ජෝතිශ්‍යය හා ප්ලේන් එක

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ජෝතිශ්‍යය හා ප්ලේන් එක

    පසුගිය 8 වැනි දින අතුරුදහන්වූ මැලේසියානු ගුවන්යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවත් එහි සිටි සියල්ලන් මියගොස් ඇති බවත් මැලේසියානු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා ඊයේ සන්ධ්‍යාවේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් තහවුරු කළා.
    දකුණු ඉන්දියානු සාගරයේ සෝදිසි මෙහෙයුමේදී ඕස්ටේ‍්‍රලියාව හා චීනයට හමුවූ සාක්ෂි මත මෙම කරුණු පැහැදිලිවූ බව අගමැතිවරයා පැවසුවා. අගමැතිවරයා මෙම ප‍්‍රකාශය කළේ සෝදිසි මෙහෙයුම අවසන් නොවූ පසුබිමකදීය.



    ජිල්බුවාගේ කොමෙන්ට් එක

    ඉදිරියේදී බලාපොරොත්තු වන්න​.
    චන්දර් බන්ඩාර​,
    ඕක තමයි මම කීවේ හරි තොරතුරක් ලැබෙන්න දවස් 14 ක් යනවා කියල​. දවස් 14 පහුවෙද්දි මට දැනුනා මගේ ගුද රාශියෙන් වායු රාශිය මුක්තවීමක්.

    මඤ්ඤුල පීරිස්,
    මේක ඛේදාන්ථයක් බව සිද්ධිය වුන දවසෙ පටන් මම දැනගෙන හිටියා. මේවගේ දුක්ඛදායක ආරන්චියක් කොහොමද කියන්නෙ කියල හිතහිතා හිටියේ.

    සුමන අබෙගුණේ,
    මම මීට අවුරුදු ගානකට කලින්ම කියල තියෙනවා ඉදිරි කාලයක්දී ලෝකයේ කොහේහෝ අහස් තලය, මුහුද හෝ ගොඩබිම ආශ්‍රිතව යම්කිසි ඛේදවචකයක් වෙනබව​.

    ලෝඩ් ගා. ගා. (ල්තැන්නෙ මිණි),
    මට මේක දෙවියො කියල තිබුනෙ. මම ඒ ව්‍යසනයෙන් අපේ ශ්‍රී ලාංකිකයො ගලවලා දෙන්න කියල ඉල්ලපු නිසා තමයි අපේ අය කාටවත් කරදරයක් නූනෙ.