ජේ.ආර්. සහ ජපානය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජේ.ආර්. සහ ජපානය

    දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් එරට අන්ත අගාධයට වැටුණි. සාගත පැතිරී ගොස් සෑම නිවසක්ම පාහේ දරිද්‍රතාවයට ගොදුරු වී සිටියේය. මිනිසුන් දශ ලක්ෂ ගණනින් අනාථ විය. ජපානය යුද්ධය ජයගත් මිත්‍ර පාර්ශවයේ රටවල්වල පයට පෑගී සිටියේය.

    ඒ 1951 වසරේ සැප්තැම්බර් මස 4 වෙනිදා ය. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී සාම සමුළුව ඇරඹීමට ආසන්නව තිබුණි. සමුළුව තිබූ ශාලාවේ සිහින් සංගීතයක් වාදනය වෙමින් පැවති අතර සාම සමුළුවකට කදිම පරිසරයක් ද මේ වන විට නිර්මාණය වෙමින් තිබුණි. සමුළුව තිබූ ශාලාවේ පිටත ධජ පනස් එකක් ඔසවා තිබුණි. එහෙත් එක් රටක ධජය ඔසවා තිබුණේ නැත. ඒ ජපානයේ ධජය යි. සමුළුව පස්වරු හතට ඇරඹුණි.

    FADgn0bcTmVvmppG_%281%29-.jpg

    සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුව 1951 (dailynews.lk)මෙම සමුළුවේ තාවකාලික සභාපතිවරයා වූයේ එවකට ඇමරිකා රාජ්‍ය ලේකම් ඩීන් ආචිසන් මහතා ය. පළමුව​ ලෝක සාමය උදෙසා දීර්ඝ​ නිහඬ යාච්ඥාවක් පැවැත්වුණි. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර නගරාධිපති රොබින්සන් මහතා සහ කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා වූ අර්ල් වොරන් මහතා පිළිගැනීමේ කතාව පවත්වන ලදි.
    ඉන්පසු ඇමරිකානු ජනපති හැරී ටෲමන් කතා කරමින් මෙසේ පැවසුවේය. “පර්ල් වරායට පහර දීම අතීතයේ සිදුවීමකි. වසර හයක් තුලදී ජපානය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය​ කරන ලදි. දුෂ්කර ලෙස ශ්‍රමය යොදවා ජීවිකාව ගෙන යන අයට ඉඩම් දෙන ලදි. ජපානය තවදුරටත් හමුදා රාජ්‍යයක් හෝ රහස් සමාජයක් නොවේ. ජපානය ඇයගේ ව්‍යවස්ථාවේ දිවුරුම යටතේ යුධ අයිතිය අතහැර ඇත. මේ නිසා අවි රහිත ජපානය ආරක්ෂා කිරීම හා රැක ගැනීම එක්සත් ජාතීන්ගේ කාර්ය භාරයක් වී තිබේ.”
    සමුළුවේ දෙවෙනි දිනය උදා විය. එදින සවස සාම ගිවිසුම් කෙටුම්පත හදුන්වා දුන්නේ ය. රුසියාව ප්‍රකාශ කර සිටියේ ජපානය , යුධ බලය නැවතත් පණගැන්විය හැකි රටක් බවත් වැඩවසම් ක්‍රමය තවමත් එහි බලවත්ව පැතිරී ඇති බවත් ය. පිලිපීන තානාපති රොමුරෝ ජපානයට විරුද්ධව තදින් කතා කර සිටියේය. මෙසේ ජපානයට විරුද්ධව කතා කල අය බොහෝ ය.
    V7qZ7tT59PimHcMv_%282%29.jpg

    ජේ.ආර්. ජයවර්ධන මහතා සමුළුව අමතමින් (rivira.lk)මෙම සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් පැමිණි පිරිස මෙහෙයවූයේ ජේ.ආර්. ජයවර්ධන මහතා ය. ඔහු එකල ලංකා රජයේ මුදල් ඇමතිවරයා ව සිටියේය. සමුළුවේ දී ඔහුගේ දේශනය පැමිණ සිටි රටවල්වල නියෝජිතයන්ගේ සිත් වෙනස් කිරීමට සමත් විය. මෙයින් පසු ජපානයට විරුද්ධව කතා කල අය පවා තම අදහස් වෙනස් කර ගත්තේය. ඔහුගේ කතාවෙන් කොටසක් මෙසේ උපුටා දක්වමි:
    “ලංකාව ආක්‍රමණයට භාජනය නොවූ නිසා අපි භාග්‍යවන්තයෝ වෙමු. එහෙත් ගගන ප්‍රහාරවලින් ද, අග්නිදිග ආසියා සේනාධිනායකත්වය යටතේ අතිවිශාල බලකායන් රඳවා තැබීමෙන් ද, මිත්‍ර රටවල එකම රබර් නිශ්පාදකයා වශයෙන් සිටි අපගේ ප්‍රධාන වෙළඳ නිශ්පාදන වලින් එකක් වන රබර් වගාවට සිදුකරන ලද අලාභ හානි වලට පිළියම් යොදන ලෙස ඉල්ලා සිටීමට අපට අයිතියක් තිබේ. එහෙත් අපි එසේ කිරීමට අදහස් නොකරමු.
    ආසියාවේ වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත උසස් බවට පත් කිරීමෙහි හේතු භූත වූ දහම් පණිවිඩය දුන් මහා ශාස්තෘවරයන් වදාළ “නභි වෙරෙන වෙරානි සම්මන්තීච කුදාචනා අවෛරෙනච සම්මන්තී” (වෛරයෙන් වෛරය නොසන්සිදේ. වෛරය සන්සිදෙන්නේ මෛත්‍රියෙනි) යන දේශනා පාඨය අප ඇදහීම ඊට හේතුවයි. දකුණු ආසියාවේ බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියම, ඉන්දුනීසියාව හා ලංකාව තෙක් හා හිමාලය හරහා ටිබෙටය​, චීනය හා අන්තිමට ජපානය තෙක් උතුරු දෙසට ද මෛත්‍රී ප්‍රවාහයන් පතුරුවාලූ ද, වෛෂ ශත සංඛ්‍යාවක් මුළුල්ලේ පොදු සංස්කෘතියකින් හා පොදු උරුමයකින් අප එකමුතු කළා වූ ද බුද්ධ ශාසනය පිහිටවා වදාළ මහා ශාස්තෘවරයන් වන තථාගතයන් වහන්සේ දුන් පණිවිඩය එයයි. මෙම පොදු සංස්කෘතිය තවමත් නොනැසී පවතින බව මම පසුගිය සතියේ මෙම සමුළුවට සහභාගි වීමට පැමිණෙද් දී දක්නට ලැබුණි. ජපන් නායකයින් හා ඇමතිවරුන්ගෙන් මෙන්ම රටවැසියාගෙන් ද මට පෙනී ගියේ ශාන්ති නායකයාණන් වහන්සේගේ දහම් සෙවන යටතේ තවමත් එරට පොදු ජනතාව වෙසෙන බවත් එම දහම පිළිගැනීමට ඔවුන් අභිරුචියෙන් සිටින බවත් ය. අප ඔවුනට ඒ අවස්ථාව ලබා දිය යුතුයි.”
    DgI58U0MBvGCaSbr_%283%29-.jpg

    ජපානයේ ඇති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රුව දැක්වෙන ස්මාරකයක්. (ජනක ප්‍රේමරත්න)
    ජේ.ආර්. ජයවර්ධන මහතා තම දේශනය අවසන් කරමින් පවසා සිටියේ; “මෙම ගිවිසුම පරාජිත සතුරෙකුට සාධාරණ වන තරමට උදාර වන්නේය. අපි ජපන් රටට මිත්‍රත්වයේ හස්තය දිගු කරමු. මිනිස් ඉතිහාසයේ අද අප ලියන අවසාන පිටුව සහිත පරිච්ඡේදයේ පලමු පිටුව ආරම්භ කිරීමත් සමඟ, මිනිස් ජීවිතයේ පූර්ණ උදාරත්වය සාමයෙන් හා සෞභාග්‍යයෙන් යුතුවභුක්ති විඳීම සඳහා ජපන් රටේ හා අපේ ජනතාව එක්වන් ව ඉදිරියට යනු ඇතැයි අපි විශ්වාස කරමු.”
    ජයවර්ධන මහතාගේ දීර්ඝ දේශනයෙන් අනතුරුව මහා අත්පොළසන් නාදයක් නැගුණි. අවි බලය තිබියදී ද ජපානය යුධ ශක්තියෙන් බලවත් නොවන බවට විශ්වාස කළ දකුණු ඇමරිකානු ජාතීන් ද එයට එකහෙළා සහයෝගය පළ කළහ.
    මෙම ක්‍රියාව නිසාවෙන් ජපානය පුරා ස්ථාන කිහිපයකම ජයවර්ධන මහතාගේ ස්මාරක පිහිටුවා ඇති අතර පසුකාලීනව ජපානයෙන් බොහෝ ආධාර ද ලැබුණි. ජපානය හා ලංකාව අතර අද දක්වා ඇති මිත්‍රත්වය ඇති කිරීමට මෙම දේශනය බෙහෙවින් බලපෑ බව කිව යුතුයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    චීනෙ වෙනුවට අපි ජපානෙට ලං උනා නම් අපේ රටේ තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    චීනෙ වෙනුවට අපි ජපානෙට ලං උනා නම් අපේ රටේ තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.

    Jaapan ආර්ථිකya bida watima yi..ekata hethuwa
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    චීනෙ වෙනුවට අපි ජපානෙට ලං උනා නම් අපේ රටේ තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.

    ජපානෙන් චීනෙ තරම් කොමිස් කුට්ටි ලැබෙන්නෙ නැතුව ඇති. ඒක වෙන්න ඕන හේතුව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    Jaapan ආර්ථිකya bida watima yi..ekata hethuwa

    අපිට කෙල උනාම ගෑනිව සල්ලි වලට ඉල්ලන කෝටිපති යාළුවො එක්ක ආශ්‍රය කරනවට වඩා දුකෙත් සැපෙත් එකට ඉන්න අමාරුවෙන් නැගිටපු යාළුවෙක් ඉන්න එක වටිනවා. ඒ වගේ කෙනෙක්ගෙන් අපිට ඉගෙන ගන්න පාඩම් තියෙනවා.

    ජපානෙන් චීනෙ තරම් කොමිස් කුට්ටි ලැබෙන්නෙ නැතුව ඇති. ඒක වෙන්න ඕන හේතුව

    :yes::yes: ජපනා කෙලින් වැඩ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,535
    28,374
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113

    සමහර ඒවා ගැන ඉන්ටරෙස්ට් එක ගැන සඳහනක් නෑ. සඳහන් කරලා තියෙන ඒවා 5-6 වගේ තියෙන්නෙ. ඕකනෙ මුන් එක්ක බැරි.
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    පානෙන් චීනෙ තරම් කොමිස් කුට්ටි ලැබෙන්නෙ නැ