ජොබ් ටොපික්ස් - Survival ---> N-1 තියරිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    ඕකේ කට්ටියගේ රෙස්පොන්ස් එකට තැන්ක්යූ. ඉතින් ත්‍රේඩ් සීරීස් එක පොඩි එකකින් පටන් ගන්නම්. මොනහරි වැරදි, එකතු කරන්න දෙවල් තියෙනවනම් කියන්න.

    මේ "N-1 තියරි" කියන නම මම දාපු එකක්ද, තිබ්බ එකක්ද කියල සුවර් නෑ. කොහොම නමුත් පටන් ගමු.

    ගොඩක් අය අහන දෙයක් නේ කොහොමද ජොබ් එකක survive වෙන්නෙ කියලා. ඒකට උත්තර ගොඩක් තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ඒකේ සිම්පල්ම විදිහ.

    ඕනම ටීම් එකක, කොම්පනි එකක, ගෘප් එකක ඉන්න ගනන අපි N කියල ගත්තොත් අපිට ඒ 1 ඉදන් N දක්වා කට්ටිය එයාලගෙන් ටීම්/ගෘප්/කම්පනි එකට ඇති වැදගත් කම රෑන්ක් කරන්න. ඉතින් ඕනම එකා 1 වෙද්දී වැඩකට නැති එකා N වෙනවා.

    මේක දැන් කොහොමද survival එකට වැදගත් වෙන්නේ? මෙහෙමයි.

    දවසක ලොක්කට වගෙ හිතුනොත් මම මේ කම්පනි/ටීම්/ගෘප් එක පොඩි කරන්න ඕන කියලා උන් මුලින්ම යවන්නේ ඔය N කියන කට්ටියව. ඒ නිසා තමා මම කියන්නෙ හැමදාම අඩුම ගානේ N-1 වෙන්න ටාර්ගට් කරන්න කියලා.

    දැන් මේක හොද දෙයක්ද? නෑ. ජොබ් එකක කවදාවත් survive වෙන එක ගැන විතරක් හිතන්න එපා. අල වෙලා තමා නවතින්නේ.

    ඒ නිසා තමා මම කියන්නේ " in a job always try to thrive without just trying to survive "

    ඔන්න පලවෙනි එක නිමයි.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේවා නම් හොඳයි ලාවට ජොබ් එක කරලා ලාවට ලෙවකාගෙන ජීවිතේ ගෙවන ලිං ගෙම්බොන්ට
     
    • Like
    Reactions: Yosemite Sam