ජෝර්දානයේ අපා දුක් විදින අපේ සේවිකාවෝ

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    ජෝර්දානයේ අපා දුක් විදින අපේ සේවිකාවෝ

    ජෝර්දානයේ අපා දුක් විදින අපේ සේවිකාවෝ


    ලෝක කම්කරු අයිතීන් පිලිබඳ සංවිධානය විසින් පසුගිය දා එලි කල වාර්තාවක් මගින් ශ්‍රීලංකා කාන්තාවන්ට ජෝර්දානයේදී විඳීමට සිදුව ඇති අතවර පිලිබඳ හෙළිදරව්වක් කොට තිබෙනවා.

    ජෝර්දානයේ කැලසික් ෆැෂන් ආයතනය විශාල ඇඟලුම් කම්හලක් වන අතර එමගින් ලෝ සුපතල ඇඟලුම් නාමයන් සඳහා රෙදි පිලි සපයනු ලැබේ.


    ශ්‍රීලාංකික කාන්තාවන් හට වධ හිංසා හා දුෂණය කරන්නේ ලාංකිකයෙකු වූ මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරී අනිල් ශාන්ත නම් පුද්ගලයෙකු හා ප්‍රියන්ත නම් පුද්ගලයන් විසිනුයි.


    prew_jordan.jpg


    5809492356_b46f86ae98_m.jpg



    රීලාංකික කාන්තාවන් කැලසික් ෆැෂන් ආයතනයේ සේවය කරන්නේ රුපියල් 45 000 ක් වූ තුන් අවරුදු එකඟතාවයක් මතය.

    එහිදී දිනකට පැය 13 ක් වැඩ කිරීමට ඔවුන්ට සිදුවන අතර ඇනවුම් බාර දීමට හදිසි වූ විට දිනකට පැය 18.5 වැඩ කිරීමට සිදුව ඇත.ඔවුන්ගේ පැයක වැටුප ඩොලර් 0.61 කි.

    මෙම අනිල් ශාන්ත නම් පුද්ගලයා සෑම සති අන්තයේම වැන් රථයක් මගින් ශ්‍රීලාංකික ඇඟලුම් සේවිකාවන් හෝටල් කාමරයකට ගෙනගොස් බලහත්කාරයෙන් ඔවුන් දුෂණය කරනු ලබයි.


    අනිල් ශාන්තට එරෙහිව 2010 ඔක්තෝබර් මස ශ්‍රීලාංකික ඇඟලුම් සේවිකාවන් හා ඉන්දියානු සේවිකාවන් 2400 කට අධික ප්‍රමාණයක් උද්ඝෝෂණය කල අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔහු එම තනතුරෙන් ඉවත් කලද මාස කිහිපයකට පසුව ඔහු නැවතත් සේවයට පැමිණ ඇත.


    එහි වැඩකරන ශ්‍රී ලාංකික කාන්තාවන් දක්වන අදහස් .



    21 හැවිරිදි ලතා

    "එක දවසක් අනිල් මට කිව්වා එයාව ඇවිත් මුණගැහෙන්න කියලා.මේ බව කාටවත් කියන්න එපා කියලත් කිව්වා.එයාගේ ඔෆිස් එකේදී එයාගේ උවමනාවන් සියල්ල මගෙන් සපුරාගත්තා.මම හරිම අසරණ උනා ඒ වෙලාවේ.


    අනිල් ඇඟලුම් හලේ ඉහල නිලයක් දරන හින්ද එයට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න අපට විදියක් නෑ.ඔහු මට සිදුකල දේවල් ඉතාම පිළිකුල් සහගතයි.මේ දේට ගොදුරු වුනේ මම විතරක් නෙවෙයි.ඔහු අපේ පියාගේ පමණ වයසක පසුවන්නෙක්.


    කව්රුහරි ලස්සන කාන්තාවක් සේවයට ආවම ඔහුගෙන් ගැලවීමක් නෑ.එයාගේ ඔෆිස් එකට ගෙනැල්ලා එයාට ඕන දේවල් කරගන්නවා.මෙයාගේ අතවර වලින් පස්සේ ලංකාවට අපු කාන්තාවන්ගේ ලොග් සටහන් ,පොලිස් සටහන් ටික හොඳටම ප්‍රමාණවත් මෙයාට විරුද්ධව නඩු දාන්න."

    kamala-priyantha.jpg



    "මාව ප්‍රියන්ත විනාශ කළා.මගේ ඇඟ හැම තැනම වේදනාවයි.මගේ ඇඟ හැම තැනම දත් පාරවල්.මට ආපහු ලංකාවට යන්නත් බෑ.අපි හරිම දුප්පත්.මම කොහමද මගේ දෙමව්පියන්ට මුහුණ දෙන්නේ.ප්‍රියන්ත නිසා මම දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා." (ප්‍රියන්ත යනු තත්ව පරීක්ෂණ නිලධාරියෙකි)

    23 හැවිරිදි කාන්ති

    "මාව දුෂණය වුන මෙහි සිටින අනිත් අය වගේම.ඒ උනාට අපි ඒ පිළිබඳව කතා කරන්න බයයි.අපි යාලුවෝ අතරේවත් එවැනි සිදුවීම් ගැන කතා කරන්නේ නෑ."

    පසුගිය ජනවාරි පළමුවනදා අනිල් අතින් දුෂණය වූ 21 හැවිරිදි ගැබිනියක් වූ සෝමා අනිල්ගේ වධ හිංසා නිසා මියගොස් ඇත.


    ජෝර්දානය මගින් හෝ ලංකාවේ රජය මගින් මෙයට නිසි මැදිහත්වීමක් සිදු නොවී ඇති අතර එහි වැඩ කරන ශ්‍රීලාංකික සේවකයින් ගේ එකම ඉල්ලීම අනිල් ව ලංකාවට පිටුවහල් කරන ලෙසයි.


    ලාංකික ඇඟලුම් සේවිකාවන් හට තර්ජනය කොට ඇති නිසා ඔවුන් මේ පිලිබඳව චෝදනා කිරීමට බියෙන් සිටින අතර මේ පිළිබඳව සොයා බලා කඩිනම් තීරණයක් ගැනීම වග කිවයුතු පාර්ශවයන්ගේ යුතුකම වේ.


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Source : http://www.gossip9.com/2011/06/blog-post_4670.html
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වල් බල්ලෝ නේ මුං...............
    මුංට අම්මලා, සහෝදරියෝ නැද්ද දන්නේ නැහැ................
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වල් බල්ලෝ නේ මුං...............
    මුංට අම්මලා, සහෝදරියෝ නැද්ද දන්නේ නැහැ................


    දවසකට මූගෙ ගෑනිට වෙච්ච දවසකට තෙරෙයි...:growl::growl::growl:මූව එල්ලන්න ඕනි නැත්තම ගල් ගහලා මරන්න ඕනි...

    කෙල්ලනටත් මේ රූල් එකම තමයි...:growl::growl::frown::frown:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    sira comment ekak dekka...

    . රට ගිඉහින් ඉන්න අම්මල,අක්කල,නංගිලා මේ දේවල් හංගල ඉන්නවා ඇති. කෝ ඉතින් ලංකාවේ මුන් වගේ එවුන්ට දඩුවම් නැහැනේ.
    ලංකාවට අවම මුගේ ලිංගය කපල දන්නා ඕන.නැත්තම් මෙහෙ ගැනුන්ටත් ඉන්න බැරි වෙයි
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වල් බල්ලෝ නේ මුං...............
    මුංට අම්මලා, සහෝදරියෝ නැද්ද දන්නේ නැහැ................

    සිරාවටම හෙනම බල්ලෙක් :angry:
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    මේ කේස් එක රන්ජන්ට් දෙන්න ඔනි..............
     

    Similar threads