ජේ.ආර්.

kickmeo

Member
Nov 30, 2010
529
25
0


ලොව දිගම අං හිමි ගවයා ලෙස කිරුළු පැලැදි ‘ජේ.ආර්.’ නම් ගවයා පසුගියදා ගිනස් පොතේ නම සටහන්කර ගැනීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාවේ කුවීන්ස්ලන්ඞ් හි පෞද්ගලික උද්‍යානයක සිටින ජේ.ආර්. ‘ටෙක්සාස් ලෝනග්හෝන්’ නම් ගව වර්ගයට අයත් වේ.
අවුරුදු හතක් පමණ වයසැති ජේ.ආර්ගේ අංවල දිග අඩි 9 අඟල් 1කි. තව දුරටත් මෙම අං වර්ධනය වන අතර ජේ.ආර්.ගේ ආයු කාලය අවුරුදු 20ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.
කුවින්ස්ලන්ඞ් හි ලීටන් උද්‍යානයේ භාරකරුවන් වන මයිකල් බතෛල් හා ලින්ඩා යුවළ ජේ.ආර්ගේ හාම්පුතුන් වේ. මෙම උද්‍යානයට ලෝන්ග්හෝන් වර්ගයේ ගවයන් නැරඹීම සඳහා සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන බවත් ඒ අතරින් ඔවුන්ගේ වැඩිම ආකර්ශනය දිනාගත් ගවයා ජේ.ආර්. බවත් මයිකල් පවසයි.
කෙසේ වෙතත් මීට පෙර මෙකී කිරුළට හිමිකම් කීවේ ඔහියෝ හි ‘ෂැඩෝ ජුබිලි’ නම් වූ අඟල් 88ක් දිගැති අං හිමි වාසනාවන්ත ගවයා බව පැවසේ.


:D:D:D:D:D:D:D:D


උපුටන srilankamirror
 
Last edited: