ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන (New Energy Vehicles - NEV) සැපයීම සඳහා ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමඟ සහයෝගීතාවයකට එළඹ තිබේ.
මෙම ව්‍යාපාරික සහයෝගීතාවය සඳහා ගිවිසුම් අත්සන් තැබීම චීනයේ Shenzhen හි BYD ගෝලීය මූලස්ථානයේදී සිදුකෙරුණු අතර ඒ සඳහා BYD ආසියා පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා එක්විය.
මෙම හවුල්කාරීත්වය හරහා ලොව උසස්ම තත්ත්වයේ NEV වාහන මාදිලි ශ්‍රී ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලාංකේය ජනතාවට ලොව ප්‍රමුඛතම NEV තාක්ෂණයන් සපිරි වාහන අත්දැකීමේ අවස්ථාව ලබා දීමට ඉඩ සලසන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසීය.

