ජොනී

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    k0hi0m.gif
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්වයෙන් බාල නිසා ප්‍රමිති සහතිකය නිකුත් නො කරන ලද, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය‍ටතේ ඇති ජාතික සමුපකාර මණ්ඩලය විසින් පකිස්තානයෙන් ආනයනය කරන ලද සිමෙන්ති මිටි තොගයේ ප්‍රමිතිය ඊයේ සිට හොඳ වී ඇත.

    ඒ අනුව, ගබඩාවල තිබියදී ආශ්චර්යවත් ලෙස තත්වය හොඳ වූ මේ සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සහිතව දැන් වෙළඳපොළේ ඇත. සම්පීඩතා ප්‍රබලතාව අඩු බව කලින් කී මෙම සිමෙන්ති වර්ගයෙන් රජයේ කාර්යාල, පාලම්, පාසල් හා වෙනත් පොදු ගොඩනැගිලි ආදිය ඉදි වී නුදුරු කලෙක මිනිසුන්ගේ හිස් මත කඩා වැටෙනු ඇත.

    අදාළ පාකිස්‌තාන සමාගමේ සිමෙන්ති ප්‍රමිතියෙන් තොර බවට පසුගිය ජූලි 20 වන දින ලිඛි�තව දැනුම් දුන්නද ජාතික සමුපකාර මණ්‌ඩලය විසින් අත්තනෝමතිකව මෙම සිමෙන්ති තොගය ඇණවුම් කර ඇති බව ප්‍රමිති ආයතනය කලින් පැවසී ය. මේ පිටුපස කොමිස් ජාවාරම් ඇති බව ඇතැම් මාධය වාර්තා කර තිබිණි.

    Anti Corrupt වෙබ් අඩවිය පවසන පරිදි 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(1) වෙනි වගන්තිය අනුව 2007.11.02 දින අංක 1521/29 දරණ ගැසට් නිවේදනය මගින් "සිමෙන්ති නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු අසුරන්නෙකු බෙදා හරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් තොග වශයෙන් මලූ වශයෙන් ශ‍්‍රි ලංකා ප‍්‍රමිති පිරිවිතිරවලට අනුකූලවන්නේ නම් මිස සහ ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් මිස එකී සිමෙන්ති වර්ග නිපදවීම, ආනයනය කර භාවිතා කිරීම හෝ බෙදාහැරීම , ඇසිරීම, ගබඩා කිරීම , විකිණීම සදහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සදහා ප‍්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් විධානය කරනු ලැබේ" යනුවෙන් නියෝගයක් නිකුත් කොට තිබේ.

    ආන්දෝලනයට තුඩු දී තිබෙන සිමෙන්ති තොගය (ජාතික සමූපකාර මණ්ඩලය පවසන පරිදි කිලෝග‍්‍රෑම් 50 මලූ 1,80000ක් ) ආනයනය කොට ඇත්තේ, බලපත‍්‍රය අත්හිටුවා ඇති පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමෙනි. 2011.07.20 වැනි දින ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් ලකී සිමෙන්ති සමාගමට දැනුම් දී ඇති පරිදි එම සමාගමේ සිමෙන්ති Sri Lanka Standard / SLS 107:2008 යන ප‍්‍රමිතියට අනුව දින 28න් සවිමත් වීමේ ප‍්‍රමිතිය අසමත් බවයි. එබැවින් එම සමාගම මගින් සිමෙන්ති ආනයනය කිරීමේ බලපත‍්‍රය අත්හිටුවා ඇත. එසේ අත්හිටුවනු ලැබූවේ දෙවන වතාවටය. එම සමාගමේ සිමෙන්ති ආනයනය කිරීම අත්හිටුවා තිබියදී, ජාතික සමූපකාර මණ්ඩලය විසින් 2011 ජූලි 27 වැනි දින මෙම සිමෙන්ති තොගය ආනයනය කර තිබේ.

    කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය පවා ලබා ගැනීමට කලින් ම මෙම සිමෙන්ති මිටිවල එකී ඊනියා ප්‍රමිති ලාංඡනය මුද්‍රණය කර තිබුණු බව ද වාර්තා වේ.

    source
     
    653

    Banned
    Oct 6, 2010
    70
    8
    0
    සමුපකාර සිමෙන්තිවලට පැනවූ තහනම ඉවතට

    සමුපකාර සිමෙන්තිවලට පැනවූ තහනම ඉවතට

    ලන්ඩන් සහතිකය ලැබුණ වහා ප්‍රමිති කාර්යාංශයේ ඇස් ඇරෙයි

    පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පනවා තිබූ තහනම ඊයේ (30) ඉවත් කරනු ලැබීය. ඒ සමඟම ජාතික සමුපකාර මණ්ඩලය මෙරටට ආනයනය කර තිබූ සිමෙන්තිවලට ද ප්‍රමිති සහතිකය හිමිවී තිබේ.

    පසුගිය ජූනි (20) සිට ලකී සමාගමට ප්‍රමිති සහතිකය ලබාදීම ප්‍රමිති ආයතනය විසින් නවතා තිබුණි. ඒ අනුව ජාතික සමුපාකාර මණ්ඩලය මෙරටට ආනයනය කර තිබූ සිමෙන්ති කොට්ට ලක්‍ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකිව මහා අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.

    සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය ලබා දෙන ලෙස වෙළඳ අමාත්‍යාංශය ප්‍රමිති ආයතනයෙන් ඉල්ලීම් කළත් එම ආයතනය ඉල්ලීම් නොසලකා හැර තිබුණි. ආනයනය කළ එම සිමෙන්ති ප්‍රමිතියෙන් තොර නොවන බව ද ජාතික සමුපකාර මණ්ඩලය ඔප්පු කර තිබිණි. එහෙත් ප්‍රමිති ආයතනය ඊයේ වන තෙක් එම සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය ලබා දීමට පියවර ගෙන තිබුණේ නැත.

    මේ අතර පාකිස්තානයේ “ලකී” සමාගම එංගලන්තයේ පිළිගත් ප්‍රමිති සහතිකයක් ඔස්සේ ඔවුන්ගේ සිමෙන්ති ප්‍රමිතියෙන් යුක්ත බවට සහතිකයක් ලබාගෙන ඇත. ඒ අනුව එම සහතිකය මෙරට ප්‍රමිති ආයතනය ද පිළිගනිමින් එම සමාගමට යොදා තිබූ තහනම ඉවත් කර තිබේ. දැන් කිසිම හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට සිමෙන්ති ලබාගැනීමේ හැකියාව තිබේ.
     
    • Like
    Reactions: disamannar

    ඇස් කෙසේ වෙතත් ගෙවල් හදන අයට නම් ඇරෙයි :rofl::rofl::rofl: