ජොනී ගෙනා එතනොල් සොයා පරීක්ෂණයක්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඕඩික්ලෝන් සෑදීමට යැයි කියා ඇස්ටඩික් නැමැති ආයතනයකට එතනොල් ගෙන්වීමට බලපත්ත්‍රයක් සකස්කරගෙන එසේ ලබාගන්නා ලද එතනෝල්වලින් අරක්කු සාදා ඇති බවට මේවන විට හෙලිව ඇතැයි ''ශ්‍රී ලංකා මිරර්'' වෙත වාර්තා වේ.
මේ බලපත්‍රය ඇති ඇස්ටඩික් නැමැති ආයතනය වත්තල ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඉන් නිෂ්පාදනය කළ කිසිදු ඕඩික්ලොන් වර්ලයක් වෙළෙඳ පොළේ නොවන බවද පැවසේ.
අදාල බලපත්‍රයට අනුව මසකට එතනොල් ලීටර් 20,000ක් හෙවත් බැරල් 100ක් ආනයනය කිරීමේ හැකියාව තිබේ.
එසේම මේවා ගෙන්වීමට බදු සහනද හිමිවන බව පැවසේ.
එතනොල් බැරල් 100 කින් අරක්කු බෝතල් 50,000ක් සකස්කළ හැකි බව සුරාබදු දෙපාර්ත මේන්තු නිලධාරීන් අප සමඟ කියා සිටියේය.
මෙසේ ඕඩික්ලෝන් බලපත්‍රයකින් එතනෝල් ගෙන්වා මත්පැන් සාදන ලද තවත් පුද්ගලයන් දෙදෙනකුගේ තොරතුරුද ශ්‍රී ලංකා මිරර් වෙත ලැබී ඇති අතර එම තොරතුරු සනාථ වූ වහාම අපි ඒවා හෙලි කිරීමට කටයුතු කරමු.
අරක්කු ජොනී සතොසේ ගිණුම් වසර දෙකකින් විගණනය කරලා නෑ: ගිණුම් වාර්තා අධ්යක්ෂ මණ්ඩලයට දීලාත් නෑ
(ලංකා ඊ නිව්ස් -2015.ජන.19, ප.ව.3.50) පසුගියදා සතොස මූලස්ථාන ශාඛාවට සීල් තබන ලද්දේ සතොසේ මිලියන 4000 ක ගිණුම් නැති ගණුදෙනු සම්බන්ධයෙන් සහ මිලියන 8,000 ක කොන්ත්‍රාත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය ලේඛණ අස්ථාන ගත වීම වැළැක්වීමට බව එහි ගණකාධිකාරී වරයා පවසයි.
කොළඹ යෝර්ක් වීදියේ අංක 108 දරණ ස්ථානයේ පිහිටි මූලස්ථාන ශාඛාවට සීල් තැබූ අවස්ථාවේදී හිටපු ඇමැති ජොනස්ටන් ප්‍රනාන්දුගේ කාර්යාලයට සීල් තබා තිබිණ.
මිලියන 4000 ක ගණු දෙනු සම්බන්ධයෙන් වාර්තා නැති අතර වසර දෙකකින් එහි ගිණුම් සම්බන්ධයෙන් විගණනය කිරීමක් සිදුකර නැත. විගණනය පමණක් නොව වසර දෙකකින් ගිණුම් වාර්තාවක් අධ්යක්ෂ මණ්ඩලයට හෝ ලබා දී නැත.
මිලියන 8,000 ක කොන්ත්‍රාත් සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සිදුකර ඇති අතර ඉන් ප්‍රධාන වන්නේ සහල් ආනයනය සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත් වේ. ඊට අමතර වැලිසර, වැලිගම, සහ ප්‍රධාන කාර්යාලයේ ගොඩනැගිලි කොන්ත්‍රාත් සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත් ද, පරිඝනක මිලදී ගැනීම් සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත් ද කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිතුමතයේ තම හිතවතුනට ලබා දී ඇති අතර මෙය රාජ්‍ය මුදල් බරපතල ලෙස දූෂණය කිරීමක් ලෙස සැලකේ
අද උදෑසන සීල් විවෘත කිරීමට නියමිත බවද ගණකාධිකාරී වරයා පවසයි.
සතොසේ වයින් ස්ටෝර්ස් 16ම වහන්න නියෝගය කරයි
සතොස සතු දියවයින පුරා පිහිටි මත්පැන් අලෙවි සැල් ලබන බදාදා සිට වසා දමන ලෙස ආහාර සුරක්ෂිතා ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා නියෝග කර තිබේ.
එසේ නියෝග කිරීමට හේතුවී ඇත්තේ මෙම මත්පැන් අලෙවි හල්වල 90% ක්ම තිබී ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතුව කොටස් තිබෙන වයඹ අරක්කු නිෂ්පාදනාගාරයේ නිපදවන ලද අරක්කු බෝතල් නිසාය.
සතොස ආයතනය සතුව දිවයින පුරා මත්පැන් අලෙවි හල් 16ක් ඇති අතර ඉන් 14ක් ආරම්භ කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී බව වාර්තා වේ.