ජෝන් සීනලාගේ කෙරුවාව
බදු බර හැම තැනම බඩු මිල හරි ඉහළයි
ඉන්ධන ලයිට් බිල් නෙක නෙක තැන ඔරවයි
යිෂන් හොර සුරා ලොතරැයි හරි සුලබයි
මහජන පොකට්ටුව සූරාගෙන සැනසෙයි
රන් බඩු උකසටම සින්නයි බොලන්නේ
නානල ඉඩකඩම් ටිකටත් විඳින්නේ
මහජනකාය අසරණ වී සිටින්නේ
ජීවත් වෙන්න බෑ මරුවැල් සොයන්නේ
අල්ලස් පගා දූෂන රජ කරන්නේ
බසයේ ගියත් රුපියලවත් නොදෙන්නේ
කහවණු සොය සොයා නටබුන් බිඳින්නේ
දියුණුව නැති රටක බොරුවයි රඟන්නේ
කෙලි කොලු පැටව් බෑ තනිමග යවන්නට
මව හෝ පියා යනවා පසු පසින් සිට
නිදහස තියෙනවලු හරියට කියන්නට
දූෂිත වී හමාරයි මගෙ දහම් රට
සීයට අටක වේගෙන් රට වැඩෙනවලූ
උඳු, මුං, කවුපි, රෙදි පිළි පිට රටින්මලූ
ඉදිකටු ඇල්පෙනෙති චීනෙන් එවනවලූ
ණය ආධාර පිටරටවල හිඟනවලූ
රට වැනසෙද්දි කට ඇරගෙන හලා සෙම
අවුරුදු ගණන් පච කෙළ කෙළ බලා බිම
මහජනතාව අන්දාගෙන ගොනාටම
දේශපාලුවෝ වැජඹෙති පිනාටම
බදු බර හැම තැනම බඩු මිල හරි ඉහළයි
ඉන්ධන ලයිට් බිල් නෙක නෙක තැන ඔරවයි
යිෂන් හොර සුරා ලොතරැයි හරි සුලබයි
මහජන පොකට්ටුව සූරාගෙන සැනසෙයි
රන් බඩු උකසටම සින්නයි බොලන්නේ
නානල ඉඩකඩම් ටිකටත් විඳින්නේ
මහජනකාය අසරණ වී සිටින්නේ
ජීවත් වෙන්න බෑ මරුවැල් සොයන්නේ
අල්ලස් පගා දූෂන රජ කරන්නේ
බසයේ ගියත් රුපියලවත් නොදෙන්නේ
කහවණු සොය සොයා නටබුන් බිඳින්නේ
දියුණුව නැති රටක බොරුවයි රඟන්නේ
කෙලි කොලු පැටව් බෑ තනිමග යවන්නට
මව හෝ පියා යනවා පසු පසින් සිට
නිදහස තියෙනවලු හරියට කියන්නට
දූෂිත වී හමාරයි මගෙ දහම් රට
සීයට අටක වේගෙන් රට වැඩෙනවලූ
උඳු, මුං, කවුපි, රෙදි පිළි පිට රටින්මලූ
ඉදිකටු ඇල්පෙනෙති චීනෙන් එවනවලූ
ණය ආධාර පිටරටවල හිඟනවලූ
රට වැනසෙද්දි කට ඇරගෙන හලා සෙම
අවුරුදු ගණන් පච කෙළ කෙළ බලා බිම
මහජනතාව අන්දාගෙන ගොනාටම
දේශපාලුවෝ වැජඹෙති පිනාටම







