ජේසුස් නම් වූ රැඩිකලයා.

dilhansen

Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    ජේසුස් නම් වූ රැඩිකලයා.

    කාගෙවත් ආගමකට අපහාස කිරීමේ චේතනාවෙන් නෙමෙයි මේක publish කලේ. ලියල තියෙන විදිය හිතට වැදුනා. කාගේ හරි හිත් රිදුනානම් sorry වේවා.

    ඔන්න මේක අවුරුදු දෙදහකට විතර කලින්, ආදි පරං කාලෙ වෙච්චි සීන් එකක් හරිද? ඒ කාලෙ හිටියලු මනුස්සයෙක් නම ජේසුස් ලු. කොණ්ඩෙ ටිකක් දිගට වවලා, රැවුල එහෙම වවලා, මානව හිතවාදය ගැන කථා කරන මේ මනුස්සයා එදා රටේ තිබ්බ අසාධාරණය බොහෝම විවේචනය කරපු කෙනෙක්ලු. ඒ විතරක් නෙමේ. තමන් ගෙ දර්ශණයෙන් හොඳ නරක මිනිස්සුන්ට අවබෝද කරල දීල තැන තැන ගිහින් දේශණා එහෙම කරගෙන පාඩුවෙ ජීවත් උනාලු මේ මනුස්සයා.

    ඉතින් මෙයාගෙ වැඩ පිළිවෙලට, දර්ශණයට කැමති වෙච්චි මිනිස්සු ගොඩාක් මෙයාව අනුගමනය කරන්න පටන් ගත්තලු. කට්ටිය ටිකෙන් ටික වැඩි වෙද්දි මෙයාගෙ අත් උදව්වට, ලිපි ලේඛන වල වැඩ වලට, බොඩි ගාඩ් කමට එහෙම කියලා තව දොළොස් දෙනෙක් වත් පස්සෙ බඳවා ගත්තලු.
    ඒ විතරක් යැ. සමාජයේ හොඳ වැඩක් කරන්න පටන් ගන්න කොට අපි කාටත් වෙනවා වගේම හතුරො ටිකකුත් මෙයාට හිටියලු... ඒ තමයි මෙයා විවේචනය කරන, අසාධාරණ වැඩ කරන, දේශපාලකයො.. මිනිස්සුන්ගෙන් මුදල් ගරන හොර බිස්නස් කාරයො. කුඩු මුදලාලිලා ඒ වගේ අය.
    දවසක් මේ මනුස්සයා තමන්ගෙ අනුගාමිකයන්ට දේශණයක් එහෙම තියලා එද්දි, ඈතින් ඇහෙනවලු ගෑනු කෙනෙක්ව ඉස්සරහට තල්ලු කර ගෙන කෑ ගගහ, කුණු හරුප කිය කිය, තවත් එක එක පිස්සු කෙළ කෙළ එන සෙට් එකක්.
    හරි, මේ කට්ටිය ජේසුස් ගෙ ළඟටම ආවලු. සෙට් එකේ කොහොම හරි හිටියලු වැදගත් විදිහට ඇඳ පැළඳගත්තු මිනිස්සු දහයක් ,පහලොවක් විතර. ඉස්සරහින්ම එනවලු හොඳටම ටයි කෝට් එහෙම දාගත්තු ටිකක් පණ්ඩිත පහේ ඩයල් එකක්. මිනිහා පටන් ගත්තලු කථාව.
    "ස්වාමිනී"
    "මේ ගෑනි"
    ආ තවත් එකක්. දැන් ජේසු ගෙ පිටිපස්සෙන් හිටියලු දේශණාව අහන්න ආපු සෙනඟ. දකුණු ඇත පැත්තෙන් අර බොඩි ගාඩ් ල දෙළොස් දෙනාලු. මේ කට්ටිය ඉන්නෙ ජේසුස් ගෙ වම් ඇත පැත්තෙලු.
    ඉතින් ජේසුස් ගෙ චීෆ් බොඩි ගාඩ් වෙච්චි පේදුරුට වැඩේ පට ගාල මීටර් උනාලු.
    "මේ නම් ටක්කෙටම ලෝයර් කෙනෙක්ය. මේ පිටිපස්සෙන් ඉන්නෙ මේ ලෝයර් කාරයාව සල්ලි දීල අ අරගෙන මේ ප්ලෑන් එක ගහපු දේශපාළුවො, කුඩු මුදලාලිල සෙට් එකය. මෙයිට කලින් කී පාරක් නම් මේ මිනිස්සු ටික එකතු වෙලා ජේසුස් ට වැඩේ දෙන්න හැදුවද? ජේසුස් ගෙ වටේ ඉන්න මිනිස්සු හිංඳා අතින් පයින් වත්, නාඳුනන තුවක්කු කාරයන්ටවත් ජේසුස් ට ගේමක් දෙන්න හම්බුනේ නැහැ. ඒක හිංඳා මේ ඇවිත් තියෙන්නෙ අතින් පයින් බැරිනම් මොළෙන් ගේමක් දීල ජේසුස් ට වැඩේ දෙන්න ය"..
    මෙන්න මේ ටික පේදුරු ට නිකන් ලාව්ට වගේ මීටර් වේගෙන එද්දි අර මිනිහා කෑ ගහපු කෑ ගැහිල්ලට පේදුරු ආයෙ පියවි ලෝකෙට ආවලු.
    "ස්වාමිනී"
    " මේ ගෑනි"
    " වේස කමේ යද්දි අපේ අතටම අහු උනා. සමාජයේ යහ පැවැත්ම පිණිස මෙවැනි ගැහැණුන් ගල් ගසා මැරිය යුතු බවට නීතියේ සඳහන් වෙනවා ස්වාමිනී"
    " මේ ගැහැණියට ගල් ගසා මරා දමන්න අපට ඉඩ දෙන්න"
    පේදුරු ගෙ සැකේ හරියටම හරි ලු. අද නම් බඩු බනිස් ම තමා කියල පේදුරුට හිතුනලු. හේතුව මේකයි. මුන් ටික ලෝයර් කෙනෙක්ව ඉස්සරහට දාගෙන ලෝ පොයින්ට් එහෙම අරගෙන අද ඇවිල්ලා තියෙන්නෙ. ජේසුස් කිව්වොත් හරි ගල් ගහල මරල දාපල්ලා කියලා මුන් කියයි මෙච්චර මේ සමාජය ගැන කතා කරන මේ මිනිහා, මනුස්සයෙක් මරන්න තීන්දුව දුන්න කියලා. ගල් ගහන්න එපා කිව්වොත් රටේ නීතියට අභියෝග කලා කියල නීතිය ඉස්සරහට ගෙනියයි.. පස්සෙන් ඉන්න අනුගාමිකයො සෙට් එකත් මෙලෝපන් දෙයක් හිතා ගන්න බැරුව ඉන්නවලු. මොකද ඉතින් මේ වගේ බලවත්තු එක්ක අඬ දබර කරගෙන පස්සෙන් පහු සුදු වෑන් වලින් යන්න කවුද කැමති වෙන්නෙ..
    ඉතින් මේ කාල ගෝට්ටිය දිහා විනාඩියක් බලාගෙන හිටපු, කවදත් කලබල නැති චරිතයක් වෙච්චි ජේසුස් කට්ටියට කථා කරලා මෙන්න මෙහෙම කිව්වලු.
    "හරි ඔයාල කට්ටිය ගෙන් ජීවිතේට බ්ලූ ෆිල්ම් එකක් බලපු නැති, අඩු ගානෙ බ්ලූ ෆොටෝ එකක් වත් බලලා නැති, ගෑනියක් දිහා බලලා අඩේ අන්න මරු ගෙඩිය, මරු කෑල්ල, කොහොමද කඳ මචං කියලා හිතෙන් වත් නොකිව්ව කෙනෙක් ඉන්නවනම් පළවෙනි ගල ගහන්න කියලා."

    උපතින්ම කලාකාරයෙක් වෙච්චි ජේසුස් බිම ඉඳගෙන ඇඟිල්ලෙන් කාශ්ඨක වැළි පොළොවෙ මෙන්න මේ නිසඳැස ලිව්වලු.



    "පව් කාරියක් වී ඉපදීම ද පවෙක.

    පව් කාරයෙන් ගෙන් සැදුනු දේශයක.....

    විනිසුරන් ඉදිරියේ යම් දිනෙක

    පව් කාරයන් වෙමු අපි සැවොම එක ලෙසට....

    අයුක්තිය ඉරා සුන් කොට

    යුක්තිය සදන්නෙමි නුඹලාට..... "


    ඔන්න ඕක ලියලා ඉවර වෙලා ජේසුස් නැඟිටලා බැලුවලු. තමන්ගෙ බොඩි ගාඩ් ලයි පිටිපස්සෙ හිටපු අනුගාමිකයොයි අර ගෑනු කෙනයි විතරලු ඉන්නෙ. අර පිම්පි සෙට් එක ආගි අතක් නැහැලු. ජේසුස් ගැහැනු කෙනාගෙන් ඇහුවලු.


    "කවුරුත් ඔබට වරද තැබුවේ නැද්ද"


    "නැත ස්වාමිනී"


    "මමත් ඔබට වරද නොතබමි. යන්න මින් පසු පව් නොකරන්න වග බලා ගන්න"


    ජේසුස් මේ වැරැද්දට දඬුවම් දුන්නෙ නෑ වගේම සමාව දුන්න කියලත් නෑ. හැබැයි ඒ වරද අමතක කරලා ආයෙත් සාමාන්‍ය විදිහට ඒ ගෑනු මනුස්සයට සමාජයේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබලා දුන්නා..



    ප. ලි - පිම්පි වරුන් යනු ඉන්ටනැශනල් විකිපෙඩීයා වට අනුව ගැහැණුන් බිල්ලට දී තම වාසීන් සලස ගන්නන් වන අතර ශ්‍රී ලාංකීය විකිපෙඩියාවට අනුව ඊට අමතරව ගොසිප් සයිට් වල නිළියන්ට සහ ගායිකාවන්ට කුණු හරුප කොමෙන්ට් දමන්නන් ද, අන්තර් ජාලයේ ෆේක් ප්‍රොෆයිල් වලින් ඔවුන්ට මඩ ගසන්නන්ද ඇතුළත් වේ.



    ඉස්සුවේ මෙතනින් http://sithaniwanathana.blogspot.it/2012/08/blog-post.html


     

    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    හිත රිදූනා නම් හිත රිදෙන්නෙ මෙහි සඳහන් පිම්පි වරුන්ටය .. හොඳ සමාජ විග්‍රහයක්.......ආගම අපහසයට ලක් කිරීමක් මම නොදකිමි,
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    කවුරු හරි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක Photo එකක හිටියොත් කිසිම හෙවිල්ලක් නැතුව ඒ කෙල්ලට විවිධ නම් පට බදිනවා මම දැකලා තියෙනවා. මේ වගේ කිසිම වරදක් නැතත් මඩ ගසන පිරිස් අද ඕන තරම් ඉන්නවා.
     

    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    බහුතරයක් එහෙම උණු සමාජයේ ඔබ වැනි යහපත් ආකල්පයකින් යුක්ත මිනිසුන් සුළුතරයක් ඇති බව සත්‍යයකි. නමුත් එම ටික දෙනක් වූ හොඳ මිනිසුන්ගේ නිහැඬියාව අර වැනි මන්ද මානසිකයන්ට තවත් උඩගෙඩි දීමකි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනෙ මන්දා කතාවෙ අවසානය නම් හොදයි (ගත යුත්තක් තියෙනවා )එත් ෆටන් ගන්නකොට ටිකක්
    ගරුසරුව හැදින්නුවානම් හොදයි අපහාසයක් නැත්තෙත් නැහැ? ඇත්තෙත් නැහැ?