ත්‍රේඞ් එකට දානවා. හුදෙක් මෙය දාන්නේ ආගමකට අපහාස කරන්න හෝ අගෞරව කරන්න හිතාගෙන නෙමේ, මේ ලිපියේ තියෙන කරුණු ගැන නැවත නැවතත් සිතාබැලිමක් කරන්න අවශ්‍ය වෙනවා කියන එක මගේ අදහස

    බොහොම ස්තුති සහෝ දැම්මාට,මෙක දිර්ඝ ලිපියක් නිසා හෙට කියවනවා,රෙප් ඉවර වෙලා දිලා...
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ඔව් සහෝ,නලින් සර් විද්‍ය කතා කියන්නෙ ඔවාට තමා,එ කොහොම හරි මම එතුමාගේ මේ අවුරුද්දෙ මුල තිබ්බ දෙශනාවක් අහන්න ගියා,එක තිබ්බෙ මහාචාර්ය අමරතුංග එක්ක තියන්න තිබ්බ වාදයක්,එත් අන්තිම මොහොතේ මහාචාර්ය අමරතුංග කට් එක දැම්මා,එක නිසා එක හුදු දෙශනාවක් බවට පත් උනා එදා,එහෙම තමා පෙලක් අය නලින් සර් එක්ක කථාවට එන්න බයයි හා,අන්න එක යුටියුබ් එකෙත් තියනවා දාල.

    නලින් සර්ට කඩේ යනවා කියලා මට දැන් කවුරු හරි බනින්න තියාගන්න බැරි නැ,මම එහෙම කඩේ යන එක්කෙනෙක් නෙමෙයි,නමුත් එතුමා කියන එවාගේ බොහොම හිතන්න දෙවල් තියනවා,අපිට හිතන්න අලුත් මානයක් එතුමා ඇරලා දුන්නා-මාත් එක්ක එකඟ නොවන අය දැන් මාත් එක්ක මේ ගැන වාද කරන්න එන්න එපා,එතුමාව ප්‍රතික්ශෙප කරනවා නම් එක ඔබේ වැඩක්.එකට අපිව අල්ලගන අපිට බනින්න හදන්න එපා,මම මේ ටික මෙහෙම කියන්න හිතුවේ මට සමහරු ඉස්සර එහෙම කරපු නිසයි.
    11.gif

    Dr.Nalinda silva sir kiyana ewa therum gannath tikak meter dial ekak wenna ona bn
    Physics wage subjects ihalata igena ganna kota thamai api kalin hithan hitapu dewal weradi kiyala therenne :rolleyes: