ජෝතිපාල ගැන දුව කතා කරයි.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ජෝතිපාල ගැන දුව කතා කරයි.

    ඩැඩාගේ සිංදු ටිකෙන් කොලු කුරුට්ටො සී ඩී ගහනවා

    ක්‍රිෂ්ණි ජෝතිපාල

    ඩැඩා නැතිවෙලා මේ ගෙවෙන්නෙ 24 වැනි අවුරුද්ද.

    ඒත් මොනවද වෙනස් වුණේ... කිසිම දෙයක් වුණේ නැහැ. ගායකයාට ගීතයෙ හිමිකමත් අහෝසි කර දමපු නීති සංශෝධනයක් නම් ගෙනාවා.

    ඇත්තටම වෙනසකට කියල සිද්ධවුණේ ඒ විනාශෙ විතරමයි.. දැන් හිටු කියල ඩැඩාගෙ සිංදු ටික කොලු කුරුට්ටො ඛ්ච් ගහනව. කොම්පැණි ටික රිං ටෝන්වලට ගන්නව.

    කාට කියන්නද....

    කවදාවත් තරගවලට ඩැඩාගෙ සිංදු කියන්න එපා කියල නොකියපු ජෝතිගේ බාල දූ ක්‍රිෂ්ණි මේ දේවල්වලට නම් දැඩි ලෙස විරුද්ධයි.

    ඒත් මේ සිද්ධ වෙන අසාධාරණකම් ගැන මාධ්‍යයෙන් හරි ක්‍රිෂ්ණිලට එහෙම හඬක් නඟන්න වෙන්නෙ ජෝති දිනයකදි පමණයි.

    අලුත් සාමාජික සාමාජිකයො සිය දහස් ගණනක් එක්කල එච්.ආර්ගජෝතිපාල මිතුරු සමාජය හා ජෝතිපාල ගුණ සමරු පදනම සමඟ එක්වෙලා ක්‍රිෂ්ණි මේ දවස්වල බරටම වැඩ.

    ඒල මේ සංගම් දෙකත් කලා ලංකා පදනමත් එක්වෙලා පවත්වන්නට යෙදෙන ජෝතිපාල උපහාර උළෙල වැඩ කටයුතු වෙනුවෙන්....

    හේන් – කුඹුරු ගොවිතැන් කරන - ධීවර – කුඹල් -පතල් - මැණික් – වඩු කර්මාන්තවල පටන් දොස්තරවරු - ඉංජිනේරුවො - නීතිඥවරු දක්වා විහිදෙන ජෝති රසික කැළ ගැන ක්‍රිෂ්ණි තවම පුදුම වෙනව.

    වෙන මොනවත් නිසා නෙවෙයිල මිය ගිහින් අවුරුදු 24ක් ගත වෙලත් ඔවුන් ජෝතිපාල නමට දක්වන ආදරය දැකල.

    කවදාවත් ජෝතිව දැකල නැති ජෝති මිය යන කොට ඉපදිලාවත් නැති තරුණ රසික – රසිකාවියො ජෝතිට අදත් ඉන්නව කියලයි ක්‍රිෂ්ණි කියන්නෙ.

    ”....ඒ අය සංගම් පිහිටුවාගෙන ඩැඩාගෙ ගීත රසවිඳින හැටි එක එක උපහාර උත්සව කරන හැටි දැක්කම මට පුදුම හිතුණා. කලක් අපි හැමෝම හිටියෙ පිටරටග මම ඇවිත් ගතවෙන්නෙ මේ පස්වැනි අවුරුද්ද. පවුලෙ කවුරුහරි ඔවුන් එක්ක ඉන්න කියල දිගින් දිගටම කරන ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න මට බැරිවුණා. ඇත්තටම පිට මිනිස්සු වෙලා ඔවුන් ඩැඩාට දක්වන ආදරයට අපෙනුත් පුංචි හරි දෙයක් දෙන්න ඕනෙ කියල හිතුණා. මේ පාර උපහාර උළෙල වෙනුවෙන් මං පූර්ණකාලීනව කැපවුණේ ඒ හින්දා.

    මේ අය අතරෙ හුඟක්ම ඉන්නෙ මැද පංතියේ මිනිස්සු. අපි ජෝති අයියා වෙනුවෙන් මොනව හරි කරන්න ඕනෙ..” කියලා ඔවුන් මේ තරම් අමාරු කාලෙක රු.50ක සාමාජික මුදලක් පවා තීරණය කරගෙන. මේ උත්සවේදිත් හැමෝම තමන්ට පුළුවන් දෙයින් දායක වෙනවා. ලයිට්වලින්ල ශබ්දවිකාශන යන්ත්‍ර වලින්, කිසි දෙයක් අපි යෝජනා කරල නෙවෙයි. ඔවුන්ගෙම කැමැත්තෙන් ආදරයෙන් ඉදිරිපත් වෙලා කරනව....”

    හැබැයි පොඩි - ලොකු බේදයක් නැතිව ජෝතිට ආදරය කරන ඒ මිනිසුන්ගෙන් ලැබෙන ආදරය - සැලකිල්ලල ජෝතිගෙ යාළුවො, ළඟින් හිටි අයයි කියන සමහරු තුළ නැති එක ගැන ක්‍රිෂ්ණිට තියෙන්නෙ කලකිරීමක්.

    ”ඇත්තටම මේක මහා අපරාධයක්. ගීතයක අයිතිය ගීත රචකයා - සංගීතඥයා සහ ගායකයට කියන තුන්දෙනාටම තිබීම සාධාරණයි. දැන් ඒකෙන් ගායකයා හෝ ගායිකාව ඉවත් කරල ගීත රචකයටයි සංගීතඥයටයි විතරක් අයිතිය අරගෙන. මේ නීතියෙන් ලොකුම අසාධාරණය වෙන්නෙ මැරුණු මගේ ඩැඩාට.

    එයා ගයපුල ඒ හින්දම ජනප්‍රිය වෙච්චි ගීත සියල්ල එක එක්කෙනාට රුපියල් දාහට - දෙදාහට විකුණල. උපාලි ධනවලවිතාන අන්කල් ඩැඩාට ලිය දිය කිඳුරිය සේ ආදරේ” ගීතයට රු.150,000ක චෙක් එකක් මාසෙට ගන්නෙ සුපර් ගායකයෙක්. මේ ගීය ටෙලිපෝන් කොම්පැණියක රිං ටෝන්වලට අරගෙනග අර ගායකයා ලවා කියවනව. මාධ්‍යයෙනුත් දැන් අය ගීත ඉල්ලන්නෙ ජෝතිගෙ දියකිඳුරිය සේ ආදරේ....’ ගීතය කියල නෙවෙයි. සුපර් ස්ටාර් ගායකයාගේ දිය කිඳුරිය දෙන්න කියල.

    අනික මේ ගායකයා දැන් ඩැඩාගෙ සිංදුම කියල සී.ඩී. තුනක් ගැහුවා. ළඟදිම තව සී.ඩී. දෙකක් එනවලු. ඩැඩාගෙ ගීත 10,000ම තියෙන කල් හොඳයි. මේ අයටත් මැරෙනකල් හම්බකරන් කෑවැකි. මගෙන් ඇවිත් ඔය ගීත සී.ඩී. කරන්න අවසර ඉල්ලපු වෙලාවෙ මං කිව්වා, ඔයා මගේ ඩැඩාගෙ සිංදු මඟුල් ගෙවල්වල කියල හම්බ කළාට කමක් නෑග පිටරට ගිහින් ප්‍රසංගවල කියල හම්බකරගත්තටත් කමක් නැහැ. හැබැයි සී.ඩී. කරන්න නම් අවසර ඉල්ලන්න එපා කියල.

    නමුත් අර මැරුණු මනුස්සයගෙ ගීත ටික හොරා කනකල් ඒ ගායකයට නින්ද ගියේ නැහැ. ඩැඩාගේ ළඟින්ම හිටි, යාළුවොයි කියන සමහර අයත් මේ නීතිය, අවනීතිය කරන්න හුඟක් උදව් කළා.

    ඒකෙන් වුණේ ජෝතිපාලගේ ගීත කවුරු මංකොල්ලකෑවත් දරුවො හැටියට අපිට නීතිය ඉදිරියටවත් යන්න බැරිවෙන්න අපිව බැඳල දමපු එක....”

    ඒ ආවේගය අසාධාරණ යැයි කොහොම කියන්නද.... නවකයන් මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කළේත් ජෝතිගෙ ගී තමන්ගෙ කරගත්තු කොට. රූ - කාන්තිය මොනව තිබුණත් කෙනෙකුගේ දෙයක් බලහත්කාරයෙන් අයිති කරගන්නට වෙර වෑයම් දැරීම මිනිස්කමට තරම් නොවේ කියලයි මට නම් හිතෙන්නෙ.

    ”ඩැඩාගෙ එක වැඩසටහනකදි ගයපු ගීතවලින් කැමැතිම ගීය අහපුවම දන්නවද ඩැඩා දීපු උත්තරේ.... මං ගයපු හැම ගීයක්ම හරියට මට මගේ දරුවො වගේග ඒක හරියට කැමැතිම දරුවා කවුද කියල අහනව වගේ දෙයක්. මගේ දරුවො හතර දෙනාම මට එකයි. මගේ ගීත සියල්ලත් මට එකයි.....”

    ඩැඩා හිටිය නම් දැන් තමයි මැරෙන්නෙ මේව උහුලගන්න බැරිව. මේ අවනඩුව කාට කියන්නද.... කෝටි – ප්‍රකෝටි ගණන් හම්බ කරන කොම්පැණි එක්ක නඩු කියන්න අපිට පුළුවන්ද..... මට දැන් කියන්න ඉතිරිවෙලා ඉන්නෙ ගරු ජනාධිපතිතුමාට විතරයි.

    කරුණාකරල ඔබතුමාවත් මැදිහත්වෙලා අවුරුදු 30ක් මේ රටට ගයපු එච්.ආර්.ජෝතිපාල කියන අසහාය ගායකයට කරන මේ විනය නවත්වන්නග ඔය අසාධාරණ නීතිය සංශෝධනය කරල දෙන්න.... මගේ ඩැඩාට කරන ලොකුම උපහාරය ඒකයි.

    අනික මගේ මමී මේවා නොදකින්න මේ රටේ නොඉන්න එක ගැන මං සතුටුයි. එයා කවදාවත් හිතුවෙ නැහැ මේ රටේ සමහර මිනිස්සු ඩැඩා මැරුණම මේ වගේ කැත වැඩ කරයි කියල....”

    තාත්තෙකුට වූ අසාධාරණය වෙනුවෙන් හඬ නඟන්නට අද ක්‍රිෂ්ණිට සිදුව තිබෙන්නේ තනිවමග රිචඩ් ඇගේ සැමියා ඈ ළඟම හිඳින යෝධ ශක්තිය.

    වරුණි – අයෝනිෂිකා - එස්තර් අක්කලාටවත් අම්මා වික්ටර්ටවත් මේ කුරිරු සමාජය හා ගැටෙන්නට තරම් හිතේ ශක්තියක් නැති බව ඈ දනී.

    krishni.jpg

    අයෝනිෂිකාත් ක්‍රිෂ්ණීත් හැරුණුවිට අනෙක් සියල්ලෝ දරු පවුල් ද සමඟ අම්මා ද සමඟ කැනඩාව ස්ථිර පදිංචිය කොට ගෙන සිටී.

    ඉදින්... බලන්න ජෝතිගේ මේ පුංචි මිණිබිරී දිහා.

    ක්‍රිෂ්ණිටත් රිචඩ්ටත් වැඩිය ඇගේ මුහුණෙ එහෙම පිටින්ම ඇඹී තිබෙන්නෙ ජෝතිගෙ හැඩ රූ නොවෙද..... ඒ ආත්මගත බැඳීමට තව කුමන නම් සාක්ෂි ද....

    මේක ගත්තේ ගිය ඉරිදා සිළුමිණේ යන රසඳුණ අතිරේකයෙන්.

    බලලා බම්ප් එකක්වත් දාලා යන්න අනිත් අයට කියවන්න.......
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජෝතිපාලගෙ සින්දු ලස්සනයි, කට හඬත් ලස්සනයි.. ඒකයි මිනිස්සු අදටත් කැමති.. ඒත් ඇත්තටම බැලුවොත් ජොතිගේ සින්දු වලින් 90% කම අයිතිය ජෝතිටත් නැහැ නෙ...හින්දි තනු උස්සල සිංහල වචන වැටුන එකනේ වෙලා තියෙන්නෙ :rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමත් බොහොම කැමති ගායකයෙක් ජොති,මම හරි කැමති උතුවන්කන්දෙ සුර සරදියල් කියන ගීයට
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතනදි මට හිතෙන්නේ මචන් ජෝතිගේ දුව අමතක කරන කාරනා ගොඩක් තියනවා.. අපි එල කිරි එකෙ යාලුවෝ විදිහට මේ දේ පිලිබදව විව්‍ර්තව කරන්න පුලුවන් කියලා මම හිතනවා.. ජෝති ගීත ගායනා කලේ ගොඩක් හුදී ජන ප්‍රසාදය වෙනුවෙන්.. ඒ කියන්නේ ඔහුගේ ඉලක්කය ( මම කියන්නේ බහුතරය) සමන්ය අපි වගේ හැමදාම ජීවත් වෙන්න මහන්සි උන අය (නොවන අය නැත්තේම නෑ) නමුත් ක්‍රිශ්නලා ඒරොප්පෙන් පාත් වෙලා කියනවා ඩැඩා? ( ඇයි එයාට අප්පච්චි හරි තාත්තා හරි කියන්න ලැජ්ජාද) කියපු සින්දු කොල්ලෝ කුරුට්ටෝ cd වලට ගහනවා කියලා( කොල්ලෝ කුරුට්ටෝ කියන්නේ එයාගේ සින්දු විතරද) අනික මචන්ලා බෑන්ඩ් එකක් කරන කොල්ලන්ට ඔය විදිහට කතා කරන්නේ ඇයි?
    බොටම් ලයින් එක මචන්ලා ඔය කෙනාට තමන්ගේ ෆැට් ඈස් එක නඩත්තු කරගන්න බැරුව වටේට කෑ ගහන්නැතුව තමන්ගේ පියාගෙන් උරුම උන දෙයක් තියනවානම් ඒක ඉදිරියට ගෙන ගියානම් ඉවරනේ
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~

    :):)
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අපේ රටේ හිටපු පුද්ගලයන්ගෙන් සෑම හදකම සදාකල්ම අමරණීය චරිත වෙලා තියෙන්නා අතේ ඇඟිලි ගනනටත් අඩු පුද්ගලයන් සන්ඛයාවක්..
    ඒ අතරිනුත් ජෝති විශේෂයි ,ඉදිරියෙන්ම ඉන්නවා..
    එදා පරපුර,අපි රස විඳිනවා වගේම අද උපදින දරුවනුත් අනිවාර්යෙන්ම ජෝති මහතාගෙ සින්දු බොහෝම ආසාවෙන් රසවිඳියි අනිවාර්යෙන්ම..
    ඒ වගේම සෑබෑ ලෙසම ජෝතිගේ සින්දුවක් රසවිඳින්න නම් එතුමාගේ හඩින්ම ගැයූ ගීත අපි රැකගන්න ඕනි

    තවත් සියවසක් එතුමාගේ ගීත රසවිඳින්නට අනාගත පරපුරට හැකි වේවා!!
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මෙතනදි මට හිතෙන්නේ මචන් ජෝතිගේ දුව අමතක කරන කාරනා ගොඩක් තියනවා.. අපි එල කිරි එකෙ යාලුවෝ විදිහට මේ දේ පිලිබදව විව්‍ර්තව කරන්න පුලුවන් කියලා මම හිතනවා.. ජෝති ගීත ගායනා කලේ ගොඩක් හුදී ජන ප්‍රසාදය වෙනුවෙන්.. ඒ කියන්නේ ඔහුගේ ඉලක්කය ( මම කියන්නේ බහුතරය) සමන්ය අපි වගේ හැමදාම ජීවත් වෙන්න මහන්සි උන අය (නොවන අය නැත්තේම නෑ) නමුත් ක්‍රිශ්නලා ඒරොප්පෙන් පාත් වෙලා කියනවා ඩැඩා? ( ඇයි එයාට අප්පච්චි හරි තාත්තා හරි කියන්න ලැජ්ජාද) කියපු සින්දු කොල්ලෝ කුරුට්ටෝ cd වලට ගහනවා කියලා( කොල්ලෝ කුරුට්ටෝ කියන්නේ එයාගේ සින්දු විතරද) අනික මචන්ලා බෑන්ඩ් එකක් කරන කොල්ලන්ට ඔය විදිහට කතා කරන්නේ ඇයි?
    බොටම් ලයින් එක මචන්ලා ඔය කෙනාට තමන්ගේ ෆැට් ඈස් එක නඩත්තු කරගන්න බැරුව වටේට කෑ ගහන්නැතුව තමන්ගේ පියාගෙන් උරුම උන දෙයක් තියනවානම් ඒක ඉදිරියට ගෙන ගියානම් ඉවරනේ

    machan eyala catholic persnly i knw da krishny akki so eyala ehama tama speaking style eka...

    super star surendra machan eya sing karanawa show wala laksa ganan walaata but jothi wenuwen tyena pinkamakam hamadama brthday & funeral day ekata ahinsaka miniissunta kama beeema adum arawa mewa labadena but superstrs ekkenekiwat enne ne hamaba karana salli walin ahinsaka manussayekita deyakk denna anna etanai week point eka..
    and other thing iz lirics wala rights ne sing karata eyalata & music rights ne so prashna tyenawa ekai hamotama one one widiyata cd relese karanna bery ..
     
    උබ දන්නවනේ මචන් මම පර්සනලි ජොතිට කැමතියි.. එයත් ගොඩක් 15%කටත් වැඩිය ගායනා කරන්නේ හින්දි සින්දු වල් තාල දාපු කොපි තමා.. නමුත් ජෝතිගේ පැත්තෙන් ගත්තාම ජෝති දැනන් හිටියා දත් තිස් දෙක වටේ තියන දිව වගේ ඒ සියල්ල කවර් කරගෙන ජනතාවට අවස්ය දේ දීලා හිනාවෙලා ඉන්න. මෙතන මම ඔය මිනිස්සු පුද්ගලිකව දන්නේත් නෑ අනික මට එයාලත් එක්ක තරහකුත් නෑ මම පොයින්ට් අවුට් කරන්නේ මචන් ජෝතිට තිබුන සමාජ දැනුම ක්‍රිශ්නාට නෑ ඒක නිසා එයා කතා කරන දේවල් තාර්කික නෑ කියන එක විතරයි... අනිත් අතට ජෝති වගේ ගායකයෙක් වෙනුවෙන් අපේ රටේ යමක් සිදුවිය යුතුයි තමයි... නමුත් ඔය ක්‍රිස්නා කියන විදිහට නෙවෙයි....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙතනදි මට හිතෙන්නේ මචන් ජෝතිගේ දුව අමතක කරන කාරනා ගොඩක් තියනවා.. අපි එල කිරි එකෙ යාලුවෝ විදිහට මේ දේ පිලිබදව විව්‍ර්තව කරන්න පුලුවන් කියලා මම හිතනවා.. ජෝති ගීත ගායනා කලේ ගොඩක් හුදී ජන ප්‍රසාදය වෙනුවෙන්.. ඒ කියන්නේ ඔහුගේ ඉලක්කය ( මම කියන්නේ බහුතරය) සමන්ය අපි වගේ හැමදාම ජීවත් වෙන්න මහන්සි උන අය (නොවන අය නැත්තේම නෑ) නමුත් ක්‍රිශ්නලා ඒරොප්පෙන් පාත් වෙලා කියනවා ඩැඩා? ( ඇයි එයාට අප්පච්චි හරි තාත්තා හරි කියන්න ලැජ්ජාද) කියපු සින්දු කොල්ලෝ කුරුට්ටෝ cd වලට ගහනවා කියලා( කොල්ලෝ කුරුට්ටෝ කියන්නේ එයාගේ සින්දු විතරද) අනික මචන්ලා බෑන්ඩ් එකක් කරන කොල්ලන්ට ඔය විදිහට කතා කරන්නේ ඇයි?
    බොටම් ලයින් එක මචන්ලා ඔය කෙනාට තමන්ගේ ෆැට් ඈස් එක නඩත්තු කරගන්න බැරුව වටේට කෑ ගහන්නැතුව තමන්ගේ පියාගෙන් උරුම උන දෙයක් තියනවානම් ඒක ඉදිරියට ගෙන ගියානම් ඉවරනේ

    well said
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    well said
    thanks migaa awankawa මම ජෝතිගේ දුවගෙන් ඔය වගේ බුර්ශුවා කතාවක් බලාපොරොත්තු උනේ නෑ ම්චන්
    adha dhawasama baanawaa... balanawaa