ජොනීට ඇමැති දුන්නේ ජනරල් ඝාතන පොරොන්දුව &#351

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ජොනීට ඇමැති දුන්නේ ජනරල් ඝාතන පොරොන්දුව &#351

ජොන්ස්ටන්ට ඇමැති කමක් දුන්නේ ජනරල් ඝාතන පොරොන්දුව මතයි - මංගල සමරවීර

හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහින්ද රාජපක්‍ෂ සමඟ එකතු වූයේ ජොන්ස්ටන්, මහින්ද රාජපක්‍ෂ ඝාතනයට ගත් උත්සාහයක තොරතුරු හෙළිවීම නිසා බව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවැසීය.

අද (20) පෙරවරුවේ කොළඹ රාජකීය මාවතේ පිහිටි සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මංගල සමරවීර මහතා කියාසිටියේ 2009 ජූනි මස 29 වන දින අත්අඩංගුවට ගනු ලැබූ කොටි ත්‍රස්තවාදීන් තිදෙනා හෙළි කළ කරුණු අනුව එය සනාථ වන බවයි. එසේම කොටි සංවිධානය සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඝාතනය කිරීම සඳහා උත්සාහ දැරූ සිවරාජා සුභාක්‍රිෂ්ණන් , තවරාජසිංහම් සුභාෂ් , ලින්ටන් සන්දිරේෂන් වර්දරාජන් යන කොටි සැකකරුවන් සමඟ වත්මන් රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු තම දුරකතනය ඔස්සේ අවස්ථා ගණනාවකදී කතාබහ කර ඇති අතර ඔවුන් ස්ථාන කිහිපයකට රැගෙනයාමට ද මැදිහත්වී තිබෙන බවයි.

මෙහෙමත් සංවේදී නායකයෙක්ට චන්දෙ දෙන ද්‍රොහියෝ තවමත් ලංකාවේ සිටීද?





ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටි සැකකරුවන් සමග දුරකතන සංවාද ආරම්භ කළ වේලාව , වැයකළ කාලය සහ ඇමතුම ලබාගත් ස්ථාන ඇතුළු යැවූ කෙටි පණිවුඩ සංඛ්‍යාව ද අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. ඒ අතරම ඝාතනය සිදුකිරීමට අදාල සාකච්ඡාවක හඬ පටයක් ද අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

ජොන්ස්ටන්ගේ 0717530555 යන දුරකථන අංකයෙන් සුභාෂ්ගේ අංක 0725171828 යන දුරකතනයට 2009 පෙබරවාරි 27 සිට 2009 අපේ්‍රල් 07 දක්වා ඇමතුම් 45 ක් ලබාදී ඇති අතර සුභාෂ් ජොන්ස්ටන්ගේ දුරකථනයට 2009 ජනවාරි 08 වනදා සිට 2009 මැයි 08 දක්වා ඇමතුම් 60 ක් ලබාගෙන ඇත. එමෙන්ම කෙටි පණිවුඩ 24 ක් ද යවා තිබේ. පසුව ජොන්ස්ටන් සහ සුභාෂ් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඝාතනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ගණුදෙනු සම්බන්ධව සාකච්ඡා කර ඇති අතර නමුත් අවසානයේදී බුද්ධි අංශය විසින් කොටි සැකකරුවා අත්අඩංගුවට ගනු ලැබ ඇත.

හදිසියේම මෙම කුමන්ත්‍රණය සිදුකළ ජොන්ස්ටන් ප්‍රනාන්දුට රජයේ කැබිනට් ඇමතිධූරයක් ලැබීමට හේතුව වුයේ අදාල කොටි ත්‍රස්තවාදියා යොදා ගනිමින් ජනාධිපතිධූර අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට රජයට පොරොන්දුවීමත් සමඟ බවද මංගල සමරවීර මහතා පැවැසීය..
 
  • Like
Reactions: nismok

SamSL

Member
Jan 12, 2010
33
1
0
Any one think that Jony do this alone, No this was what LTTE wanted. Probably Mangala also joined for this. Also don't forget at that time Jony was a strong UNP member. So Ranil and other UNP leaders also may knew this
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මට හිත්තෙන්නෙ මේක ඔහුගෙ තවත් බොරුවක් කියලා

මතකයිනෙ ජයලත් ජයවර්ධන මහත්තයට LTTE ටෙලිපොන් කෝල් හදල කියපු කරපුදෙ?

මංගල නම් මඩ!
මඩ නම් මංගල!

අපි නොදන්න චෙස්... :rofl::P
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    5y88ee.jpg
     

    jcds

    Member
    Jan 22, 2010
    12
    1
    0
    Mongal kiyana ewa satha 5kata viswasa karanna ba! SF Salvation Army eke chieftawath honda na kiwu Mongolge katinne mewa kiyanne!